හීන 🌹🌹 අරන් 🌹🌹🌹

473 37 12
                                    

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* පනස්දෙවන දිගහැරුම *********** 🌹🌹🌹

සිහත්ව හිටවලා ගියාට මට එනකම් හදිසි..

@ දෙව්නක අයියා.. දුවන්නැතුව යනවකෝ..

• ඔයාල හිමීට බලල එන්න... කෝමත් පරක්කු වෙන්න එපා අද කියවෙනකොට හරි යන්න ඕන..

+ අංකල් මොකද බං කීවෙ.. කතා කලාද..

• ඔව් රජිත.. ඇමති යන තැනක් තියෙනව කීවා.. තාත්තා එක්ක යන්නම්ළු.. එන සතියෙ තාත්ත එනවා..

/ එකනම් හොදයි මචං.. මොකද ලොක්කා කාලෙකට නිවාඩු දෙන්නෑ. සුවර්..

• මම නිවාඩු ඉල්ලනවා.. දෙන්න බෑ කීවොත් තියා ගනින් තොගෙ රස්සාව කියල බහිනව එළියට..

+පිස්සු නැතුව හිටපන්.. අංකල් ඉන්නවනෙ..

/ඉක්මනට යමු බං.. කොහෙවත් ඕනෑවට වඩා ඉන්න බෑ..

ඈත තියාම සිහත් ඩ්‍රයිවර් අයියත් එක්ක කතාව... අපි සෙට් එක වෑන් එක ගාවට එනකොටම සිහත් වෑන් එකට නගින්න හැදුවෙ මාව මග අරින්න වගේ..

• සිහත් ළගට කිට්ටු වුනේ.. ඇස් දිහා බලාගෙනම.. උබේ ඇස් කියන්නෙම වැරද්දක් කලා කියලා..

: එපා.. පිස්සුද...

අත් දෙකම පපුවට තියලා මාව තල්ලු කරලා දිල් ගාවට පැන්නේය..

• සිහත් මෙහෙට එනවා..

: බෑ.. මට බෑ...

• මගෙ යකා අවුස්සන්ට එපා...

+ ඒ... උබට අමු කැවිලද..

රජිත මගෙ අත අල්ල ගත්තට.. මගෙ යකා සීමා ව පැන අවසන්ය..

සිහත් මං දිහා බලන් ඉන්නෙ... ඇස්පිල්ලන් ගහන්නැතුව.. කවමදාකවත් මම සිහත් ළග තරහ අරගෙන නැති නිසා.. මාව මේ තරම් කේන්තියකින් දැක නැතුව ඇති..

හිතන්නට වෙලාවක් නොතියාම රජිතගෙන් ඇදල ගත්ත අත සිහත්ට එක්වරම  පහරක් විය.. නිර්මාණි සිහත්ව බදා ගත්තෙ රජිත මාව වැර යොදා අල්ල ගනිද්දිය.. කවුරු වලක්වන්න හැදුවත් මට මතක නැත සිහත්ට මගෙ තරහ අඩු වුනේ තව දෙක තුනක් වැදුණට පසුවය..

/තොට පිස්සුද යකෝ.. මේක මොනව කරාටද..

සිහත් කිසිම වෙනසක් නැතුව බලා ගෙන ඉන්නවා..
මට තවත් තරහ ආවෙ.. මම දිහා බය නැතුව බලල හිනා වෙනවා...

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now