🌿45 හමුව🌿

4K 574 854
                                    

වර්තමානය...

අරාෂ්....ෂදිල්ගේ සැනසීම..අද එයා ලඟ නැති එයාට ඕනම සැනසීම....තත්පර විනාඩි පැය ගණන් ගෙවෙනවා....නමුත් සැනසීම ෂදිල්ගෙන් ඈතට යනවා.....

තව දවස් කීපයක්ම ගත වුනේ අරාෂ් ගැන කිසිම හෝඩුවාවක් නැතුව...රෙහාන් පුදුමාකාර වෙහෙසක් ගත්තේ දරුවාව හොයන්න....

එයා අරාෂ් අතුරුදන් වෙලා ගත වුන දෙවෙනි දවසෙදි ෂදිල් එක්ක අරාෂ්ව පැහැරගත්තා කියලා එයා අනුමාන කරන පුද්ගලයා හොයාගෙන යන්න හිතුවත් එයාට ඒක පහු කරන්න වුනේ ෂදිල්ගේ මානසිකත්වය යහපත් මට්ටමක නොතිබූ හින්දා....

එයාට අරාෂ් වගේම ෂදිල්වත් ඕන....ඒ නිසා එයාට ජීවිතේ පලවෙනි වතාවට රිස්ක් එකක් ගන්න බය හිතුනා....අහිමි වෙන්න දේවල් තියෙන මිනිස්සු අවදානම් ගන්න බය වෙනවා.....

මොනාමහරි හේතුවකට අරාෂ් ඉන්න තැනක ඉන්නේ කරදරයක් නැතුව වෙන්නෝන කියලා එයාට හිතුනා....නමුත් අද වෙනකම් කප්පමක් හෝ වෙනත් ඉල්ලීමක් එයාලට නොආව එක රෙහාන්ගේ හිත කලබල කලා.....

එයා අරාෂ්ව හොයාගෙන තනියම මිෂන් එකක් කරන්න හිතුවේ ෂදිල් යහතින් නැති නිසා...එහෙම වුනත් වෙන කෙනෙක්ට ෂදිල්ව බලාගන්න කියලා යන්න තරම් විශ්වාසවන්ත කෙනෙක් හිටියෙත් නෑ රෙහාන්ට....

අරාෂ්ගේ අතුරුදන් වීමෙන් පස්සේ රෙහාන්ට එයාවයි ෂදිල්වයි පමණක්ම විශ්වාස වෙන තැනට ආවා....එයාට එයාගේ පවුලේ අය වගේම ෂදිල්ගේ පවුලේ අය ගැන කිසි විශ්වාසයක් තිබුනේ නෑ...මෑතකදී වුනත් මේධා ෂදිල්ව නුරුස්සමින් කතා කරපු හැටි රෙහාන් නෝට් කරලයි තිබුනේ....

ධවල මේධාට සාපේක්ෂව ෂදිල් එක්ක හොඳට හැසිරුනත් එයාට ෂදිල්ව බලාගන්න බෑ කියලා රෙහාන් හොඳින් දන්නවා...ඒ මොනා නැතත් අරාෂ් තමන්ගේ පුතා බව අදටත් ධවල රෙහාන්ට හංගලා තියෙන නිසා එයාට අප්පච්චි ගැනත් හොඳ හැඟීමක් නෑ.....

අහස්න ෂදිල්ගේ හොඳම යාළුවා වුනාට රෙහාන්ට අහස්නව දිරවන්නේ නෑ ඒ කාලේ ඉඳලාම....අහස්න ෂදිල් එක්ක ගැවසෙනකොට රෙහාන්ට ඊරිසියාවක් දැනිලා නැතත් අහස්න උඩින් පෙන්නන කෙනා නෙමේ කියලා එයාට හිතිලා තියෙනවා... සමහරවිට ඒ යශෝධරා නිසා වෙන්නත් ඉඩ තියෙනවා....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now