🌿35 හමුව🌿

5.1K 607 628
                                    

නැවතත් අතීතයට....

එදා අයෝධ්‍යා අතින් ආදර හසුන ලියවෙනකොට ෂදිල් කොච්චර නම් එපා කිව්වත් කෙල්ල වැඩේ අත් හැරියේ නෑ...ෂදිල් එපා කිව්වේ අකමැත්තක් හින්දාමත් නෙමේ....

එයාට ලැජ්ජා හිතුනා කෙල්ලට රෙහාන් ගැන එයාගේ හිතේ තියෙන අදහස කියපු නැති වුනත් අයෝධ්‍යා ඒක තනියම හොයාගෙන තිබ්බ නිසා....

අනික රෙහාන් ගැන එයාගේ හිත ඇතුලේ තියෙන හැඟීමට හරි හමන් නමක් දෙන්න එයා බයයි..ඒක කැමැත්තක් තමා...යාළුකමකදී ඇතිවෙන කැමැත්තකට වඩා වෙනස් විදියට එයාට ඒක දැනුනා....

හැඟීම් වලට ලේබල් ගහන එක ලේසි වගේම අමාරු වැඩක්....ලේබලය ගහනකොට ලේසි වුනත් ඒ ලේබල් එකට අදාල හැඟීම් අනික් පාර්ශවයෙන් බලාපොරොත්තු වෙනකොට එතන නොගැලපීම් තිබුනොත් ඒකෙන් ලැබෙන වේදනාව දරුණුයි...

ෂදිල්ගේ හිතේ රෙහාන් ගැන තියෙන අවංක ලෙන්ගතු හැඟීම නිසාම රෝස පාට කඩදහිය පුරා අයෝධ්‍යාගේ අතින් ලියවුනේ ෂදිල්ගේ ආදර සිතුවිලි....

ආදර සිතුවිලි කිව්වට මන් ඔයාට ආදරෙයි වගේ පැහැදිලි ආදර කතාවක් ලියවුනේ නෑ...ඒකේ ලියවුනේ නිසඳැසක්....ක්‍රශ් එකක් වෙනුවෙන් ලියවුන පද පේලි ටිකක්...

ෂදිල්ට ඕලෙවල් කාලේ ඉඳන් හොඳට කවි නිසඳැස් ලියන්න පුළුවන්..අයෝධ්‍යා කොල්ලාගේ ඒ හැකියාව අඳුනගෙනයි ඉන්නේ....ෂදිල් නොදන්නවා වුනාට ෂදිල් ගැන බොහෝ දේ අයෝධ්‍යා දන්නවා...ෂදිල්ගේ හැසිරීමේ පොඩි වෙනස්කමක් පවා තේරෙන තරමට කෙල්ල ෂදිල්ට ලන්වෙලා ඉන්නේ....

හැබැයි ෂදිල්ගේ අදහස් තව ඔප්නංවලා ලියන්න අයෝධ්‍යාට පුළුවන් වුනා....කොහොම වුනත් අයෝධ්‍යා ලියමන ඉවර කරලා ඒක ෂදිල්ට කියවන්න දුන්නා.....

"මේ බලන්න මන් ලිව්වා මගේ ආදරණීය සිද් වෙත..එයාට ඒ නම ලස්සනයි නේද?..මමත් ආස සිද්ධාර්ත් කියන කෑල්ලට..ඒකේ ගතියක් තියෙනවා...ආදරණීය කියන එක සාමාන්‍යයෙන් ලියුමක ලියවෙන්න ඕනම කොටසක්...."

ෂදිල් අතේ තිබ්බ ලියමනේ මුල් හරියට පෑන දික් කරලා අයෝධ්‍යා කීවේ දඟකාරව...ෂදිල් රෙහාන්ට දාපු කෙටි නම සිද් නිසාම එයා පුදුමෙන් වගේ බැලුවේ අයෝධ්‍යාට හිත කියවන්නවත් පුළුවන්ද කියලා හිතමින්....

සිධාරණ්‍ය (Ongoing)Dove le storie prendono vita. Scoprilo ora