******** දොලොස්වන දිගහැරම ********** 🌹🌹🌹
------------------------------------------------------------------🌹🌹🌹🌹🌹
රාත්‍රිය නින්දත් නොනින්දත් අතර ගෙවා ගන්නට නොහැකි ව ඔරලෝසුවෙ ශබ්දයට කන්දෙන්නේ පැයෙන් පැයට නාද වන විට තව කොතරම් වෙලාවක් මම මෙලෙස සිටිය යුතු ද මැන බැලිමටය.. අහම්බෙන් දැනුන අතේ උණුසුම මට සිහිපත් විය... ඒ උණුසුමට තුරුළු වී නොදැනීම නින්දට වැටුණු මා...
- පුතේ... පුතේ... නැගිටින්න දරුවෝ...
* හ්ම්... හ්ම්... අම්මා...
- වැලිවිට ටීචත් ඇවිත්... දරුවෝ...
* අම්මා... වෙලාව කීයද? ... මල කෙලියයි... උදෙන්ම ඇහැරවන්න කීවනෙ...
- තාම 7.30යි... හිමීට.. තේ එක බීල ඉන්න...
ඉක්මනට ඇග සෝදා ගත් මම... ගෙට දුවගෙන එනවිට වැලිවිට ටීච අම්මත් එක්ක බර කතාවකය... අම්මා පාසලට නොයා මාස තුනක් පමණ ගත වී ඇත... විශ්‍රාම ගත් දින සිට ම පාසලේ සියළු තොරතුරු වැලිවිට ටීච නිරන්තර කීමට පුරුදු වි සිටියාය... මම අම්මට විහිළු කරන්නේ ඉස්කෝලෙ ඕපදුප අම්ම දන්න තරම් ප්‍රින්සිපල්වත් දන්නැතුව ඇති කියාය. අම්ම මුල දි ඔය වචන වලට දොස් කීවත් පසුව ඇය මට මුකුත් නොකියා සිටියාය... ඇදුම් ඇදගෙන සුදානම් වන විට ම රජිතත් පැමිණ සිටියේය... ටීචට කතා කර රජිත මගෙ කාමරයට ඔළුව දැම්මේය...
+ ගුඩ් මෝර්නින්... අඩේ මු... උබ කෙල්ල බලන්න යනවා නෙමෙයිනේ...
* අඩේ.. අඩේ... එපා බං... මම රජිතගෙ කට වසා පුටු වෙන් ඉන්දවීය..උබනං ...
+ එ් මේ තේ එක... බොනවා...
* හා හා...
+ ඊය බං ඇල් වතුර... රෑ එකක්ද...
* කෑ ගහන්න එපා... අම්මට ඇහුනොත්... උදේ තේ එක බිල නෑ කියල බැනුම් තමයි...
+ ටීච මෙන්න මු... තාම උදේ...
රජිත අම්මට ඇසෙන තරමට කියවන්න පටන් ගත්තේය...
රජිතගෙ අතේ තිබුණ තේ කෝප්පය අතට ගත්තු සැනින් උගුරට දෙකට බීවේ... අම්මට අහුවෙනට වඩා හොද නිසා ය..+ තොට පිස්සුද .. ඌරෙක් තෝ නම්...
* අම්මට අහුවුනොත් ඉවරයි බං ... දන්නවනෙ ඉස්කෝලෙදි... බනින බැනිල්ල...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
No Ficciónආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...