හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
********** හතළිස් දෙවන දිගහැරුම ********* 🌹🌹🌹
* රජිත දිල්ව ගනින් ඉස්සරහට මට පස්සට යන්න ඕන..
+ උබලගෙන් වදේ බං..
* කරන්න දෙයක් නෑ තෝ තමයි ඉතින් දෙයියා..
+ හිටපන්කො ඉස්සරහ නවත්තනව තැනකදි බලමු..
ටික දුරක් එද්දිම පාර අයිනෙ තියෙන පොඩි කඩයක් ගාව රොටී කන්න නවැත්තුවේය.. හැමෝම පොල් රොටී සහ කහට බීවෙ ඒ වෙලාවෙ විදිහට දිව්‍ය ඔසුවක් යැයි කියමින..
+ දිල් ඉස්සරහට නගින්න.. පවුනෙ ප්‍රමෝද් අයිය පස්සට ගන්නම්..
! හ්ම් හ්ම්..
* රජිත උබ පස්සට වරෙන්.. වෙන කෙනෙක් ආවොත් මම පස්සට යන එක තේරුමක් නැති නිසාය..
කෙල්ලො දෙන්නත් ඉස්සරහට..
- මොනවද අප්පා.. ඉන්න තැන ඉන්නවකො..
+ අක්කා හොදයි බං මුන් දෙන්නගෙ කටවල්..
සිහත් සද්ද නෑ.. මම දිහා හොරෙන් බල බල ඉන්නවා.. එ් ගමනත් ෂෝක් හැංගි හැංගි ලව් කරද්දි.. එ්කත් මරු..
රජිත අචිනිත් එක්ක කතාවක් දාගෙන අපි දෙන්නට ඉස්සරහින් ෂීට් එකට ආවේය.. ප්‍රමෝදට කෙල්ලො වට කර ගත්තම වෙන දෙයක් නැත.. කෙල්ලො දෙන්නට බොරු කිය කියා ඉන්නව ඉතින්..
සිහත් මම දිහා බලන් ඉන්නවා.. වෑන් එකම මාරු කරල මම පස්සට ආපු විදිහට හිනාවෙනවා..
* මොකද..හිනාවෙන්නෙ..
: මොකද්ද කරන්න හදන්නේ කියල බැලුවෙ. පස්සෙ තේරුනේ ඔයාගෙ ප්ලෑනක් කියලා..
සිහත්ගෙ කකුල් දෙකේ මගෙ ඔළුව තියාගෙන ෂීට් එකේ දිගහැරුණේය..
සිහත් මන් දිහා බලන් ඉන්නෙ හරියට වෙනද දැක්කෙ නෑ වගේය..
: කවුරු හරි දකියි.. නැගිටිනවා..
* බෑ .. මෙහෙම හිටියම කාටවත් පේන්නෑ..
සිහත්ගෙ එක අතක් මම අරගෙන පපුව උඩින් තියා ගත්තේය.. හිසකෙස් අතර ඇගිලි තුඩු අරන් යද්දී මගෙ ඇස් ඉබේටම පිය වුනේ.. උබෙ ආදරේ ළග මගෙ හැම මහන්සියක්ම නිවෙන නිසාය... මට යන්තමට ඇස් පියවෙද්දි හොරෙන් මගෙ නලලට හාදුවක් තියන්න.. සද්ද නැතුව මූණට පාත් වෙද්දි.. මම ඇස් ඇරියෙ හොර අල්ලන්නටමය..
: අනේ..
* මට ඕන ඉතින්...
යන්තමට වචන පිටවෙන්න හිමීට කතා කරද්දි.. මාව තවත් පිස්සු වැටෙන්නෙ ඇස් දෙකෙන් කරන ඉගි වලටය..
මම ආයෙත් ඇස් පියාගත්තෙ සිහත්ට හොරා වගේ හාදු තියන්නය.. එ් අවසරේට මූණ පුරා හාදු තියනවා...
මම මුණෙ ඇගිල්ලෙන් පෙන්නන පෙන්න තැන කිස් කරන විට..
* මෙතෙන්ට..
තොල් උඩ දබර ගිල්ල තබා මම පෙන්නන විට..සිහත් බෑ කියන්න ඔළුව වැනුවේය..
බලෙන්ම සිහත්ගෙ මූණ ළගට අරන් මගෙ තොල් අතර සිහත්ගෙ දෙතොල් සිරකර ගත්තෙ.. ගොඩ වෙලාවක ඉදන් මේ උණුසුම මේ රස.. මට ඕන වෙලා තිබුණ නිසාය.. ටික වෙලාවක් මත් වෙන තරමට සිප ගන්න විට.. සිහත්ගෙ දෑස් තුල නුරාව වෑහෙන මිහිරක් යන්තමට පියවුන දෑස් මත පිරී තිබුණි.. මාව නවත්වන්නට නොහැකි තරමට ආලය නැග එද්දි තොල් මතින් දැණුන ලේ රසට මම නැවතුණේය...
: නවත්තන්න බෑ.. රිදෙන්නෑ..
සිහත් තවත් එ් දේම ඉල්ලද්දි නොදී බැරිකමටත් වඩා.. මාව නවතා ගන්නට බැරි කමට ආයෙත් සිප ගත්තේය.. වෑන් එකේ සෙට් එකේ සද්දෙයි.. මම නිදි යැයි සිතු නිසා ත් කාටවත් මුතියංගණ යට ලං වන තුරුම ගානක් නැත..
ටිකක් ඉන්න 🌹🌹🌹
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Phi Hư Cấuආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...