🌿43 හමුව🌿

3.8K 520 530
                                    

අයෝධ්‍යාගේ වචන නිසා විමතියෙන් විමතියට පත් වුන රෙහාන් කෙල්ල කියපු එක වචනයක්වත් විශ්වාස කලේ නෑ....

ෂදිල් නිතරම ගැවසෙන්නේ අහස්නයි අයෝධ්‍යායි එක්කම නිසා රෙහාන්ට පුදුම හිතුනා කොල්ලගේ හොඳම යාළුවා එකපාරටම අහසින් කඩා පාත්වෙලා මෙහෙම කියනකොට.......

රෙහාන් කියන්නේ බොලඳ කොල්ලෙක් නෙමේ...කැම්පස් එන්න ඉස්සර පවා එක එක තරාතිරමේ කොල්ලන්ව ආශ්‍රය කරලා තියෙන කෙනෙක් එයා...ෂදිල් වගේ සමාජයට කුලෑටි කෙනෙක් නෙමේ රෙහාන්....ඒ හින්දා අයෝධ්‍යා කියපු ගමන් විශ්වාස කරන්න එයා හදිසි වුනේ නෑ හිත ගැස්සුනත්.....

"මොකක්ද තමුන් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ සූකිරි?...එයාට ඔයා එක්ක මන් ගැන ඔට්ටු දාන්න තරම් මොලේ අමාරුවක් ඇතියි කියලා මන් හිතන්නේ නෑ...අමල්බිසෝ මට ලයින් දාගෙන ඇවිත් පච වෙලා නෑ..හොඳ කොල්ලෙක්...ඉතින් මන් කොහොමද ඔය මැතිණිය කියන දේවල් විශ්වාස කරන්නේ?...මගේ කාලේ කන්නෙපා බන්...."

රෙහාන් සරදම් ස්වරයකින් කියපු වචන කෙල්ලගේ හිත රිද්දුවා...කරන්නේ වැරැද්දක් කියලා දැන දැනම ඒක කරනකොට හිතට එකඟ නැතුව වරදකාරී හැඟීමකින්ම ඉන්නකොට ඒක මහ අපහසුවක්...

නමුත් අයෝධ්‍යා සෙල්ලම පටන් අරන් ඉන්න නිසා එයාට හැරෙන්න බැහැ දැන්....ඒ නිසා එයා ක්‍රීඩාවේ ඉදිරියට පය තැබුවා.....බොරුවෙන් පටන් ගන්න දේවල් බොරුවෙන්ම ඉවර කරන්න සිද්ද වෙනවා....

"මන් කිව්වනේ අයියේ ඔයාට මමම ඒක ඔප්පු කරලා පෙන්නනවා කියලා....එතකොට ඔයාට මගේ වචන පිලිගන්නම වෙනවා කැමැත්තෙන් වුනත් අකමැත්තෙන් වුනත්...ලඟම ඉන්න යාළුවා ගැන හොඳම යාළුවාට වඩා දන්නේ කවුද?...අහස්නටත් වඩා ෂදිල් ගැන දන්නේ මම.....ෂදිල් ගැන දැන් හරි ඇත්ත ඔයා දැනගන්නම ඕන....ඒකයි මන් කිව්වේ ඔයා එයාට තව දුරටත් රැවටෙන්න කලින්...."

අයෝධ්‍යා රෙහාන් එයා කියන දේවල් පිලිගන්න මැලිවෙයි කියලා හුගාක් කලබල වුනා...දැන් එයාට කියපුවා බොරුයි කියලා රෙහාන්ට කියන්නත් බෑ....කියන්න හිතුනෙත් නෑ....රෙහාන්ගේ ඩෝන්ට් කෙයාර් හැසිරීමට කෙල්ලගේ හිත ඇදිලා ගියා....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now