********** සයවන දිගහැරුම **********
----------------------------------------------------------------🌹
මගේ මතකත් එක්ක දවස් ගෙවෙනව... දිල්පහන් හින්ද චුට්ටක් හිතට සැනසිමක් දැනෙනව... ඒත් හැමදාම දිල්පහන් ගෙන් විස්තර අහන්නත් බෑ... සතියක් ගෙවිල දන්නෙම නැතුව.... රජියාත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන ගමන් මගේ හිත තාමත් පසුතැවෙනව එදා අරවගේ සිදුවීමක් නොවුනනම් ... එහෙනම් මගෙ මෑණිකගෙ අහිංසක මුහුණ විතරයි මතක තියෙන්නේ... ඔය නපුරු මුණ මට හිතන්න පසුබහින්න හේතු වුනා.. ඔයා ගැන අහිතක් නෑ.. දුකක් තියෙන්නේ...
+ අඩේ දේව් මීටින් එකක් වරෙන්...
රජිත දොරෙන් ඔළුව දාල කියාගෙන බොස්ගේ රූම් එකට ගියා... මමත් රජියා පසුපස ඉක්මනට එතනට සම්බන්ධ වුනා... විනාඩි 15ක සාකච්ඡා වක් ... මම නම් සතුටෙන් නිමක් නෑ එ් හැගිම... සංසාර උරුමෙට දෛවයත් උදව් කරනව කියන්නෙ නිකන්ද ? ... දැන ගන්න ඔ්නද මොකද්ද කියල... කියන්නම් ඉන්න ඉන්න...
𝙾/𝚕 සම්මන්ත්රණ යක් ... අනුග්රාහයක ලෙසට සමාගමෙන් සහයෝගය දෙන්න ඔ්න ... සංවිධානය ධර්මපාල විදුහල
ඔ්වට තමයි.. දෙන දෙයියෝ ගෙට ගෙනත් දෙනව කියන්නේ...
-------------------------------🌹🌹
ඔෆිස් එකෙන් අවශ්ය බඩු ටිකත් අරගෙන උදේ 7.30 වෙනකොටත් ස්කුල් එක ගාව, මමත්, රජිතත්, නිර්මාණිත්, ප්රමෝද් තමයි අද සම්මන්ත්රණයේ ආයතනය වෙනුවෙන් සැලසුම් ක්රියාත්මක කිරිම හා ඉලක්කගත විභාගය සදහා මාර්ගෝපදේෂණය සිදුකරන්නට නියමිතව ඉන්නේ.. ඉතින් අද දවස කාර්යබහුල වෙයි... එ්ත් පොඩි වෙලාවක් තිබ්බොත් ඇති මැණික බලන්න..
සියල්ල සුදානම්... ප්රධාන ශාලවෙ ළමුන් අසුන් ගන්නව පංතියෙන් පංතියට..
* රජියා.... දිල්පහන් ..+ මූණ බලපන්කෝ මේකව මොනිටර් කරේ මොන සුදුසුකමකටද බං...
* එපා බං තමන්ගේ මල්ලිට කැත කථා කියන්න...
_ දෙව්නක රජිත බයේ ඉන්නෙ ... නිර්මාණි කිවා...
+ මොකටද බං මම බය... කියපන්...
ඌට හරියනවනම් සතුටු වෙන්න මම බං...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...