හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******* අසූ එක්වන දිගහැරුම ****** 🌹🌹🌹
සිහත්වත් එක්කරගෙන ගෙදර ගියේ අම්මා එන්න කියල කියපු නිසා... ඒත් සිහත් මාත් එක්ක ඉන්න බව අම්මට කියන්න බැරි උනා.. සිහතුත් බය වෙලා... ගෙදර ගියාම පංතියෙන් කලින් ආව කියල බනි හිතල.. ගෙදර ලං වෙනකොට.. මාව බේරගන්න බැන්නොත් කියල මාව පොරොන්දුත් කරගත්තා....
• සිහත්... ඔයා බය වෙලා වගේ මූණ තියන් හිටියම අහුවෙනව යකෝ... නෝමල් ඉන්න..
: හවස පහට ඉවර වෙනව කියල දන්නව අම්මා...
සිහත් ගෙට ගිය නිසා බයික් එක නවතා ඇතුලට යනකොටම...
• ලොකු අයියා.... එනව කීවෙ නෑනෙ...
# උබලට කිය කිය එන්න.. මගෙ දරුව බැහපිය එලියට කියල ගෙදරින් පැන්නුවට වෙන්ට.,
ලොකු අයියා හොදටම තරහින්... මම දිහා යක්ෂ වේසෙන් බලන් ඉන්නවා... මමත් මුකුත් නොකියම අයිය ඉස්සරහින් පුටුවෙම ඉද ගත්තේය... දෝණි මතක් කරද්දිත් මට තරහ වැඩි වන්නේ.. ලේ නහර රත්කරවමිනි....
• අයියෙ... ඔයාට දුක ඇති... එ්ත් දෝණිගෙ හැසිරීම අන්තිමයි...
! පුතේ... දැන් එ් දේ වෙලා ඉවරයි... රණ්ඩු නොවී... කතා කරමු...
# මොනව කතා කරන්නද.... පුංචි අම්මා... දන්නව ද මම කෙල්ලව හදන්න මහන්සි වෙන තරම... එ් කෙල්ලව පැන්නුවා කීවම මට ඉවසන් ඉන්න පුළුවන්ද... මම තාත්ත එ් දරුවගෙ... නෑදෑයොනෙ කියල විශ්වාසෙ ට තියල ගියේ... අන්තිමට එ් කෙල්ලට වරද පටවලා එලියට ඇදල දැම්මා...
! වැරදි පුතේ... මම දන්නවා...
# නෑ.... පුංචි අම්ම දන්නෑ... ගුරුවරයෙක් වෙලත් නොතේරුනේ ඇයි... මම උබට සහෝදරකම් කියනවට ද.... උබට කොහෙවත් ඉන්න අර අනාථයා ලොකු උනා... කෝ දැන් ඔය වේ ස බ , ලා....
• අයියෙ ඔය විදිහට කතා කරන්නෙ එ් ළමය මොනව කරාට ද....
! එ් ළමයා අහිංසකයි පුතේ....
# අහිංසක.... අහිංසක නිසා ද පුංචි අම්මා ඇස්කන් නෑ වගේ ඉන්නෙ...
• ලොකු අයියෙ ඔයාට ප්‍රශ්නෙ මාත් එක්ක නම්... කියන දෙයක් මට කියන්න...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Nonfiksiආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...