හීන 🌹🌹 අරන් 🌹🌹🌹
****** තිස්නව වන දිගහැරුම ******** 🌹🌹🌹🌹🌹
/ පුතාල දෙන්න ටම මම කියන්නෙ.. සමාජය හදන්න බෑ.. හිත් රිද්දගෙන තේරුමක් නෑ.. තර්ක කරල වැඩක් නෑ.. ඒක නිසා ඔයාලව අනිත් අයට ප්‍රශ්නයක් නොවන ලෙස වැඩ කටයුතු කරන්න... මොකද සිහත් තාම ඉස්කෝලේ යනවා.. මේ දේවල් ඉස්කෝලෙට ගියොත් දන්නව නෙ.. තත්වෙ..
* තේරෙනවා අන්කල්... මටත් ඕන සිහත් හොදට ඉගෙන ගෙන සාර්ථක වෙනව දකින්න.. මම සිහත්ව බලාගන්නෙ මගෙ දරුවෙක් වගේ.. මාව විශ්වාස කරන්න අන්කල් මම අතින්වත් වෙන කෙනෙක් අතින්වත් සිහත් වරදක් වෙන්න දෙන්නෑ... මට සිහත් තාම පොඩි දරුවෙක්...
/ සිහත් මොකද කියන්නෙ අපි කියන එ්වා නොතේරෙනව නෙමෙයිනේ...
: හ්ම්.. මම දන්නවා.. මම ඉගෙන ගන්න ඕන.. හැමදේම කලින්.. මට දුක මම තාත්ත ගැන වැරදියට හිතපු එක ගැන..
/ මම ගැන කෝම හිතුවත් මගෙ කොල්ල මගෙ පණ..
* සිහත් හිතුවක්කාරකම අඩු නොකර ගත්තොත් නම් මම නපුරු වෙයි ඉස්සරහට.. අන්කල් ඉන්න තැනම කියන්නෙ.. මොකද අද මේ සිහත් හැසිරුණ විදිහ මම අනුමත නොකරන හින්ද...
: දෙන්නම මගෙ වැරදිමයි කියන්නෙ..
* ඔය හිත රිද්දගන්නෙ අහකයන දේවල් දාගෙන..
/ සිහත් නොදන්න ව උනාට දෙව්නක මට සතියකට දෙපාරක්වත් කතා කලා..
: මං ගැන කේලම් කියන්න වෙන්නැති...
* ඔව් ඔව්.. මට වෙන වැඩ නෑ නෙ...
/ දෙව්නක ට ඕන කලේ මම නිතර පුතත් එක්ක කතා කරන්න... ඔයාට මම ගේන්න ඕන දේවල් කැමති දේවල් දෙව්නක තමයි කියන්නෙ.. මම හැබැයි හිතුවෙ නෑ මේ තරමට මගෙ දරුවව දන්නෙ කෝමද කියලා..
* මට ඕන වුනේ සිහත් අම්ම නැති වුනාම මානසිකව කඩා වැටුණා පවුලෙ කෙනෙක් ලං වුනාම සිහත්ගෙ දුක ටිකක් හරි අඩුවෙනවා.. මම කොච්චර ලග හිටියත් එ් අඩුව පුරවන්න බෑ...
: මම අල්ලගන්නම්කො මෙතන හොරා වගේ ඔක්කොම කරලා.. එකතු වෙලා මගෙ වැරදිත් කියනවට...
/ දන්නව ද සිහත් දවසක් මට කතා කරල කියනවා.. සිහත්ට අළුත් ඇදුම් අරන් දෙන්නළු.. එයා අරන් දෙනවට වඩා තාත්ත අරන් දුන්න කියල සිහත් සතුටු වෙනවා කීව..
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...