හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹

931 99 6
                                    

දහ අටවන දිගහැරුම  🌹🌹🌹

__________________________________________ 🌹🌹🌹🌹🌹🌹

නිවසට ගොස් බයික් එක නතර කරන විටම සිහත් මටත් ගස්සගෙන ගෙට ගොස් කාමරේ දොර වසාගත්තේය.... මම බය වුනේ අම්ම මේ හැසිරීම් දැක්කොත් උත්තර බදින්න වෙන්නේ මට වෙන නිසාය... සිහත් සහ දිල් ගේ ගැටළුව පටන් ගත්තේ පංතියෙ රණ්ඩුවට පසුවය... දිල්පහන් එහි අගක් මුලක් නොදන්නා බවත්... හේතු වක් නැතිව සිහත් රණ්ඩුවට යෑම රජිතටත් මා සමග තරහ ගන්නට හේතු වී ඇත... ටික වෙලාවකින් මම සිහත් සෙව්වේ කාමරයෙන් නැති නිසාය..

* අම්මා සිහත් කෝ...

& නාන්න ලිදට ගියේ... කළුවර වැටිල හින්ද බාත් රුම් එකට යන්න කීව...
බෑ කියල ගියේ...

* මම බලන්නම් අම්මා....

යන්තමට කළුවර ආවත්.. කෝපි ගස් නිසා කළුවර එතනට වැඩිය.. ඊටත් වතුර සීතල නිසා.. රෑ වෙලා නාන්නට අපි කිට්ටු වෙන්නෙවත් නැතිතරම්ය...

* සිහත්... ඇයි අම්ම එපා කියද්දි ආවෙ...

: එ්කට ත් වැරදි මන්ද...

* හිතුවක්කාර වෙන්න එපා...

: මම හිතුවක්කාරයි, මුරණ්ඩුයි, නොසන්ඩාල යි තව,

* සිහත් අම්ම බයවෙයි...

: මම නාගන්නම් යන්න...

* ඉක්මනට නා ගන්නට මගෙ මදුරො කනවා...

: මම එන්න කීවෙ නෑනෙ....

* මගෙනෙ කන්නෙ ... කටපියාගෙන නාපිය...

අහුල ගත්ත කෝපි කෝටුවෙන් පාරක් ගැසුවේය... විහිළුවට ගැසුවත් ටිකක් සැරට වැදුණි... 

: ආයි... මට රිදුනා... ටීචට කියනව මං...

* එ් එපා විහිළුවට ...

ටෝච් එළියට උබ දිලිසෙනවා... මට මාව නවත්ව ගන්න බැරි තරම්... ඇස් දෙක දුවන්නෙම එ් දිහාවට.... ඇස් දෙකේ ස්පර්ශ යෙන් උබෙ ගතම මම සිපගත්තෙ කෝපි මල් සුවද මැද්දෙ.... යන්තම් හද පායන් ආ ව සීතල හැන්දෑවකය... මට මේ දවස අමතක නොවනු ඇත...

: අයියෙ මට රේසර් එකක් තියෙනවනම් දෙනවද...

* උබට රැවුලක් නෑ නෙ තව...

: මේ තියෙන්නේ යන්තම්...

සිහත්ට තියෙන්න හරි සිහින් ඇගක්... නටලම ඉන කෙල්ලෙක්ගෙ වගේ.. වයසට සරිලන පෙනුම නිසා... සිහත්ගේ මුහුණ වගේම ඇගත් ආකර්ශනියයි....

: නාල ඉවරයි... යමුද...

* ආය හොයන්නෑ ... රෑ වෙලා ආවොත්...

: ඔය කිව ට අයිය එනව මන් දන්නවා...

* අප්පච්චී එවන්නෙ... උබ පලයන් ආය ගල් බැම්ම උඩ ඉදන් බලන් ඉන්නවා...

: තමන්ගේ අප්පච්චී ටනෙ කියන්නෙ... මාර කෙනෙක් තමයි...

* පැහිච්චිකම් නම් තියෙනව.. ගහන්නෙ එහෙම නෙමෙයි....

අම්ම සිහත්ට ලිදට යෑම 6 පස්සෙ තහනම් කලේ ය... සතෙක් සර්පයෙක් කෑවොත් මම වගකියන්න එපැයි...  අම්මා තරවටු කලේ... මගෙ කී මටය...

එ්කට මූණ ටිකක් බිමට හරවගෙන කාමරයට වෙලා සිටින විට අම්මා කෑමට කතා කලේ ය.

කෑම කා කුස්සිය අස්කර නිදා ගන්නට ගොස් සිහත්ගෙ මූණ බලන්න මම කාමරයට ගියේ ය...

* මොකද කරන්නෙ...

: පාඩම් කරන්න පටන් ගත්තා...

* එ්ක හොදයි... අපෙ අම්මා ගෙ හිත දිනා ගන්නනම් පාඩම් කරන්න ම වෙනවා...

: ආය නාන්න යන්න එපා කීව... සතුටුද දැන්...

* නෑ උබ ගදගහයි ආය...

: ලිදට හලෝ...

* හොද වැඩේ.. මම කීවම තමයි එකට එක කියවන්නෙ...

: මම පාඩම් කරනකන් ඉන්නවද

* මටත් වැඩක් තියෙන වා...

මම කාමරයට ඇවිත් ලැප් එකත් රැගෙන සිහත් සමග වැඩ කලේ ය... දැන් 12ත් පසු වී ඇත... මම කුස්සිය ට ගොස් තේ හදාගෙන ආවේ... මටත් නිදිමත නිසා ය...

* සිහත් තේ බොමු...

: මරු.. මට තිබහක් තිබුණා ..

* සිහත් මට ඇත්ත කියන්න... මග හරින්න බෑ... කලින්ම කිව...

: මොකද්ද... ඇත්තක් නම් කියන්නම්...

* ඇයි දිල් එක්ක රංඩු වෙන්නෙ...

: නිකං...

* නිකං මරා ගන්න පිස්සු නෙමෙයි නේ...

: මගෙ කෙනත් එක්ක මුකුළු දානව... කොච්චරවත් එයා ගැන කියවනව... මට තරහ යන්නැද්ද...

දෙයියනේ... මොනවද මේ මට ඇහෙන්නේ... දරා ගන්නෙ කොහොමද... මම දැන ගත්ත මට රවනකොට උබෙ හිතේ මම නෑ කියල... එ්ත් හිතුවෙ නැ මගෙ මැණික ට අයිතිකර යෝ ඇති කියල... මගෙ ඇගත් එක්ක සීතල වෙල ා... මේ දවස් ටිකේ මගෙ සතුට දුන්නට... පිං... මම නිශ්ශබ්ද වුයේ මට අහන්නවත් කියන්නවත් කිසිවක් ගලපා ගන්නට නොහැකි නිසා ය...

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now