🌿61 හමුව🌿

4.1K 461 1K
                                    

ෂදිල් රෙහාන් දෙන්නා ගෙට ගොඩවෙනකොටම එක යුද්ධයක් මහගෙදර ඇතුලේ.....

මහාභාරතයට හපන් එකක් රෙහාන්ගේ පණිවිඩේ නිසා ඇතිවෙලා.....ඒක රෙහාන් බලාපොරොත්තුම වුන එකක්.....

මේධා සාලේ පුටුවක වාඩිවෙලා හිස නමාගෙන ඔසරි පොටෙන් කඳුලු පිහ පිහ අඬනවා වැලැහින්නක් වගේ.....එයාට දැනෙන දුක දරාගන්න අමාරුයි.....

ධවල දෑලබණ්ඩාරගේ වෙනදා තියෙන තේජස අඩාල වෙලා...එයාත් පුටුවක ඉඳගෙන බලාගත්ත අත බලාගෙන ඉන්නවා පරාජිත බැල්මකින්....එයා නිහඬයි......

එයාගේ නිහඬතාවය මේධාගේ හිත් වේදනාව දෙගුණ තෙගුණ කලා....එයා බලාපොරොත්තු වුනේ ධවල ඒ හැම චෝදනාවක්ම ප්‍රතික්ෂේප කරයි කියලා.....

"අම්මා...අප්පච්චි....ඔන්න අපි නෑගම් ආවා....හිස් අතින් හැබැයි...රන්මැණිකාට කියලා උණු උණු තේකක් බොන්නත් හිතයි මට...චෑම්ප්ට බිස්කට් ඕනද?....ම්ම්ම්.....රසම රස ඒවා......"

අම්මාගේ ශෝකාලාපය ගානකටවත් ගන්නේ නැතුව රෙහාන් කිව්වේ අරාෂ්ව බිමට බස්සන ගමන්......

පොඩ්ඩාත් හිනාවෙවී පිස්සුවෙන් වගේ ඔළුව වැනුවේ මෙහෙට ආවාම එයාට කන්න ලැබෙන රවුම් බිස්කට්වල රස මතක් කරගන්න ගමන්......

රෙහාන් හිනාවෙලා පොඩ්ඩාගේ කොන්ඩේ අවුල් කලා...ධවල රෙහාන් දිහා තියුණු විදිහට බැලුවේ මේධා රෙහාන් තියා ෂදිල් දිහාවත් හිස ඔසවලා නොබලද්දි.....

වෙනදාට මේ ගෙදරට පුතා අඩිය තියනකොට සතුටින් දුවගෙන යන මේධා අද හඬා වැටෙනවා විතරයි......

රෙහාන්ට නම් සුපුරුදු පිලිගැනීම නැති එක ලොකු අඩුවකුත් නෙමේ....අම්මා අප්පච්චිට වඩා එයාට දැන් වටින්නේ අරාෂ්ව හැදූ අම්මා...ඒ වෙන කවුරුත් නෙමේ ෂදිල්.....

මොනාද මේ වෙලාවේ කියන්නේ කියලා හිතාගන්න බැරුව ෂදිල් කොල්ලා රෙහාන් දිහා බැලුවේ මෙච්චර අවුලක් ගෙදර තියෙන වෙලෙත් එයා කොහොමද ගාණක් නැතුව තේ බොන්න ලෑස්ති වෙන්නේ කියලා අහන්න වගේ.....

රෙහාන් හරි බරි ගැහිලා සෝෆාවෙන් වාඩිවුනේ අතක් පුටු ඇන්ද දිගේ යවන ගමන්....එයාගේ මූණේ තිබුනේ ජයග්‍රාහී හිනාවක්......

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now