වොශ් රූම් දොර ඇරෙනවාත් එක්කම ෂදිල් ගිවන්තව උපරිම වෙර දාලා අහකට තල්ලු කරලා දාලා වැරෙන් කම්මුල් පාරක් ගැහුවේ ඇතුලට ආවේ රෙහාන් කියලා හිතාගෙන...
ෂදිල්ට මොනවා වෙලාද මන්දා රෙහාන්ගේ කේන්තියට බය නිසාම එයාව පිස්සු වැටෙනවා...ඒ නිසා එයාගේ හිතටත් ආවේගයක් එනවා....
බය කියන්නේ බලවත් හැඟීමක්...ඒක දැනුනාම සමහර අය තමන්ගේ සුපුරුදු ස්වභාවය වෙනස් කරගෙන ජීවත් වෙන්න හදනවා....බය හිතුනාම කරන කියන දේවල් නොතේරෙන තැනකට පවා අපිව යොමුවෙන්න පුළුවන්....
නමුත් දොරෙන් ඇතුලට ඇවිත් හිටියේ රෙහාන් නම් නෙමේ.... නාඳුනන පුද්ගලයෙක්...එයා ෂදිල් දිහාත් ගිවන්ත දිහාත් හිස් හැඟීමෙන් බලලා වොශ් රූම් එක ඇතුලට ගියා...ෂදිල් හිතින් දෙවියන්ට ස්තූති වෙලා සැනසුම් සුසුම් හෙලුවා....
ඇවිත් හිටියේ රෙහාන් නම් අනිවාර්යයෙන්ම එයා වගේම ගිවන්තත් සැර කනේ පාරක් කන බව ෂදිල්ට විශ්වාසයි...එතනින් රෙහාන් නවතීද කියලා නම් සැකයි....
රෙහාන් වෙනස් වෙලා කේන්තිය මැඩගෙන ඉන්න උත්සාහ කලත් උපරිම කේන්ති ගිය වෙලාවට එයා සතෙක් වගේ හැසිරෙන්න ඉඩ තියෙන පුද්ගලයෙක්...
ෂදිල් තවමත් අර IED සම්බන්ධ බෙහෙත් ගැන රෙහාන්ගෙන් අහලත් නෑ....එයා ඒ ගැන රෙහාන්ගෙන් අහන්න සුදුසු වෙලාවක් හොයමිනුයි ඉන්නේ....රෙහාන්ගේ ගති පැවතුම් අනුව ෂදිල්ට පස් මහ බැලුම් බලන්නට සිද්ද වෙලා තියෙනවා.....
එයා රෝදපුටුව හරවගෙන ගිවන්ත දිහාවට හැරුනා.....ෂදිල්ගේ ඇස්වල තිබුනේ කේන්තියක්....ගිවන්ත අදහාගන්න බැරුව වගේ ෂදිල් දිහා බලාගෙන හිටියේ කම්මුලත් අල්ලගෙන.....එයා කීයටවත් ෂදිල්ගෙන් මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නෑ...
"සුදු මල්ලී...ඇයි මේ?...උඹ මට අතත් ඉස්සුවා එහෙනම්...."
ගිවන්තගේ ඇස්වල තිබුනේ අවංක පසුතැවීමක සේයාවක් වුනත් ෂදිල්ට ඒක අදාල කාරණාවක් වුනේ නැහැ.....
ගිවන්ත කියන්නේ තමන්ට අතීතෙදි කොච්චර පිහිට වුන කෙනෙක් වුනත් කෙතරම් උදව් උපකාර කරලා තිබුන කෙනෙක් වුනත් ෂදිල්ගේ ඉවසීමේ සීමාව පන්නන්න තැනට ගිවන්ත මේ මොහොතේ වැඩ කරපු නිසා ෂදිල්ට පරණ උදව් අමතක කරන්න සිද්ද වුනා....
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing