හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* පනස්හත්වන දිගහැරුම ******** 🌹🌹🌹
නිවසට එනවිට අම්මා පැමිණ තිබිම සහනයක් විය.. ප්‍රමෝද් කාර් එක මිදුලෙ නවත්වද්දි අම්මා දොරකඩට පැමිණ සිට ගත්තේය..
• බහිමු.. ප්‍රමෝද් තේ ටිකක් බීල.. රෑට කෑම කාල හෙට උදේට යමු..
/ හෙටත් ඉදල අනිද්දම යමං කියපන්...
• එහෙම නෙමෙයි.. උබ මෙතෙන්ටම ඇවිල්ලා.. බඩගින්නෙ යවන්න බෑ..
/ වෙලාවක එන්නම්.. ඇන්ටිත් බලන් ඉන්නවා... මම හදිසි වැඩක් කියල ගියා කියන්න...
: ප්‍රමෝද් අයියා.. මම බෑග් අර ගත්තා.. තත්පරයක් දෙන්න ඇතුලෙන් තියල එන්නම්..
අම්මා.... කීයටද ආවෙ...
/ ඈ බං සිහත් ඇන්ටිට අම්ම කියනවද බං...
• ඔව්.. අම්ම එයාට එහෙම කියන්න කීව....
පරිස්සමින් පලයන් එහෙනම්.. ගෙට ගොඩ වෙන්නත් බැයිනම්.../ දෙව්නක... උබ හෙට ඔෆිස් ආවම කැබින් එකට වරෙන්.. උබට කියන්න දෙයක් තියෙනවා..
• මොකක් ගැනද...
/ සිහත් ගැන...
• තේරුන්නෑ... සිහත් ගැන .. ඇයි..
/ හෙට කියන්නම්.. බුදු සරණයි.. මම යනවා...
• බුදු සරණයි... පරිස්සමින් මචං... තැන්කියු අපිව එක්කන් ආවට.,
/ ඔය මූණ හදා ගනින් ඔහොම ඉන්නැතුව... කොල්ල බයවෙයි..
යනවා ඇන්ටි.. හදිසියි එ්කයි...
! හරි පුතේ පරිස්සමින්....
ප්‍රමෝද් පිටව ගියේ මගේ හිත කලබලයට පත්කරය.. සිහත් ගැන ප්‍රමෝද් කියන්න තියෙනව කීව කුමක් ගැන විය හැකිද... ඔෆිස් එකට යනකන් මට දැන් හෙට වෙනකක් හදිසි....
! පුතා... මොකද ලොකු පුතේ...
• ප්‍රමෝද් ට හදිසියක් කීව අම්මා...
: කෝ ගියා ද ප්‍රමෝද් අයියා..
• ඔව්.. ගෙට යමු..
! ඔෆිස් එකේ ප්රශ්නයක්ළුද පුතා..
• ආ නෑ අම්මා.. නිකන්...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Документальная прозаආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...