********* විසි හයවන දිගහැරුම ************ 🌹🌹🌹
--------------------------------------------------------🌹🌹🌹🌹❤️❤️❤️
+ හිමීට යමු බං... දැන් ගියාට ලෙඩ්ඩු බලන්න දෙන්නෑ...* ඉස්කෝලෙන් එක්ක ආපු ළමයගෙ ගෙදරින් කීවම යන්න දෙයි...
+ අනේ මන්ද... උබටත් පිස්සු... උබගෙ නැට්ටුක් කාරයටත් පිස්සු...
* මම දැනගත්ත මේක ලෙඩක් දා ගන්නව කියලා.. නොකා නොබී ඉන්නකොට...
+ යන්න දෙන්නෑ බං... තව පැයක් තියෙනවා...
ප්‍රශ්න දාගන්නැතුව මෙහෙට වෙලා ඉදහන්...
* මම ඉන්නෙ කෝමද... කියපන්.. හොස්පිටල් එකේ ඉන්නෙ කියද්දි මට ඇගත් එක්ක පණ නැතුව ගියා..
+ හරි දේව්.... දැන් ඉන්නෙ හොස්පිටල් එකේනෙ බය නොවී ඉමු.. ටීචත් ඉන්නවනෙ... ළමයි දෙන්නෙකුත් ඉන්නව කීවනෙ
රජිතත් මා සමග ගේට්ටුව අසලට වී කොයි මොහෙතෙ යන්නට අවසර දෙන්නේද වෙලාව බලමින් සිටියේය.. මට නම් මේ පැය කල්පයක් සේ දැනුණි.. රජිත මා සනසමින් ඔෆිස් එකට නොගොස් සිටීම හිතට හයියක් විය...
පැයකට පසුව ගේට්ටුව ඇර ලෙඩ්ඩු බලන්න ආව සියළු දෙනාට අවසර ලැබුණි... රජිතවත් ඇදගෙන ඉහල මහලෙහි ඇති 31 වන වාට්ටුවට මම ගියේ එක හුස්මටය. යනවිට ටීචත්, දිල් සහ තවත් ළමයෙක් ඇද අසල රැදි සිටිනු දැක්කේය..
රජිත මාගේ අතින් ඇද මාව නැවත්වීය...
+ මෙහෙ අහපන්, දැන් ඔතන පිස්සු කෙලින්න බෑ, ටීචත් ඉන්නව, අපේ එකත් උබල ගැන දන්නෑ, තව ළමයෙකුත් ඉන්නව.. තමන්ව කන්ට්‍රොල් කරගනින්... තේරෙනවනෙ මම කියන දේ...
* හ්ම් දන්නවා...
රජිතගේ වචනවලට මගේ ගමන් වේගය අඩුවිය... ඇද ගාවට යද්දි.. සිහත් නිදා සිටිම මට යම් සහනයක් විය... නැතිනම් මාව දැකීමෙන් තරහ ගනු ඇත... අනේ මගෙ දරුව මලානික වෙලා... අතට කැනියුලා එකක් ගහල සේලයින් බිංදුවෙන් බිංදුව වැටෙන විදිහ බලා සිටි මට නොදැනීම ඇස් දෙක තෙත් විය... රජිතට කවර් වෙලා කදුළු පිස ගත්තේ.. රජිත මට රවමින් මාව පසෙකට ගත්ත නිසාය....
! පුතේ.. බලන්නකො මේ දරුව පඩිපෙලේ වැටිල කලන්තේ දාලා. දිල් පහන් තමයි මට දුවගෙන ඇවිත් කීවෙ.. සිහිය ආවෙ නෑ එ්කයි ඉක්මනට හොස්පිටල් එකට ගෙනාවෙ...
+ මොකද දිල් වුනේ...
; යසිරු තමයි අල්ලගත්තේ... වැටෙනකොට... ලැබ් එකට ගිහින් සයන්ස් පීරියඩ් එක ඉවර වෙලා එද්දි.. කලන්තෙ වගේ කීව එතකොට වැටිල ඉවරයි..
* ඔළුව එහෙම වැදුනෙ නෑ නේද..
! සිහිය ආව හොස්පිටල් එකට ගේනකොට, පුතේ හොදටම දුර්වලයි එ්ක නිසා දවසක් දෙකක් ඉන්න වෙයි...
* උදේට කන්නැතුව ආවෙ...
: අද සිහත් ආවෙ පලවෙනි පීරියඩ් එකේ භාගයක් යද්දි... බස් එක කැඩුන කීව..
* මොකද්ද...: බස් එක කැඩුන කියල අයිය දන්නැද්ද...
මම පුදුම වුනේ .. මම නැගිටින්නටත් කලින්ම ගෙදරින් එලියට ආව එකා, මොන මගුලක්ද එච්චර පරක්කු වෙනකම්ම කලේ..
+ හරි මු නැගිට්ටාම අහමු.. අහිංසකයා වගේ නිදි දැන්......
* යසිරු මල්ලි තැන්කියු කරන උදව්වලට...
/ මොනවද අයියා සිහත් මගෙත් යාළුවා...
ටීච පාසලට යන්නට අවශය නිසා ඩොක්ට හමුවීමට ගියේ.. දැන් පුතාලත් ආව එකේ.. මේ ළමයි දෙන්නටත් ඉස්කෝලයට එක්ක යන්න ඕන යැයි පවසමිනි...
මට සිහත් තුරුලට අරන් ලග තියා ගන්න ඕන... උබ කොච්චර හිතුවක්කාර වුනත්... මගෙ ආදරේ අඩුවක් නෑ මැණික.. සිහත්ගෙ හිස කෙස් අතරින් මම ඇගිලි යවමින් සිතුවේය...
/ අයියෙ සිහත්ගෙ පෝන් එක, ටීච හිටපු හින්ද දුන්නැත්තෙ
: අපි ගෙදරට කතා කරන්න කියල හැදුවට ලොක් එක අරින්න බැරි වුනා..
* හ්ම්.. ටීච කතා කරනව දෙන්නම යන්න.. ගොඩක් පින් සිහත් ව බලා ගත්තට
මමත් රජිතත් ටීචට සහ දිල්ටත් යසිරුටත් නැවත පාසල වෙත යායුතු නිසා... සිහත්ගෙ වගකිම.. නර්ස් හා කතා කර මා වෙතපවරා ගත්තේ.. ය. ටීච සිහත් නින්ද ගොස් ඇති නිසා කතා නොකර යන්නට සැරසුණි...
* ටීච කතා කරල යන්න..ඇහැරුණාම බය වෙයි.. ඊටත් ලග ඉන්න දෙන්නැති වෙයි... මම හවසට එනව ..
! හරි පුතේ...
සිහත් ....පුතේ...
ටීච සිහත් ගේ හිස අත ගාමින් කතා කලේය.. සිහත් ටීචට අම්මා කියන්නේ අර්ථයෙන්ම ඇය සිහත් ට දක්වන ආදරය නිර්ලෝභී ය.
සිහත් ඇස් ඇරියේ ගැස්සෙමින් ය.. ටීචගෙ අත අල්ලාගත් සිහත් යන්න එපා කියන්නට වගේ මූණ හදාගත්තේය..
මටත් දුකයි සිහත්ගෙ බැල්ම එතරම් මලානික වෙලා... ටීච සිහත් ව සනසා පිටව ගියේ දිල් සහ යසිරු ද සමගින්ය...ටිකක් ඉන්න 🌹🌹🌹🌹❤️

YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Phi Hư Cấuආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...