🌿27 හමුව🌿

6.7K 765 843
                                    

"අයි තින්ක් ඉට්ස් පනිශ්මන්ට් ටයිම් ෆො ඕල්......."

මහ සද්දෙන් හිනාවුන රෙහාන්ගේ හිනාව නතර වුනා...එයා දිව ඇතුල් කම්මුලේ ගාවන ගමන් උපහාසෙන් තුහින දිහා බලලා ඊලඟට ෂදිල් දිහා බැලුවේ අනුකම්පා විරහිත ඇස් වලින්.....

ෂදිල්ට කෙල ගිලුනෙත් අමාරුවෙන්....එයා රෙහාන් ගලවපු බොත්තම් දෙකත් කඩිමුඩුයේ දාගත්තේ අත් සීතල වෙද්දී.....

රෙහාන් කිව්වේ එක වාක්‍යයි....එයා තුහිනගේ අතුල් පහර වැදුන කම්මුල අල්ලන් හිටපු අත පහත දාලා අත් දෙකම කලිසම් සාක්කු වල ඔබාගෙන බොහොම සමච්චලෙන් තුහින දිහා ආපහු බැලුවා ෂදිල්ගෙන් පස්සේ....

තුහින හිතපු තරම් බලපෑමක් කම්මුල් පහර රෙහාන්ට කරලා නැති පාටයි.....

රෙහාන්ගේ ස්වභාවය අනුව එයා කාගෙවත් බැනුමක් අවලාදයක් අහන්න කැමති කෙනෙක් නෙමේ....අකමැතියි විතරක් නෙමේ අහලා කට පියාගෙන ඉවසන් ඉන්න කෙනෙකුත් නෙමේ.....

ඉතින් තුහින වගේ එයාට ක්ලයන්ට් කෙනෙක් පමණක් වුන කෙනෙක්ගෙන් කම්මුල් පාරක් කාපු ආයතනික ප්‍රධානියෙක් හැටියට රෙහාන් මෙහෙම සන්සුන්ව හැසිරෙන එක විමතිය දනවන කාරණයක්......

නමුත් ඒ වාක්‍යය කියවුන හඬේ තිබුන ගැඹුරු බව සහ නිවුන එහෙත් ඇඟ කිලිපොලවන ස්වභාවය ෂදිල්ගේ නෙත් රෙහාන් ලඟම නතර කෙරෙව්වේ රෙහාන්ගේ හැසිරීම තේරුම් ගන්න බැරුව තුහිනත් ඒ දිහාම බලාම ඉද්දී..

රෙහාන්ට තුහිනගෙන් වැදුන අතුල් පහරේ සැර රෙහාන්ට කෙසේවෙතත් දැනුනේ ෂදිල්ට....රෙහාන්ගේ අසාමාන්‍ය සන්සුන් බව කොල්ලාගේ හිතට ඇති කලේ තැතිගැන්මක්....

වෙනදට ක්ලයන්ට් කෙනෙක්ට කම්පනි එක පැත්තෙන් අසාධාරණයක් නොවෙන තැනට සාමකාමීව කටයුතු කරන කෙනෙක් වුනත් ෂදිල්ට තුහින එක්ක ඇති වුනේ දරුණු කෝපයක්....රෙහාන්ට කම්මුලට ගහන්න තුහිනට මොන හයියක්ද කියලා එයාට හිතුනා....

"මිස්ටර් තුහින!!!!...."

කැබින් එක පුරා විහිදුනේ ෂදිල්ගේ කේන්තිකාර සැර හඬ..වෙනදා ඒ කටහඬේ තියෙන තැන්පත් යටහත් පහත් ගතිය මැකිලා ගිහින්....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now