අහස්නගේ බඳට හේත්තු වෙලා ඉන්න ෂදිල් දිහා කෝපාන්විතව බලා හිටපු රෙහාන් බිබී හිටිය වයින් වීදුරුව තදින් අල්ලගෙන ආයෙම වෙනතක් බලාගත්තේ හිත ඇතුලේ ෂදිල් නිසා වරින් වර නැඟෙන කුණාටුවට හේතු කාරණා හිතාගන්න බැරුව....
අහස්නගේ සැනසුම් වදන් හමුවේ ෂදිල් ටිකක් සන්සුන් වුනා....ෂදිල්ට මැරෙන්න හිතුන අවස්ථා එමටයි...ඒත් එයාට ඒ තීරණය ගන්න හිත හයියක් නොතිබුනේ පුතා නිසා...පුතා නැත්තම් ෂදිල් කියලා කෙනෙක් බොහෝවිට අද ජීවත් නොවෙන්න තිබ්බා....
ඇඩ් ලෝන්ච් එකත් පටන් ගත්තා...ස්ටේජ් එක මැද සුපිරි ප්‍රසන්ටේශන් එකක් කරපු රෙහාන්ට ලැබුනේ මහඟු ප්‍රතිචාරයක්...ඇවිල්ලා හිටපු අමුත්තෝ හුඟාක් ආඩම්බරෙන් රෙහාන් ගැන කතා කරනකොට ෂදිල්ගේ හිත් කොනකත් ආඩම්බරයක් ඇතිවුනා..ඉස්සර වගේම රෙහාන් අදත් දක්ෂයි....වයසින් මුහුකුරා යනකොට එයාගේ දස්කම් වැඩිවෙලා...
සැමියෙක් හැටියටම නොවුනත් එකම ආයතනයේ වැඩ කරන දෙන්නෙක් විදියට එයාට සතුටු වෙන්න පුළුවන් නේදත් කියලා ෂදිල් කල්පනා කලා...දුක වැඩි ජීවිතේ පොඩි සතුටක් පවා හොයන්න ෂදිල් පුරුදු වෙලා හිටියා.....
අහස්න ගාවින් නොසෙල්වී යශෝධරා හිටියේ විටින් විට ෂදිල්ට ඇස්වලින් යම් යම් කෝප ගැන්වුන ඉඟි බිඟි පාමින්...අහස්නට ඒවා මඟ ඇරුනත් අහස්නලා එක්ක එක මේසේ හිටපු ෂදිල්ට නම් ඒවා මඟ ඇරුනේ නෑ....එයා දන්නවා යශෝධරා එයාට වෛර කරන වග...වෛරයට එහා හැඟීමක් මිස මෙහා හැඟීමක් නෙවේ ඒක...
ෂදිල් හිත ඇතුලෙන් එයාටම ඔච්චම් කරගත්තා...යශෝධරා තියා තමන්ට නපුරුකම් කරපු කාටවත් වෛර කරන්න බැරි එක ගැන එයාටම දොස් පවරගත්තා....යශෝධරාට රවන්නවත් ෂදිල්ට හිතුනේ නෑ...ඒ බැරිකම නෙවේ...එහෙම කරලා ලැබෙන දෙයක් නැති නිසා.....
ලෝන්ච් එක වෙනුවෙන් කතාවක් පවත්වපු රෙහාන්ගේ වචන හිත් ඇදගන්නා පෙනුම ෂදිල්ගේ හිත හෙලෙව්වා...එතකොටම ඇස්වල කඳුලු පුරෝගත්ත කොල්ලා අත්පොලසන් රැව් පිලිරැව් දෙන ශාලාව දිහා බලාගෙන ලස්සන හිනාවක් දුන්නු රෙහාන් දිහාම බලන් හිටියේ පුදුමාකාර සතුටකින් වගේම හිතේ කොනක තැන්පත් වුන ලොකු වේදනාවකින්.....
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing