*************** දහනමවෙනි දිගහැරුම ********* 🌹🌹🌹🌹
_____________________ ____________________ __________________
තවත් මට සිහත් දිහා බලන් ඉන්නට තරම් ශක්තියක් නැත... ඇස් දෙකට පිරෙන කදුලු ඇස් දෙක ඇතුලෙම හංගගෙන..
* සිහත් මම නිදියනවා...: නිදි මත නැතිවෙන්න තේ දිල එයා නිදියනවා...
* මට ඔෆිස් එකේ මීටින් එකක් හෙට නින්ද යයි එතන...
: හා මම තව පැයක්වත් ඉන්නවා...
කාමරයට ආපු මම ඇදේ ඉදගෙන කොපමණ වෙලාවක් හිටියාද මතක නැත.. නමුත් සැනසිල්ලේ ඇස් පියාගන්න බැරි තරමට මා නොසන්සුන් ය... මගේ සිත හදන්නට මම නිදහසට කරුණු සෙව්වේය... සිහත්ගෙ හැගීම් නොදැන මම දුරගියා වැඩියි.. ඉක්මනට ලං වෙන සතුට නැති වෙන්න තත්පරය ක් ඇති... මම මටම දොස් කීය... උදේ6ට කලින් ඇහැරෙන මම තාමත් නැති නිසා අම්ම කතා කලේ ය...
& පුතේ... මයෙ පුතා... මොකද දරුවො... අසනිපයක්ද
* නෑ නින්ද ගියා...
& ඇසුත් රතුවෙලා ... අසනිපයක්ද
* මගෙ ඔළුව චුට්ටක් රිදෙනව...
& කිරි එක බීල පෙන්ඩෝල් දෙකක් බොන්න...
* අම්මා... අම්මට මාව දැන් අමතක යි වගේ...
& ඕන් කීව... පුතා තමයි මාව අමතක කරල ඉන්නෙ....
* සිහත්ට දුක හිතෙයි කියල අම්ම එහෙම කලේ...
& මන් දන්නවනෙ මගෙ කොල්ල හිතේ තමන්ගෙ දුක හංගන් ඉන්නව කියල ...
* අම්ම එහෙම නෑ....
: කෙල්ලවත් තරහ වෙලා ද...
* මට කෙල්ලො නෑ... අම්ම නෙ මගෙ කෙල්ල....
අම්මගෙ පස්සෙන්ම මම කුස්සියට ගියේ ය. යනකොට සිහත් තේ හදල...
& අයිය හදනවනෙ පුතේ...
* කමක් නෑ එ්කත් බීල බලමු... ඇලජික් නැතුව ඇති නෙ...
: කොහොමද ටීච... රසයි ද...
* උබ මේකට කිරි පිටි හැදි කියක් දැම්මද...
: ඇයි අවුල් ද...
* මත්වෙනව බං... රසයි රසයි... මූණ ඇද කරගත්තෙ..
දෙදෙනාම සුදානම් වී නිවසින් පිටත් විය... සිහත්ට වෙනසක් නොදැන තරමට මම හැසිරුණ ද සිහත් දිහා බලන්න මට ශක්තියක් නැත...
* බහින්න... හවස කියටද යන්නෙ..
: හතරට එන්නම්.. බායි...
සිහත් ගේට්ටුවෙන් යනකම්ම මම බලා සිටියේය.. මට දිල් ව හමුවීමට අවශයයි... එ් නිසාම රජිත එනතුරු මම බලා සිටියේය... ටික වෙලාවකින් එ් දෙදෙනා මා අසලට එනතුරු කල්පනාවකට වැටුණි...
+ දේව් ප්රශ්නෙ මොකද්ද....
* දිල්ට පරක්කු නෑනෙ...
" නෑ අයියා....
* දිල් ඔයාව හොදම දන්නව මම.. එ්ක නිසා බය නැතුව කෙලින් අහන්නෙ...
+ ඇයි බං.. මූ මොනව හරි කරල ද...
* නෑ... ඔයාගෙ සම්බන්ධය ගැන කවුද ඉස්කෝලේ දන්නෙ....
: කවුරුත් දන්නෑ..
* බය වෙන්න එපා බං...
+ අපෙ ගෙදර අය දන්නව... කෙල්ලගෙ ගෙදර අය දන්නව... උබ යි ටීචයි දන්නව...
; පිට කවුරු වත් දන්නෑ...
+ මුන් දෙන්න කොහෙවත් යන් නැ මචං...
* දිල් යන්නකෝ.. බය වෙන්න එපා ප්රශ්නයක් නෑ... සිහත්ට මග හැරල ඉන්න...
: මම යනව අවුලක් නැ නෙ
+ මොකද්ද බං ප්රශ්නෙ...
* ඔෆිස් එකට යමු...
රජිත ත් මමත් කාර්යය ට පැමිණ රජිතගේ කාමරය ට ගියේ ය....
+ මොකද්ද බං කේස් එක...
* සිහත් රෑ හිතුවෙවත් නැති දෙයක් කීව බං
දිල් එක්ක රංඩු වෙන්නෙ උගෙ කෙනත් එක්ක මුකුළු දාන හින්ද කීව...
මට තේරෙන් නෑ රජියා...
+ උබ කීවද අපෙ එකාගෙ මගුල ගැන...
* නෑ මුකුත් කියන්න තරම් මට මතක් වුනෙත් නැ
මගෙ ඔළුවත් රිදෙනව මේ ව හින්ද...
+ මම කතා කරන්නම්... හවසම විසදගමු...
* මචං මම මුකුත්ම හෙව්වෙ නෑ... සිහත් අපෙ ගෙදර ට ආව සතුටට යට වෙලා හිටිය...
+ මම හිතන්නේ සිහත් පටලවගෙන අපෙ එකත් එක්ක පැටලෙනව ඇත්තේ...
යමු වැඩ පටන් ගනියි දැන්...
* හරි බලමුකො... උබට කිව ට පස්සෙ හිත නිදහස්...
ටිකක් ඉන්න 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන්🌹🌹🌹🌹🌹

YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...