🌿44 හමුව🌿

3.5K 499 740
                                    

අයෝධ්‍යාගේ මුවින් එයා රෙහාන්ට ආදරෙයි කියලා ඇහුනට පස්සේ ෂදිල් කෝල් එක කට් කරලා ෆෝන් එක ඇඳට විසි කරලා ඉකි ගගහා ඇඬුවා....

මේවා ෂදිල්ගේ හීනවලවත් තිබුන දේවල් නෙමේ....එයා කොහොම දරාගන්නද අනුමානයක්වත් සැකයක්වත් නොතිබුන දෙයක්...එයාගේ ක්‍රශ් එක හොඳම යාළුවාගේ බෝයිෆ්‍රෙන්ඩ් වුන එක කොහොම දරාගන්නද?.....

එයාට හිතාගන්න බැරි වුනා එයා මෙච්චර අවාසනාවන්තද කියලා....රෙහාන්ට ආදරේ ප්‍රකාශ කරලා නැතත් හිත ඇතුලේ එයා වෙනුවෙන් තියෙන ආකර්ශනය ලබැඳියාව ආදරය කියන අකුරු හතරට නෑකම් කියන බව ෂදිල් මුලින්ම තේරුම් ගත්තේ එදා රෑ....

ගෙදර අයගේ ආදරයක් නොලැබුන එයාට ලැබෙයි කියලා බලාපොරොත්තු වුන ආදරයත් නැති වෙලා ගියේ එහෙමයි...අයෝධ්‍යා ෂදිල් කෝල් එක හිටි ගමන් කට් කලාට පස්සේ දිගින් දිගටම ෂදිල්ට කෝල් කලා...

එයා රින්ග් වෙවී කට් වෙන ෆෝන් එක දිහා ඔහේ බලා හිටියා...ඇස් රතු වෙනකම් ඇඬුවා තමන්ට හිමි වෙන්න අයිතියක් නැති කෙනෙක්ගේ ආදරයක් බලාපොරොත්තුවෙන් හිටපු නිසා.....

අඬන එයාගේ කඳුලු පිසදමන්නවත් හිස අතගාලා සැනසුම් වදන් තෙපලන්නවත් කෙනෙක් එයා ගාව හිටියේ නෑ...ඉතින් ඒ නිසා එයාගේ කඳුලුවල දුක්බර බවේ බර එයාටමයි......

අයෝධ්‍යා ගැන කලකිරීමක් තරහක් කියන හැඟීම් එයාට ආවේ නෑ...ආවේ නෑමත් නෙමේ...එයාට දැන් තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න එයා පරක්කු වුනා....

කෙල්ල ඒක හැංගුවනේ කියලා හිතුනාත් ඇයි එයා ඒක මේ දැන් කිව්වේ.... ඇයි අයෝධ්‍යා එහෙම කලේ කියලා හිතන තාර්කික මනසක් ෂදිල්ට මෙවෙලේ තිබුනේ නැහැ.....

එයාගේ ඔළුවේ වැඩ කලේ එක දෙයයි...ඒ එයාට රෙහාන්ව හිමි නෑ කියන කාරණාව විතරයි.....ඒක කොල්ලාගේ හිත සෑහෙන්න රිද්දුවා....ඒ හින්දා එදා රෑ එයාට යාන්තම්වත් ඇහැ පියවුනේ නෑ....

ඒත් අඬලා අඬලා හෙම්බත් වෙලා හිටපු කොල්ලාට එලිවෙන යාමේ නින්ද ගිහින් තිබ්බා...උදේ ඇහැරෙනකොට එයාගේ ඇස් ඉදිමිලා...ඒ වුනත් එයා අකිල්ගේ එසයිමන්ට් එක කලේ බැණුම් අහන්න හරි බලාගෙන....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now