නෙතිල් වියවුල් වෙලා රෙහාන්ගේ කැබින් එකෙන් එලියට බහිනකොටම තමා කැෆේ එකෙන් දොඩම් බීම එකක් විතරක්ම බීපු ෂදිලුත් එලියට බැස්සේ...අයියා මලෝ දෙන්නාටම රට පැටලුනා...හිත අවුල් වුනා...නැති ප්‍රශ්න පත්තරයක් ඇති වුනා.....
කපිලත් එක්ක පුතාව ගන්න මහගෙදරට යන ටිකට එයා කල්පනා ලෝකෙට වැටුනේ හීනෙන්වත් නොහිතපු දේවල් යශෝධරාගේ මුවින් පිටවුන නිසා....ඒවා තවමත් හීන වගේ....
මිනිස්සු ආශ්‍රය කරන එක සෑහෙන්න පහසු වෙන්න තිබුනා මෙයා හොඳම හොඳයි මෙයා නරකයි කියලා පහසු වර්ගීකරණයකට යන්න හැකි වුනානම්....මතුපිටින් පේන කෙනා නෙමේ ඒ ඇතුලතින් ඉන්නේ....
යශෝධරාගේ පහුගිය කාලේ අපබ්‍රසංස හැසිරීම නිසා ෂදිල්ට ඇතිවුනේ කලකිරීමක් වගේම තරහක්....එයාට ඊට වඩා ප්‍රශ්න තිබ්බ නිසා එයාට යශෝධරාගේ හැසිරීම් තෝර බේරගන්න වෙලාවක්වත් උනන්දුවක්වත් තිබුනේ නෑ....
අද යශෝධරාව කැෆේ එකේ මුණ ගැහුනු වෙලාවට ෂදිල්ගේ මතකය ආයෙම දිව ගියේ මෙතුවක් දවස් හිටියාට වඩා වෙනස් දුර්වල යශෝධරා කෙනෙක් එයා ඉස්සරහ වාඩිවෙලා හිටපු නිසා...මොන විච්චූර්ණ වලින් හැඩවෙලා ඇවිත් හිටියත් යශෝධරා කතා කලේ සංවේදීව....
එයා දිග හැරියේ ෂදිල් දන්න කතාවක නොදන්නා පැත්තක්....තව පැති කීයක් ඒ කතාවට තියෙනවද දන්නේ නෑ එයා....
යශෝධරා කිව්වේ එයා අයෝධ්‍යාට ආදරේ කල වගක්...ආදර කතා ගොඩක් අස්සේ සැඟවිලාම ගිය කතාවක්...පටන් ගන්න කලින් අහවර වුන යශෝධරා හැර වෙන කවුරුත් නොදැන හිටපු ඒකපාර්ශවීය ප්‍රේමයක්....
"ෂදිල්...ඔයාට පුදුම ඇති නේද මන් අයෝධ්‍යාට ආදරේ කලා කිව්වම..කෙල්ලෙක් ගැන ආදරයක් හිතුන එක මට නම් පුදුමයක් නෙමේ......අවුරුදු දාසයේ ඉඳලම මන් තේරුම් ගත්තා මගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ පස්සේ යනකොට මගේ හිත පිරිමි ලමයි ගාව නැවතුනේ නැත්තේ ඇයි කියලා...ගෑණූ ලමයින්ගේ ලස්සන ඕනවටත් වඩා මට පේන්න ගන්නකොට ආකර්ශනීය කෙල්ලෝ ගාව මගේ හිත වේගෙන් ගැහෙනකොට මන් තේරුම් ගත්තා මගේ කැමැත්ත තියෙන්නේ කෙල්ලන්ට කියලා...ඒත් ඔයා දන්නවනේ අපේ සාම්ප්‍රදායික පවුල්වල එහෙම සම්බන්ධකම් වලට තැනක් නෑ කියලා...කොල්ලෙක්ට කොල්ලෙක්ව කසාද බඳින්න පුළුවන් වුනෙත් මේ අද ඊයේ...ඒ ගැනත් තාම මිනිස්සු බලන්නේ වපර ඇහින්...කෙල්ලෝ කෙල්ලෝ කසාද බඳින එක තියා ප්‍රසිද්ධියේ ලව් කරන එකත් හීනයක්...."
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing