හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******* හතළිස් අටවන දිගහැරුම ******
ඇස් දෙක මම දකී කියලම ඉහිරුන කෙස් ඇස් දෙක වැහෙන්න ම නලලට වැටෙන්න හදාගෙන.. එක්කො මට පහු වෙනවා.. නැත්තන් පය ඉක්මන් කරල අඩිය තියනවා.. ඇයි මැණික.. කිරි වෙහෙර ඈතින් පෙනෙන අදුර වැටීගෙන ඇවිත්.. කහපාට විදුලි පහන් යට උබ බිම බලාගෙන ඇවිදින්නෙ.. මගෙ හිනාව.. කෝ.. එ්කත් හංගගෙන.. රිද්දනව මැණික උබ මට.. වචනයක්වත් නොකියා..
* සිහත්.... හිමීට යනවා... දුවන්නෙ මොකද්ද හදිස්සි ය..
සිහත් නතර වුනා.. නතර වෙලා සාක්කුවට අත් දෙකත් ඔබාගෙන කිරි වෙහෙර දිහා බලාගෙන කල්පනාව..
මම සිහත් ගාවට ගියේ. උබට මෙහෙම තනියම යන්න දෙන්න බෑ.. මේ පිං මළුවේ.. මගෙ හුස්ම යට තියාගෙන ඇවිදින්න මේ ගමන එමු කියපු දවසෙ ඉදන් හීන දැක්කා.. මේ පපුව දන්නව එ් හීනෙ රස.. මම කොච්චර වින්දද කියලා... සිහත්ගෙ කරට අත දාල ළගට ගත්තෙ පිස්ස වගේ දුවන හින්දා... මගෙ අත කරට උඩින් අරන් අයින් කරන්න හදනකොට..
* ඔහොම හිටපන්.. නටන්නැතුව.. පෙරලගෙන දුවන්නේ කවුරුත් නෑ තෑගි දෙන්න..
: මම යන්නම් වදේ.. අක්කලා මළුවෙනෙ..
* යන්න.. මම අත අර ගත්තෙ.. තරහක් පෙන්නලමයි..
: ඉන්නම් යන්නෑ.. හරිනෙ..
* රජිත උබල පලයල්ලා.. මම මල් අරන් එන්නම්..
/ අපිටත් එක්ක ගනින් මචං.. එ්ව පිං..
* හා හා පලයල්ලා..
/ සිහත් වරෙං යන්න..
* එ් යකෝ මම තනියම ..
/ රජිත උබ හිටහන්.. උබ නැතුව ඕකට සාංකාව..
සිහත් මම දිහා බැළුවෙ.. ඉතුරු කරන්නෑ.. මරනව වගේ.. බැල්මක් එක්ක...
: මම අයියත් එක්ක එන්නම්..
රජිත මට ඇහැක් ගසල කට කොනින් හිනා වුනේ සිහත්ව ඇහෙන්ම පෙන්වමිනි..
සිහත් අහසෙ තරු හොයනවා..
රජිත ප්‍රමෝද් ව ඇදගෙන කිරි වෙහෙර වදින්න ගියේ ය..
* කොච්චර ඕනද.. හ්ම් ..
: ඉල්ලන ගානක් අරන් දෙනවද..
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...