හීන 🌹🌹 අරන් 🌹🌹🌹

503 40 7
                                    

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැත්තෑවන දිගහැරුම ******** 🌹🌹🌹

වෙඩින් එකට යන්න සූදානම... දෝණිගෙන් කරදරේ තද කළු ෂර්ට්  එක ඇදල බ්ලැක් බ්ලෙසර් එකක් අදින්න කියල.. ඒත් මගෙ හිතට හරි නෑ... සිහත්ට වීඩියෝ කෝල් එකක් ගත්තේය...

• හෙලෝ මැණික...

: අම්මේ කෝ හැරෙන්න බලන්න..

• හොදයිද, ලස්සන ද..

: මට පිස්සු හැදෙනවා... හපන්න ඕන...

උදේ සිහත් දාල එන ගමන්.. සැලුන් එකෙන් කොණ්ඩෙ අන්ඩර්කට් කරල රැවුලත් ට්‍රිම් කලේ ය.. සිහත්ට මගෙ රැවුල කප්පවන්න ලොකු උවමනාවක් තිබුණා...

• මම බ්ලැක් අදින්නද...

: එපා... අනේ...

• එතකොට... නයිට් පාටියක් හින්ද..

: මගෙ අල්මාරියේ ඔයාට තෑග්ගක් ඇති...

• සිහත්... ඔයා ඇයි මට මේම වියදම් කරන්නෙ...

: මට බනින නිසා උදේ නොදි හිටියෙ... ඊටත් ඊයෙ රෑ කාමරේට එන්න කීවෙ තෑග්ග දෙන්න.. කොහෙද අර මලවිකාරෙ මගේ ප්ලෑන් එකම කෑව...

• හ්ම් මම අදින්නම් ඇදල කතා කරන්නම්.. හාද..

: ඉක්මනට..

• ඇයි හදිසි...

: සර් බනී දන්නවනෙ..

• ආදරෙයි මගෙ මැණික...
පරිස්සමට ඉන්න.. කතා කරන්න.. මමත් ටවුමෙ ඉන්න නිසා මම රෑම ඔයා ව ගන්නම්...

: හා.. කෝමත් මම ඔයත් එක්ක රෑ එන්න හිතුවෙ..

• බුදු සරණයි..

: බුදු සරණයි.. මහත්තයා...

මම සිහත්ගෙ කාමරයට ගියේ මම දන්නව මට හොදම දේ තෝරන්න සිහත් දන්නව කියල...

අල්මාරිය අරිනකොට..

ඩාක් ග්‍රීන් බ්ලෙසර් සහ ක්‍රවුසර් එකට වයිට් ෂර්ට් එකක්.. මටවත් හිතාගන්න බැරි මේ කොල්ලගෙ සප්‍රයිස්... එයාට මම දිපු ගෝල්ඩ් චේන් එකත් තියල ගිහින්... හිටියනම් මාව හැඩකරල අඩුපාඩු නැතුව යවනවා...

හවස හයයි මම යන්නට සූදානම් විය...

# මාමේ ඔයා ට මේ ඇදුම සුපිරි ඈ... අද කෙල්ලක් උස්සන්ම එන්න ඕන... හරිද..

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now