🌿59 හමුව🌿

4.4K 442 942
                                    

"හරි....ඒක එහෙමයි කියමු...මගේ අයියා ඒකිගේ දැලට අහුවුනේ කොහොමද කියන්න......"

ෂදිල් රෙහාන්ගේ ඔළුව උඩින් එයාගේ ඔළුව තියාගෙන ඉන්නේ...රෙහානුත් ෂදිල්ගේ අතකින් අල්ලගත්තා....

සමහර දේවල් තියෙනවා ඒවා කතා කරන්න ශක්තිය අවශ්‍යයි...ඊටත් වඩා ශක්තියක් අවශ්‍යයි අහන් ඉන්න කෙනාට.....

ෂදිල් ඇහුවේ රෙහාන්ගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයක්....පහුකාලීනව ආපු ප්‍රශ්න ගොඩකටම උත්තර තියෙන්නේ ඒ ප්‍රශ්නෙට තියෙන උත්තරේ ඇතුලේ වෙන්නත් හැකියි....

"ඒකි දැලක් එලුවද මන් අහුවුනාද කියලා මට අදටත් තේරෙන්නේ නෑ දිල් මැණික....පට්ට බැල්ලි!!..මගේ වැරැද්දක් ඒක....මට අදටත් මට සමාව දීගන්න බෑ මගේ වස්තූ......"

කතාව පටන් ගන්නත් කලින්ම රෙහාන්ට හුඟාක් තරහා ගියා....ඒත් ෂදිල් රෙහාන්ගේ කොන්ඩේ අස්සෙන් ඇඟිලි යවමින් හිස පිරිමැද්දා එයාව සන්සුන් කරන්න...

"තරහා ගන්නෙපා අයියේ!...දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි...ඔයා තව කේන්ති ගත්තාම ඒකෙන් නරකක් වෙන්නේ ඔයාටමයි.....ම්ම්ම්..එහෙම නේද?.....හෙමීට කියන්නකෝ....අපිට කාලේ තියෙනවා මේ ගැන කතා කරන්න...නිදහසේ....."

කවුන්සලර් කියපු විදියටම ෂදිල් රෙහාන්ව සන්සුන් කරන්න හීන් හඬින් තෙපලුවාට එයාගේ හිත ඇතුලෙත් එකම යුද්ධයක් වෙන්න පටන් ගත්තා....

"හ්ම්ම්.....ඔව් මැරිච්ච එකීව ආයේ මරන්න බෑනේ.....ඒකි මට ඔයා ලියපු ලියුම එයා ලියපු එකක් විදියට ගෙනත් දුන්නා...එවෙලේ මන් සමර් හට් එකක තනියම හිටියේ........මන් තඹේකට ඒකිව එදා ගණන් ගත්තේ නෑ....හැබැයි එදා ඉඳන් තමා හැමදේම උඩුයටිකුරු වෙන්න පටන් ගත්තේ...."

ෂදිල්ටත් මතක් වුනා අයෝධ්‍යා ඒ ලියුම රෙහාන්ට දෙන්න ගිය දවස....ඒ දවස හොඳට මතකයි....

එදා කොල්ලා සතුටු වුනා ගොඩාක් අයෝධ්‍යා එයා වෙනුවෙන් එයාගේ ආදරේ දිනලා දෙන්න ලියුම අරන් රෙහාන් ගාවට යද්දී.......

කවුද හිතුවේ ඒ ගමනින් කොල්ලාට ලැබෙන්න ගිය ආදරේ අවුරුදු ගානකින් පස්සට යාවී කියලා.....

හැබැයි ඒකේ එයාගේ නම වෙනුවට අයෝධ්‍යාගේ නම ලියවෙයි කියලාවත් ඒ ලියමන දෙන ගමන් එයා රෙහාන්ට ආදරේ කියයි කියලාවත් කොල්ලා හීනෙන්වත් අනුමාන කලේ නෑ.....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now