************** විසිවන දිගහැරුම *************
---------------------------------------------------------------------------- 🌹🌹🌹🌹
රජිතත් මමත් හවස දිල් සහ සිහත් පැමිණෙන තුරු සිටියෙ ප්රශ්නය විසදා ගත යුතු නිසාමය... රජිත මම නිසා දුක් වෙනවා සේම... දිල් ගැන ඉස්කොලෙට ආරංචි වගේ යැයි සැකෙන් පසු වෙයි...දිල් ආදරය කරන්න පටන් ගෙන අවුරුද්දකට වැඩි තරම්ය... රජිත කොතරම් වගකිමෙන් හැසිරෙන අයෙකු බව ඔප්පු කලේ දිල් කෙල්ලත් සමග ගෙදරට අසු වු දිනය... රජිතගෙම නෑයෙකු නිසා පවුලේ ප්‍රශ්න පිටට යන්න නොදි පවුල් දෙක අතර පමණක් තබා ගත්තේය... දිල්ට සහ විශ්නිට ගෙදරින් දුන් අවවාදය වුයේ... විභාගය ඉහලින් සමත් විමයි... සතියේ සෙනසුරාදා දිනයේදි පමණක් විශ්නිගෙ ගෙදර තිබු ඉංග්‍රීසි පංතියට සහභාගි වීමට සහ ඇයත් සමග කතා කරන්නට අවස්තාව ලබා දි ඇත... නිතරම දිල්ට රජිත තරවටු කරන්නේ එ් සිද්ධියෙන් පසුවය... පවුල් දෙකෙන්ම ආශිර්වාදය ඇති නිසා දිල් හිතුවක්කාර ලෙස හැසිරෙන්ේ්ද නැත.. රජිත නිතර කිවේ දවසක මගෙ කසාදෙ කරන්න වෙන්නෙ... දිල් ගෙ දරුවෙක් මල්කුමාරයාට අරගෙන ,... කියාය...
දිල් සහ සිහත්ගෙ ප්රශ්නය විසදන්නට බලා සිටියේය.. දෙදෙනාම එනතුරය...
* සිහත් අපි කතා කරමු ඔය දෙන්න ගෙ ප්රශ්නය....
+ මචං ඔෆිස් එකේ තව කට්ටිය ඉන්නව නෙ එළියට යමු...දිල් එනව යන්න...
මමත් සිහත් සමග බයික් එකෙන් රජිත පසුපස ගියේය... ගග අද්දර හෙවනකින් රජිත බයික් එක නවතා බැස්සේය... මමත් සිහත් සමග එතන නතර විය.. දිල් යනු පංතියේ පළවෙනි ය, සිහත් යනු පංතියේ අවසන් පෙල ලකුණු ගත් අයෙකි.. දෙදෙනා අතර හිතවත්කමක් ඇති විම කෝමත් සිදු නොවන්නකි... සිහත් රවන්න ට නිරන්තර පුරුදු ව සිටි, දිල් රජිත ලග නම් සද්දෙන්වත් කතා නොකර යි.. මම සැම විටම දිල් තේ පැත්ත ගත්තෙ රජිත දිල්ට කරන දේවල් නිසාය...
වැව අද්දර බංකුවක රජිත ඉද ගත්තේය...
+ සිහත් ඉදගන්නකෝ...
* දෙන්නම රංඩු වෙන්න නෙමෙයි කවුරුත් නැති තැනකට ආවෙ...
+ උබල දෙන්නටම ප්‍රශ්නෙ කෙල්ලක් නෙ...
දිල් කෙල්ලගෙ නම කියපන්...
උබ ගෙ කෙල්ලගෙ නමත් එ්ක නම් කියන්න...* දිල් ගෙ කෙල්ල අපි දන්නව ඔක්කෝම...
! විශ්නි හවස ගණිත පංතිය ට එන්නේ...
: ඔයා ලට පිස්සුද අප්පා මට ඇති කෙල්ලක් නෑ....
+ යකෝ එහෙනම් මොන මගුලකටද අපෙ එකත් එක්ක මරා ගන්නෙ...
* සිහත්මනෙ මට කිවේ... මගෙ කෙනත් එක්ක මුකුළු දනව මට පේනන බෑ.. තරහ එ්කයි කිවෙ..
: මම කිවෙ නෑනෙ කෙනාව. ඇහුවද මගෙන්...
+ එහෙම නම් උබ කාටද කෙල්ල ඉද්දි මුකුළු කරන්නේ...! පිස්සු ද...
: දිල්ට කෙල්ලක් ඉන්නවනම් මට ප්‍රශ්නයක් නෑ...
+ එ් සිහත් තනියම හිනාවෙන්නෙ... උබ කිවෙ නෑනෙ කවුද කියලා...
: මට ගෙදර යන්න ඔ්න...
+ එහෙම යන්න බෑ... කියල යන්න..සිහත් මට තවත් රවයි...
* මම කරපු දෙයක් නෙමෙයි. මට රවන්නෙ...
! සිහත් මගෙ කෙල්ල ගැන නෙමෙයි නේ ප්‍රශ්නෙ...
: උබට කෙල්ලක් ඉන්නවද බං... සිහත් සිනාසිය...
+ ඉස්කෝලේ ප්‍රචාර වෙන්න බෑ...
: දේව් අයියට මම කියන්නම්...
+ උබල දෙන්න රණ්ඩු වුනොත් තලනව අඩු කැඩෙන්න...
+ යමල්ල මුන්ගේ පෙම් හුටපට හින්ද මට මගුලක් නැති වෙනව...
අපි සියළු දෙනාම පිටත් විය... මට ටිකක් සතුට ුයි දිල් හා තිබු රංඩු ව අවසන් කර එකට... තාම සිහත් හිතේ කෙනා කවුද කිවේ නැත...
ටිකක් ඉන්න
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...