පහුවදා ෂදිල් ඇහැරුනේ ඇඟට පතට දැනුන අමාරුවත් එක්ක...කොල්ලා ඇස් ඇරියේ නොකර බැරිකමට...මුළු ඇඟම තලා පෙලා දාලා වගේ අපහසුතාවයක් එයාට දැනුනා....තව නිදාගන්න ඕන හිතුනා...
කවදාවත් නොදැනුන විදියේ ඇඟේ අමාරුවක්...විඳවීමක් නොවන විඳීමක ප්‍රතිපලයක්...අමතක කරන්න බැරි රාත්‍රියක මතක ගොඩක් එක්ක ලැබුන අපහසුතාවයක්...
සුදු පාට ජනෙල් තිර අස්සෙන් කාමරේට වැටුන ඉර එලියට ඇස් හුරු කරගන්න ගමන් ෂදිල් ඇස් යැව්වේ උදේ දහයේ කනිසම පහු කරන් යන හුරුපුරුදු බිත්ති ඔරලෝසුව දිහාවට.....
කවදාවත් මෙච්චර දවල් වෙනකම් එයා නිදාගන්නේ නෑ සෙනසුරාදා ඉරිදා දවසකදිවත්....අද ලොකු වෙනසක්...ඊයේ රෑ සිද්ද වුනේ ඊටත් වඩා ලොකු වෙනසක්...
ඇඟේ අමාරුව පරදවගෙන හිත ඇතුලට එබිකම් කරපු සතුටක් එක්ක ෂදිල්ගේ මුවේ සිහින් හිනාවක් ඇඳුනේ කලින් දවසේ අනුරාගී රැය මතකෙට ආපු නිසා...ඇත්තටම ඒක ඉතා දිගු රැයක් වුනා ෂදිල්ට...මතකයේ රැඳෙන රැයක්....නොහිතපු වෙලාවක එයාව හොයාගෙන ආපු මධුසමය....
ෂදිල් කොට්ටයක් ඇඳ විට්ටමට තියලා අමාරුවෙන් ඇඳේ කෙලින් වුනේ රැයක් පුරා වින්ද වේදනාත්මක එහෙත් වින්දනීය ආශ්වාදයේ ප්‍රතිඵල වලින් කොන්දම හිරිවැටිලා තියෙද්දී....
කාමරේ පුරා ඇස් යවපු ෂදිල්ට ඇඳේ අනික් පස බැලුනේ ඉබේටමයි......වෙනදට ඒ පැත්තේ ඉන්නේ අරාෂ්...අද එතන හිස්...ඔව් ෂදිල් හිටියේ එයාගේ කාමරේ.....
ඒ හිස් බව ෂදිල්ට ප්‍රභලව දැනුනේ අරාෂ් අද ලඟ නැති හේතුවටත් වඩා එතන ඉදී කියලා එයා බලාපොරොත්තු වුන රුව නොහිටිපු නිසා....
මේ ගෙදරට පය තියපු දා ඉඳන් එයාට හුරුපුරුදු වුන එයාගේ දුක සතුට එයා එක්කම අත් දැකපු කාමරේ...අදත් ෂදිල් එයාගේ කාමරේ තට්ට තනියම...ඒ අනුව බැලුවාම කිසිම දෙයක් වෙනස් වෙලා නෑ....
හැමදේම තිබුන විදියමයි...වෙනස් වුනේ ෂදිල්ගේ හිතයි ගතයි විතරයි!
ෂදිල් හිස් වෙලා තියෙන ඇඳේ අනික් පස අතකින් පිරිමැද්දේ දෙතොල් තද කරගෙන....එයාට පෙනුනා අරාෂ් වෙනදට නිදාගන්න කොට්ටෙවත් ඇඳ ඇතිරිල්ලවත් යන්තමින්වත් පොඩි වෙලා නොතිබුන වග...ඒකේ තේරුම ෂදිල් ඇඳේ ඉඳලා තියෙන්නේ තනියම....
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing