🌿33 හමුව🌿

4.7K 666 564
                                    

ෂදිල්ගේ ලෝකය එකපාරටම නැවතුනා වගේ වුනා එයාට ආපු කෝල් එකත් එක්කම...හොඳ සිහියට ආපු ෂදිල් අතින් ගිලිහිලා වැටුන ෆෝන් එක අරන් ආයෙම කනට තියාගත්තේ වෙව්ලන අතින්....

එයා මැඩම්ගෙන් පුතාව ඇඩ්මිට් කරපු හොස්පිටල් එකේ විස්තර අහගෙන කෝල් එක කට් කලේ හීනෙන් වගේ....නර්සරි එකේ මැඩම් කියපු විදියට අරාෂ්ගේ නහයෙන් ලේ ගිහින් එයාව ෆේන්ට් වෙලා තියෙනවා හදිසියේම..පුතාට පොඩිම හරි අසනීපයක් වුනොත් ගොඩක් කලබල වෙන කෙනෙක් තමා ෂදිල්...එයාගේ කලබලවීම වෙලාවකට නම් ඕනාවටත් වඩා වැඩී.....

කිසිම ලෙඩක් නොතිබ්බ දරුවාට එහෙම වුනේ කොහොමද කියලා ෂදිල් කල්පනා කලා....ඒ එක්කම වගේ ෂදිල්ට මතක් වුනේ කාලෙකට කලින් අයෝධ්‍යාත් මෙහෙමම නහයෙන් ලේ දාගෙන ෆේන්ට් වුන සිද්දිය...

ඒක නිසා ෂදිල්ගේ හිත තවත් ගැස්සුනේ කොච්චර කොහොම එයාගේ හිත ප්‍රතික්ෂේප කලත් අරාෂ් කියන්නේ අයෝධ්‍යාගේ ලේ කියන ඇත්ත වෙනස් කරන්න බැරි නිසයි.....

බැරිවෙලාවත් අරාෂ්ටත් අයෝධ්‍යා වගේම.....එහෙම වෙන්න බෑ කියලා ඔළුව දෙපසට හොලව ගත්ත ෂදිල් බයෙන් දුකෙන් ඊලඟට කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරිව ලතැවුනා....

ෂදිල් විනාඩියක් විතර නලල දෙපැත්ත මිරිකගෙන ඇස් දෙක පියාගෙන පුටුවේ හෙඩ් රෙස්ට් එකට හේත්තු වුනේ දැනුන කම්පනය නිසාමයි...එයාව වෙව්ලනවා වගේ....එයාගේ ඇස්වලින් කඳුලු ගලන් ගියා.....

තුහිනගේ ඇඩ් එක නිසා අද ඔෆිස් එකම කලබල වෙලා තිබ්බා....නමුත් ෂදිල්ගේ හිත ඇතුලේ ඇතිවුනේ වෙනම කලබගෑණියක්....

එයාට හිතාගන්න බැරි වුනා එයා කොහොමද වීල් චෙයාර් එකට වෙව්ලන අත්වලින් මාරු වෙලා රෙහාන්ගේ කැබින් එකට යාගත්තේ කියලා....

රෙහාන් හිටියේ හතර පස් දෙනෙක් එක්ක බරපතල මීටිමක....හැමදාමත් දොරට තට්ටු කරලා අවසර අරන් ඇතුලට යන්න කොල්ලා කඩාගෙන බිඳගෙන රෙහාන්ගේ කැබින් එක ඇතුලට ගියාම නම් රෙහාන් අප්‍රසාදයෙන් දොර දිහා බැලුවා...

මොන ජගතෙක් වුනත් කලින් දන්වන්නේ නැතුව තමන්ගේ මීටින් කඩාකප්පල් කරනවට රෙහාන් කැමතිම නෑ...ඒ කෙනා ෂදිල් වුනත් රෙහාන් ඒ ගති රුස්සන්නේ නැහැ......

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now