හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********** හතළිස් හත්වන දිගහැරුම ********* 🌹🌹🌹🌹
කතරගම යමු කීවම සිහත්ට ඕන වුනේම අපි දෙන්නම වෙනුවෙන් භාර වෙන්න.. අපේ ආදරේ ට ප්‍රශ්න ගෙනත් දෙන්න එපා දෙවියනේ කියලා ඉල්ලනවා කියද්දි මම කීවෙ විභාග හොදට පාස් වෙලා ඉගෙනීම හොදින් කරගන්න ශක්තිය ලැබෙන්න. නිරෝගිව ඉන්න ලැබෙන්න කියල ඉල්ලන්න .. මම අනිත්ව ඉල්ලන්නම්..කීවම.. හිනා වෙලා කීවෙම.. විභාගෙ ලියපු විදිහට රිසාල්ට් එයි.. ලෙඩක් හැදුනොත් දේව් ඉන්නෙ මාව බලාගන්න.. ඉතින් මට ඕන මගෙ.. අපෙ ආදරේ පරිස්සම් කරගන්න.. කතරගම එන්න දවස් තුනකට කලින්ම පිලි කෑම අත් ඇරියෙ.. මට සිහත් කොච්චර සතුටින් මේ ගමන ආව විදිහ.. හැමෝටම හොරෙන්.. ඇස් වලින් කතා කරපු විදිහ.. ළගින් යන කොට හැප්පිලා ගිහින් මූණ වල ගැහෙන්න හිනා වුන විදිහ.. දෙවියො වැඩ ඉන්න මේ පින්බිමේ මගෙ ඉස්සරහ මැවී පේනවා..
සිහත් හරි ලස්සනට පෙනෙද්දි.. හැමෝගෙම ඇස් සිහත් දිහාට හැරවෙන එක නවත්වන්න පුළුවන් කමක් නෑ.. එ්ත් මම දන්නව මගෙ මැණිකට ඇස්වහ කටවහ වදිනව කියලා.. වෙස් බැදල නටද්දි තියෙන තේජවන්තකම අඩුවක් නැතුව තිබුණට.. ඇස් දෙක නම් බලද්දි හිත ගැස්සෙන නපුරක් ඇවිත්. හිනාවත් අතුරුදහන් වෙලා... උබව දැකල තත්පර ගානක් යනකොට මගෙ හිතම පෙරළගෙන එන කන්දක් වගේ කියා ගන්න බැරි පපුව පිච්චිලා රිදවලා යන හැගිමක් දෙපතුලේ ඉදන්ම පණ නැතුව යන ලෙස දැනෙන්නට විය... මම ප්‍රමෝද්ට කතා කලේ මේ දේ බලන්න අනිත් අයවගේ සතුටක් ඇති වෙන්න මම පිළිගන්න අකමැති නිසාය..
* ප්‍රමෝද් මේ මගුල නවත්තපන් බං..
/ පිස්සු ද උබට.. ඊටත් සිහත් ලොකු කලබලයක් නොකරන එකෙ.. උබ කලබල නොකර හිටපන්..
+ දේව්.. ඔක්කෝටම කලින් උබ අඩන එක නතර කරපන්.. මෙතන මේ දේවල් සාමාන්‍ය යි...
* උබලට සාමන්‍ය ඇති මට එහෙම නෑ..
+ මේ මම මෙයාලත් එක්ක ඇතුලට යන්නම්.. නැත්තන්.. මෙතන සෙනගක් පිරෙනවනෙ..
මම දන්නව රජිතට ඔ්න කට්ටියට මම නිසා යවන්න.. ඔය අතරෙ වෙන නඩයක් එක්ක ආව අවු. 50ක විතර ගැහැණු කෙනෙක් කතා කලේ..
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Não Ficçãoආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...