හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹
*********** හතළිස් තුන්වන දිගහැරුම ********** 🌹
මුතියංගණ ය අද අන්තිම නැවතුමය.. මුතියංගන චෛත්‍යය වන්දනා කරලා නවාතැනට පැමිණියේය.. හැමෝටම වුවමනා වුනේ විශ්‍රාම ශාලාවෙ නැවතීමටයි.. මේ වගේ ගමනකදිවත් එකට බිම නිදාගෙන උයාගෙන කාල හිටියෙ නැත්තන් මේ ගමන වැඩක් නෑ කියලය..
අපි යන විටත් තවත් නඩ දෙකක් විශ්‍රාම ශාලාවට පැමිණ තිබු නිසාත්.. අපි ටික දෙනෙක් නිසා.. විශ්‍රාම ශාලාවෙ කුඩා කාමරයක් ලබා ගතිමි.. හෝල් එකට තිබුණ එකම වටිනා දේ ෆෑන් එකය..
+ ඇන්ටිලා එක පැත්තකට. පිරිමි ළමයි එක පැත්තකටයි බඩු තියා ගන්න..
# ආ.. අර සීයා කියන විදිහට ඉන්න..
/ හොද වැඩේ රජිතට..
* පුළුවන් අය දැන්ම නා ගන්න.. තව කට්ටිය ඇවිත් ඉන්නවනෙ..
+ අචිනි ඔක්කොම එකට යන්න..
/ පොඩි එවුන්ට කියන්නෙ නොකියා කොහෙවත් යන්න බෑ.. නොදන්න අයත් එක්ක කතා බැහැ..
* සිහත්...
: හ්ම්..
* නාගන්න යනවනම් දිල් එක්ක යන්න....
හැමෝම ඉක්මනට නා ගත්තෙ උදේ ඉදන් ඇවිදලා මහන්සි ය නිවා ගන්න ඕන නිසාය... කාමරයට ආසන්නයෙන්ම තිබුණ කොටසේ උයා ගන්නට පුළුවන් ලෙස සකසා තිබුණි.. කාමරේ දොර ලොක් කරල උයන තැනට වි අපි කතාවක් දාගෙන ම රෑට උයන්න පටන් ගත්තේය..
# උයන්න තියෙන්නෙ.. සැමන් හදලා.. බොංචි.. පපඩම්.. ඇතිද
+ ආය වෙන මොනාද සුපිරි ..
මම සිහත් නොකන බව කියන්න හදන විට සිහත් මාව වැලැක්කුවේය...
: එපා.. අනිත් අය කනවනෙ.. මට දවල් පොලොස් තියෙන්නෙ..
සිහත් කියන්නෙ ඇත්තය.. මොනව හැදුවත් නොකන එකේ.. කන කෙනෙකුට කන්න දෙන්න එපැයි.. අනේ මන්ද මුගෙ විකාර කෑම වලට ගේන එකට නම් මම කැමතිම නෑ.. එකතුවෙලා කෑම හදාගත්තා.. රසට තිබුණා හෝ නොතිබුණා.. මෙවැනි සතුටක් කිසිදාක නොලැබෙනු ඇත.. කෑම බෙදන කොට තමයි.. කට්ටියට සිහත් මතක් වුනේ..
@ සිහත් මල්ලිව අමතක වුනා.. මොකද කරන්නෙ.
: අවුලක් නෑ අචිනි අක්කා.. දවල් පොලොස් තියෙන්නෙ..
ඔක්කොම එතන බැම්ම උඩම ඉදගෙන කන්න ගත්තේය.. කන්න ගත්තු වෙලේ ඉදන් සිහත් වතුර හොයනවා..
+ මොකද සිහත්.. කට දන්න දේවල් නෑනෙ.. ඔයා සැමන් කන්නෙත් නෑ නෙ..
එතකොට මට මතක් වුනේ.. මම අතින් සිහත්ගෙ තොල තුවාල උනා කියලා.. දැන් මොකද කරන්නෙ..
* සිහත් පොලොස් කන්න එපා සැරයි නෙ..
පව් මගෙ කොල්ලට හරියට බත් කටක් කන්නත් බැරි වෙනව මම නිසා..
: පපඩමුයි බතුයි කන්නම්..
* සිහත් බොංචි සැර නෑනෙ.. කෝ දෙන්න යන්තම් අනල මම කවන්නම්..
# සිහත් තුවාල වුනේ කෝමද..
මට සිහත් දිහා බැලවුනේ දැන් දීපංකො උත්තර.. යැයි සිතමින්ය,..
: නින්ද ගිහින් ඉන්නකොට ඩ්‍රයිවර් අයියා බ්රේක් කරා.. ඉස්සරහ ෂීට් එකේ වැදුණා.. එතකොට වෙන්න ඇත්තෙ..
/ හොද වැඩේ තෝ නැගපු වෙලාවෙ ඉදන් නිදිනෙ..
+ මම හිතුවෙ වෙන දෙයක් වෙලා කියලා..
: ආ.. ඇත්තද..
@ සිහත් මල්ලිට කෙල්ලො නෑ .. එයා හරිම අහිංසක ළමයෙක්..
අචිනි හැර ඔෆිස් එකේ අනිත් අය දන්නවනෙ මුගෙ අහිංසකකම.. අනිත් අය හිනාවෙන්න විය..
/ දිල්ට නම් කීවත් කමක් නෑ.. නැද්ද දෙව්නක..
* එ්කනම් ඇත්ත ප්‍රමෝද්..
: මම කන්නම්.. තව මගෙ වැරදි කිය කිය..+ අහිංසකයා අංගුලිමාල නොකර කාපල්ල.. සිහත් ඔ්ව ගනන් ගන්න එපා... ඊටත් අපි ඇහුවද.. කවුද හැපුවෙ කියලා..
සිහත් ටත් එ් කතාවට සිනා ගියේ ය..
: මම කියන්නෙ රජිත අයියා.. ඔයා නම් නෙමෙයි..
+ ඇයි යකෝ මම බල්ලෙක් කියල හිතුවද.. හපන්න..
: එ්ක දන්නෑ..
# බයවෙන්න එපා සිහත්.. රජිත ඔයා ව හපන්නෑ.. එයාට දෙව්නක ඉන්නවනෙ..
/ නිර්මාණි මොකද්ද බං එ් කතාව..
එ්කට නම් සිහත් ඇස් ලොකු කරන් මම දිහා බලන් සිටයේය..
+ පිස්සු බං මේකිට.. පවුල් කඩන්න ද හදන්නේ..
# කවුද පවුල් වෙල ා ඉන්නේ..
මම ඇත්ත කිව්වෙ.. රජිත තමයි කීවෙ.. දවසක්..
සිහත් කෑම එක විසික්කරලා එළියට ගියේය.. සිහත් නොකා ඉද්දි මම කන්න කෝමද..
ටිකක් ඉන්න 🌹🌹
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...