හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹

912 97 11
                                    

******* අට වන දිග හැරුම *******
----------------------------------------------------------------🌹🌹🌹🌹

ටීචගෙ අවසර ලබාදීම පිළිබද මා පුදුමයට පත් වු නිසා සිහත් ඉවත්ව යන තුරු බලාසිටියෙමි...

* ටීච ඇයි මේ සම්මන්ත්‍රණ ය ඉවර වෙන්න කලින් ඒ ළමයට යන්න දෙන්න කීවෙ...

! දෙව්නක ... ඔය ළමයගෙ ප්‍රශ්නෙ ටිකක් සංකීර්ණ යි..

* ටීච ට පුළුවන්නම් මට මේ ගැන දැනගන්න පුළුවන්ද...

! දරුවෙක්ගේ පෞද්ගලික දේවල් මට තවත් කෙනෙකුට දෙන්න අවසර නෑ... ඊටත් හිතට එකගත් නෑ...

* ටීච මම කාටවත් අපහසුතාවයන් ඇති කරන්න එ් දේවල් දැනගන්න උත්සහ කරන්නෙ...නෑ

! දන්නව දරුවො පුතත් අම්ම වගේම හැමෝටම උදව් කරන කෙනෙක්... ශිෂ්‍යනායකයෙක් විදිහට වගකීම් සහිතව වැඩ කලා... මම පුතා ගැන දන්නව...

* ටීච එ් ළමයට ආර්ථික අපහසුතා නිසාද ... එහෙම දෙයක් නම් ආයතනය හරහා අපි සහයෝගයක් දෙන්නම්..

! පුතේ දෙමාපියන්ගේ මෝඩකම් දරුවන්ගෙ පිටින් යන්නේ.. දරුව විදවනවා...

මම හිතින් කඩා වැටෙනව.. දෙයියනේ.. මම මේ තරම් දේවල් බලාපොරොත්තු වුනේ නෑ...  මට කරන්නෙ පුළුවන් මොනාද හැමදේම කරනවා... මට ඔයාට දුකක් දෙන්න බෑ...

* ටීච ප්ලීස් මට විස්තර දෙන්න..
මම ගැන ටීච දන්නව ... ප්‍රශ්නයක් නොවෙන්න වග බලා ගන්නම්..

! සම්මන්ත්‍රණ ය ඉවර වෙන්නෙ 4ට විතරනෙ... 3ට විතර කතා කරමු පුතේ... මටත් ඔ්න සිහත් ට මේ වෙලාවෙ කවුරුහරි උදව් කරන එක

* මට පුළුවන් හැමදේම කරනව ටීච... ඇත්තමයි...

* හරි පුතේ මම වැඩක් තියෙනව... ඔයාලගෙ වැඩ කටයුතු ඉවර වෙනකන් මම ඉන්නව... කතා කරමු...

මට දුකයි... ගොඩක්... ඊටත් වඩා හිතට ලොකු ශක්තියක් ආවා.. මගෙ මැණික වෙනුවෙන්... හැමදේම කරන්න...

+ තෝ ගියපු තැනක පැල වෙනව...

- ටීච කෙනෙකුට ලයින් දානව කීවට ... අපිට පෙනුනෙ වැලිවිට මිස් එක්ක කතා කරනවා...  (නිර්මාණි කට වසාගෙන සිනාසෙන්ට විය)

* මුන් නම් මහ ජරා අදහස් තියෙන්නේ... මගෙ අම්ම වගේ යකෝ...

මම දේශනය  දෙස අවධානය යොමු කලේ පැයක් පමණ මම කල යුතු වැඩ කටයුතු අතපසු වු නිසා ය...

සිහත් ද ශාලාවෙ පිටුපස අසුන්ගෙන සිටිනු දැකිම මට සහනයක් විය...

+ වැඩේ යනවනේ... උබ නැතුව අපි වැඩ..

* ඔව් ඔව්... තැන්ක්ස් බං... මගෙ වැඩත් කරනවට...

+ කමක් නෑ උබ දන්නව මං ගැන...
ටීච මොනවද කීවෙ දේව්...

* මේව උබට කියලත් බෑ.. නොකියත් බෑ...

+ කියන්න බැයිනම් කමක් නෑ... හිතේ තියන්න විදවන්නැතුව...

* සිහත් ගැන ... අපිට හිතන පෙනෙන දේවල් වලට වඩා ජීවිතයක් තියෙන්නේ...

+ ටීච මොකද්ද කියන්නෙ ..

* 3ට  විතර කතා කරමු කීව... ටීච ට කියල කියල තොරතුරු දෙන්න කැමති කර ගත්තේ...

+ ඔෆිස් එකට දාල හරි උදව් කරමු බං.. හිතන්න එපා දැන්... මම උබට මේ වැඩේ ට උදව් කරනවා... පොරොන්දුවක් ඔන්න... මට ටීච හම්බෙන්නෙ යනකොට කතා කරන්න...

* තෑන්ක්ස් මචන් වචනෙත් හයියක් මට...

හවස 3 වෙනකන් හදිසි... ලොකු බරක් දැනෙනව හිතට...
වෙලාව 1යි ස්කුල් ඇරඑන ටයිම් එකට සිහත් ට යන්න  දෙන්න ත් ඔ්න..

* රජිත මම ඔය වැඩේ නිර්මාණිත් එක්ක කරන්නම්...

+ ඇයි බං... මොක්ද්ද කියපන්...

* 1.30ට සිහත් ට යන්න දෙන්න ඔ්න... ටීච කීව..

+ අවුලක් නැද්ද ... ආ අනිත් ළමයිත් යන්න හදයි..

* පිටිපස්සම දොර ගාව.. ඉන්නව දොර ඇරලා දියන්..

+ උබට බැරි ඇයි...

* මම ඉස්සර වෙලා කතා කරල හොදටම කොල්ල ‌‌‌ අවුල් උනා...

+ හරි මම කරන්නම්... මම කියන්නම්කෝ දෙව්නක මහ කුකුල  උබ පරිස්සම් වෙයන් කියල..

* උබ කරන්නෙ නෑ මම දන්නව ...

රජිත මට පිටට තට්ටුවක් දමා එතනින් ගියේ ය.

වෙලාව 1.30 යි පාසල ‌‌‌අවසන් කිරිමට සීනුව නාද විය... රජිත  ගොස් ශාලාවේ දොර විවෘත කර සිහත් ට යන්න ට ඉඩ දුන්නේය...

+ හරි බං කොල්ල තෑන්ක්ස් කරල ගියා..

ප්‍රබෝදටත් නිර්මාණි ඊටත් අවසන් අදියර භාර දි රජිතත් මමත් ටීච හමුවීමට ගුරු විවේකාගාර ට ගියේ ය...

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now