******* තිස් පස්වන දිගහැරුම ******* 🌹🌹🌹
----------------------------------------------------- 🌹🌹🌹🌹🌹🌹
වෙනදට ගෙදර එන්නට බයික් එකට නැගපු වෙලේ ඉදින් උරහිසෙන් අත ගන්නෙම නෑ.. කවුරුවත් නැති පාළු පාරවල් වලදි සිහත්ට මාව තුරුල් කර ගන්නම ඕන... දවසක් නම් ලොරිකාරයෙක් කුනුහරුප වලින් අමතලා ගියා.. එදා ඉදින් සිහත් ඒ වගේ හිතෙන හිතෙන දේ කරනව අඩුයි.. එයා දන්නව උරහිසට අත තියන් යනවට මම කැමතියි කියලා.. අද සිහත් අතවත් තියන්නෑ වෙනද මටත් ඉඩ මදි වෙන්න ලං වෙලා ඉද ගන්නවා...
* ඉස්සරහට වෙන්න.. සිහත් අවුලක් ද..
: මම ගාව හරි ගදයි .. දැන් නම් මට වමනෙ යන්න වගේ..
* ඇත්තටම ද කියන්නේ..
: නෑ මම කියන්නෙ අප්පිරියයි ... ඔයත් ගද ගහයිනේ ඒකයි..
* එ්ක නම් හොදයි.. මට හිනා ගියේ.. උබගෙ ජීවන සුවද නෙ බං...
: ඔයා පව් හින්ද ...
* පැහෙන්නැතුව ලගට එනවා... බලෙන්ම මම සිහත්ගෙ අත උරහිසෙන් තියා ගත්තේය..
: ළිදට යං ගිය ගමන්..
* අම්ම බනී කියල බයයි නේද
: හ්ම්... මාව බේර ගන්න... ආ... බේර ගන්නව නේද.. ඔව් කියනවකෝ...
* හා හා බං, හරිනෙ...
උබට අත විතරයි තියා ගන්න කීවෙ බදා ගන්න එපා ගදයි.. මට බයික් එකත් කන්ට්‍රෝල් නෑ... දගලන්නැතුව යම.. ගදයා... තෝව රින්ෂෝ එක්ක ඔබන්න ඔ්න..
සිහත් අම්මට බයක් ගෞරවයක් තියෙන්නේ.. පසලේ ටිකක් විතර සැර ගුරුවරියක් ලෙස ළමුන් අතර ප්‍රසිද්ධ නිසාය.. ගෙදර ලං වෙන්න වෙන්න සිහත්ගෙ බය වැඩිවන බව දැනුනේ මගෙ උරහිස ඉතා තදින් අල්ලගෙන දැඩි නිශ්ශබ්දව සිටීමෙනි,.
* සිහත් බහිනවා.. උස්සලා බිමින් තියන්න ඔ්නද...
: මොකද කරන්නෙ...
* බෑග් එක මට දෙන්න.. අම්ම ගාථ කියනව වගේ උබෙ වෙලාව හොදයි පුතේ...
ළිදට යන්න.. මම එන්නම්..
: මගෙ රෙදිත් ගේන්න..
සිහත් මිදුලෙන්ම ළිදට දිව්වේය... මුගෙ නසරාණි වැඩ අහුවෙයි කියලත් බයයි.. අම්මට හොරෙන් මටත් දැන් වැඩ කරන්න වෙලා.. අම්මා ගාථ කියන නිසා මා දෙසට වැඩි අවධානයක් යොමු නොකිරීම සහනයක් විය...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...