🌿24 හමුව🌿

7.3K 823 1.3K
                                    

ෂදිල්ගේ පපුව ගැහෙන්න වුනේ මහා වේගෙකින්...හැමදාම හැම මොහොතකදි ගැහෙන පපුවේ සද්දේ එලියට ඇහෙන තරම් ලොකුවට තමන්ට දැනෙන්න ගන්නේ හිතට බයක් දැනුනාම...තිගැස්මක් දැනුනාම....

රෙහාන් එක එල්ලේ ෂදිල් දිහා බලා ඉන්නේ මරණ මංචකයට නියම වුන එකෙක්ගෙන් අවසන් කැමැත්ත අහන හිතක් පපුවක් නැති අළුගෝසුවෙක් වගේ...

රෙහාන් දෑලබණ්ඩාර අළුගෝසුවෙක් තමා...ආදරණීය අළුගෝසුවෙක්...

ෂදිල්ගේ ලෝකේ එක තැන නතර වුනා වගේ....රෙහාන්ගේ කාමරේ ඇතුලේදි ෂදිල්ගේ ලෝකෙම නතර වෙලා වගේ.....

රහස් හංගනකොට බොරු කියනකොට හිත ගැස්සෙන එක සාමාන්‍යයි.....නමුත් ෂදිල් දැන් තිගැස්සෙන්නේ එයා පණ වගේ ආදරේ කරන එයාගෙම හස්බන්ඩ් නිසා....

රෙහාන් හිත් පිත් නැති නරුමයෙක්ද?...අමනුස්සයෙක් වගේ මිනිහෙක්ද?...නැහැ...එයා ආදරය නිසා උමතු වුන කොල්ලෙක්.....

ෂදිල් හංගපු දේවල් නිසයි අද මෙහෙම තත්වයක් උදා වෙලා තියෙන්නේ...විහින් උදාකරගත්ත තත්වයක්....ඒත් කොල්ලාට හේතු තිබුනා...අදටත් තියෙනවා....

එයාගේ හිත කට හිර කලා වෙන අය...එයාත් ඒ අයට ඕන විදියට කට පියාගෙන හිත ඇතුලේ අගුළු දාපු නිසා අද චූදිතයෙක් වෙලා...චූදිතයෙක්ට වඩා ෂදිල් කියන්නේ වින්දිතයෙක්.....

ආදරය ආකර්ශනය කියන දේවල් හිතේ ඇතිවෙන්න මහ වෙලාවක් යන්නේ නැති වුනත් ඒවා ඇති වුනාට පස්සේ දැනෙන සතුට දුක සහ හිමිකම කියන හැඟීම් කෙනෙක්ව අසරණ කරලා දාන්නේ හරිම දරුණු විදියට....

මොකද ආදරේ ඇති වුනාට පස්සේ අයිති කරගන්න හිතෙනවා...ලඟ තියාගන්න හිතෙනවා...ඒකෙන් දුක ඇතිවෙනවා...හිත් රිදෙනවා....පෑරෙනවා....කලකිරෙනවා..සතුටු හිතෙනවා...එකිනෙකට වෙනස් හැඟීම් සමුදායක් ඇතිවෙන්න පුළුවන් ආදරේ නිසා....ඒත් ආදරේ නොකරන කෙනෙක් නැති තරම්....

ෂදිල් කලෙත් ආදරේ..අයෝධ්‍යා කලෙත් ආදරේ...දෙන්නම කලේ ආදරය එකම එක කොල්ලෙක්ට...හැබැයි දෙවිදිහකට.....වෙනස්ම වෙනස් විදියකට...එක්කෙනෙක් අයිති කරගන්නකොට අනික් කෙනා පරිත්‍යාග කලා.....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now