🌿63 හමුව🌿

732 152 238
                                    

ෂදිල් පුටු ඇඳි තදින් අල්ලගෙන හිත ඇතුලේ නැගෙන හැඟීම් එකක්වත් වචන කරගන්න බැරුව ලතවුනේ රෙහාන් අතෑරපු බෝම්බය අනපේක්ෂිත වුන නිසයි.....

අහස්න ඊගල්ස් කල්ලියේ නායකයාලු...ඒක මොන විකාර විහිළුවක්ද කියලා ෂදිල්ට හිතුනේ අහස්න හැසිරෙන විදියට එහෙම දෙයක් උපකල්පනය කරන්න බැරිම නිසයි.....

කවදාවත් රෙහාන් වගේ පෞරුෂයක් නායකත්ව ලක්ෂණ අහස්නගෙන් එලියට ඇවිත් නෑ......ඉතින් ෂදිල් කොහොම අදහගන්නද?....

හැමදාම ලඟින් හිටපු අය තමා තමන්ට ලොකුම රැවටීම් කලේ කියන අත්දැකීම තිබුනා වුනත් ෂදිල්ට මොන හේතුවක් නිසාවත් අහස්න ප්‍රධාන වැරදිකාරයෙක් කියලා පෙනිලා නෑ මෙතෙක්කල්...

එයා උපකල්පනය කලා අහස්න මේ ප්‍රශ්න වල කොනකට කොහොමහරි ගෑවිලා ඇති කියලා නම්.....

අදත් එයා වැරදියි...ලඟින්ම හිටපු කෙනෙක්ව එයාට අඳුරගන්න බැරිවෙලා.....කවදාවත්ම මිනිස්සු හරියට අඳුනගන්න ෂදිල්ට බැරිවෙයිද මේ විදියට ගියොත්?.....

ෂදිල් තක්බීර් වෙලා කල්පනාවට වැටෙද්දී රෙහාන් ස්පීකර් ඔන් කරලා මේසේ උඩ තිබ්බ ෆෝන් එකට ආන්සර් කලේ එයා බලාපොරොත්තු වුන කෙනා නම් නෙමේ...

"හෙලෝ රෙහාන් බොස්...හදිසියක්ද?...මන් පොඩි මිෂන් එකකට එලියට ඇවිත් ඉන්නේ...තව පැයකින් හමාරකින් මන් කෝල් කරන්නද?....."

උත්තර දුන්නේ ෂදිල්ට නුහුරු කෙනෙකුත් නෙමේ.....ඒ වෙන කවුරුත් නෙමේ ෂදිල්ගේ අපරාධ පරීක්ෂක මිත්‍රයා වුන දේශාන්....දැන් ටිකකට කලින් ෂදිල් මතක් කලෙත් එයාව.....ආයුෂ වැඩියි වගේ......

"ඕකේ....ඉට්ස් නොට් අර්ජන්ට්!....මන් පස්සේ ගන්නම්..."

රෙහාන් කෝල් එක කට් කරනකොටත් ෂදිල් හිටියේ වෙන දෙයක් හිතාගන්න බැරුව.....

"දිල් ඇයි පුදුමෙන් බලන්නේ?....CID ඔෆිසර් දේශාන්ව මන් දන්නවා කියලා ඔයා දන්නේ අද නෙමේනේ...මන් කිව්වනේ කලින්ම එයා මගේ දැනුවත්කම උඩයි ඔයා එක්ක ඩීල් කලේ කියලා....මන් එයාට කෝල් කලේ මේ ගැන හොඳටම එක්ස්ප්ලේන් කරන්න පුළුවන් කෙනා එයා නිසයි....එයා බිසී නිසා එයා එක්ක පස්සේ කතා කරමු...."

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: 8 hours ago ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

සිධාරණ්‍ය (Ongoing)Donde viven las historias. Descúbrelo ahora