හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* පනස්තුන්වන දිගහැරුම *********** 🌹🌹🌹
රාත්‍රී 11 කඩුගන්නාව කන්ද නගින විට මහනුවරටම අයිති ඒ හිරිකඩ එක්ක සුපුරුදු ලෙස වෙලා ගන්න සීතල හිතට සහනයක් ගෙනාවෙ තව ටිකකින් ගමන අවසන් වන නිසාමය...
+ ප්‍රමෝද් නැගිටහන් උබ පිළිමතලාවෙන් බහිනවනෙ..
/ නෑ බං මම නුවරට යනවා.. අක්කා ගනි මාව..
• නිදි විකාරද උබට කොහෙද බං අක්කෙක්...
+ ඇයි අර ඔෆිස් එකට එන අක්කා කෑල්ලද බං..
/ හ්ම් ඔව්... උබලට අවුල්ද...
• අවුලක්නෙ යකෝ.. තෝ හින්ද අම්මට මම එන්නෑ කීවා.. බලපන්.. අම්ම ගෙදරත් නෑ... මේක රෙද්දවල් අස්සෙ රිංගන්ට යනවා...
/ යකෝ තොපි මට පද හදන්නේ දැක්ක වගේ රෙද්ද..
+ මම කීවනෙ.. උබල දෙන්නට මගෙ ගෙදර ඉන්ට පුළුවන් කියලා..
සිහත් රජිතගෙ ගෙදර ඉන්ට බෑ නොකීවනම්.. මම කීයටවත් ප්‍රමෝද් ගෙ ගෙදර නවතින්නෙ නෑ.. මගෙ වෙලාවටම අම්මත් ලොකු අම්මලාගේ ගෙදර ගියානෙ..
ප්‍රමෝද් ව හොයාගෙන සතියකට සැරයක් ඔෆිස් එකට එන අවු 30 ක පමණ කාන්තාව හා ප්‍රමෝද් සම්බන්ධව තැන තැන කතා කියන බව ප්‍රමෝද් පවා නොදන්නවා විය නොහැක... කවුරුවත් මූණට නොකීවට... ප්‍රමෝද් ට චරිත සහතික දීමට ඔෆිස් එකේ බොහොමයක් සූදානම් ය... ඇත්තටම ද මේක යන්න හදන්නේ. මම කොහොමද සිහත්ව එ් වගේ තැනකට අරන් යන්නෙ....
• ප්‍රමෝද්... හරියටම කියපන්.. උබ අර ගෑණිගෙ ගෙදරටද යන්න හදන්නේ..
/ නෑ.. මගෙ ගෙදරට බං.. ඊටත් අක්කයි මමයි අතර උබල හදන පදයක් නෑ..
+ තෝ ගහනකොට පදෙයි බෙරෙයි දෙකම පෙනෙයි නේ...
/ පෙනෙයි පෙනෙයි.. බලහල්ලා එතකොට..
• මම උබව විශ්වාස කරල එනවා.. හැබැයි ප්‍රශ්නයක් නම්.. සිහත්ව අරං මම බස් හෝල්ට් එකට හරි එනවා..
/ උබල මම ගැන හිතන විදිහට දුකයි..
+ නෑ බං.. අතහැරල දාපං.. දේව් උබ මු කියන තැනකට පලයන්..
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...