🌿04 හමුව🌿

5.9K 783 531
                                    

එදා රෙහාන් එක්ක වුන කතාබහෙන් පස්සේ ෂදිල්ට වෙනදා නැති තරම්ම හිත ඇදුම්කන ගතියක් ආවා...ඇයි රෙහාන් මෙච්චර නපුරු හේතුවක් තිබුනත්...රෙහාන් එක්ක කවදාවත් හරි හමන් විවාහ ජීවිතයක් තමන්ට උරුමවෙන එකක්ම නැද්ද කියලා කොල්ලා කල්පනා කලා...

දික්කසාදය විකල්පයක් කියලා කෙනෙක්ට හිතුනත් ෂදිල්ට ඒක විසඳුමක් නෙවේ....ඒක සාධාරණීකරණය හේතු එයාගේ හිත ඇතුලෙම පැල පදියම් වෙලා...එයා අගුළු දාලා ඒ හේතුවලට.....

රෙහාන් එයාට බැන්නට ගැහුවේ නෑ..පීඩා කලේ නෑ කියලා කොල්ලා හිත සනසගන්න උත්සාහ කලා...පුතා වෙනුවෙන් වියදම් කරනවා රෙහාන්...පුතාට ගෙදර ඉන්න ඉඩ දීලා තියෙනවා එයා...දෙන්නටම අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා...එහෙම නොකර ඉන්නත් තිබ්බා රෙහාන්ට එයා ෂදිල්ට වෛර කරනවානම්....නමුත් රෙහාන් එහෙම නෑනේ....පොඩ්ඩක් හරි එයා හිතනවා ඇති...පොඩ්ඩක්...බොහොම පොඩ්ඩක්..හැමදෙයක්ම වපර ඇහින් බලන්නත් හොඳ නැහැ කියලා කතාවක් තියෙනවනේ......

මේ ඔක්කොම ෂදිල් රෙහාන්ව සාධාරණීයකරනය කරගන්න දවසින් දවස ඇද වැටෙන තමන්ගේ හිත හදාගන්න හිතපුවා...උඩ හිත මොන වගේ බොරු හේතු හදාගත්තත් යටි හිත ඇත්ත දන්නවා....ෂදිල්ට ඒක මඟ ඇරිලා...

ඒ ගැන කල්පනා කරන්න පුළුවන් දවස් ගණන් පැය ගණන්...ඒත් ඒවාට උත්තර කියලා නාමයක් ලැබෙන්නේ නැහැ....හිත රිදිලා කඳුලු වැටිලා ජීවිතෙත් එක්ක එපා වෙන එකයි වෙන්නේ....

තවත් සාමාන්‍ය සඳුදා දවසක් ෂදිල්ට උදා වුනේ නීරස සති අන්තයක් අවසානේ...වීකෙන්ඩ් එක ෂදිල් පුතා එක්කම ගත කලා තනියම ගෙදර...රෙහාන් වීකෙන්ඩ් එකේම ගෙදර හිටියේ නෑ...ෂදිල් ඇහැරෙන්නත් කලින් කොහේහරි දවස් දෙකේම ගිහින් හිටපු රෙහාන් ආපහු ගෙදරට ගොඩවුනේ මහ රෑ දෙගොඩ ජාමේ...

ඔෆිස් වැඩකට එයා ගියාද එහෙමත් නැත්තම් එයා වෙන සම්බන්ධයක්වත් ඇති කරගෙනද කියන එක ෂදිල්ට නොහිතුනාමත් නෙවේ...

අද කාලේ කියන්නේ ආදරෙන් හිටපු දෙන්නෙක් අතරට පවා පිටස්තර තුන්වෙනියෙක්ට ඇතුල් වෙන්න පුළුවන් අමුතු කාලයක් නිසා මුල ඉඳන්ම ඈත්වෙලා ඉන්න ෂදිල් රෙහාන් අතරට තව කෙනෙක් එන්න බැරි නෑ කියලා ෂදිල්ට හිතුන අවස්ථා එමටයි...හිස් තැන් ගොඩක් තියෙන සම්බන්ධයක් වෙන කෙනෙක්ට පුරවන්න ලේසියි.....

සිධාරණ්‍ය (Ongoing)Où les histoires vivent. Découvrez maintenant