පිහාටු 🪶 05

1.7K 170 19
                                    

දවස් සති බවටත් සති මාස බවටත් පත් වෙමින් කාලේ ගෙවිලා ගියා. මගේ හිතේ යේනුක ගැන ඇති වුන කැමැත්ත ආසාව දශමෙකින්වත් අඩු වෙන්නැතුව එන්න එන්නම වැඩි වුනා. උදෙට ප්රැක්ටිස් යන මම යේනුකගේ විදාන වලට ප්රැක්ටිස් කරා. එයා පුරුද්දකට වගේ හැමදාම මගේ රනින් රවුන්ඩ් ඉවර වෙද්දි මට කිව්වේ

"ඔයාගේ ටයිමින් හොදටම දුර්වලයි. මේ වගේ අය එක්කද මම ටූනමන්ට් වලට යන්නෝන"

කියලා. මම ටයිමර් එක බැලුවේ නැ ඇත්ත. ඒත් මට මේ යේනුක කියන දේ සැකයක් තිබුනා. එයා කියන්නේ බොරුවක් කියලා දැනෙන්න ගත්තා. ඒත් මම රන් කරා එක්සර්සයිස් කරා මේ හැමදේකින්ම මම හොදම කෙනා වෙන්න උත්සහ කාරා.. ඒත් මගේ ඒ කිසිම දේකින් යේනුකට මම ගැන විශේෂයක් දැනුනේ නෑ. මට යේනුකව සැටිස් කරන්න බැරි වුනා. ග්රවුන්ඩ් එකේදි විදානෙකින් හරි මට කතා කරපු යේනුක පංතියෙදි මාව නොදන්න ගානටම හිටියා. එයාගේ ඒ හැසීරීම මාව රිද්දුවා. ඒත් මාව මගාරින්නෙම එයා ආදරේට වෙන්නැති කියන සිතුවිල්ල මගේ හදවත වගමට වැටෙන්න දෙන්නැතුව ආයේ ආයෙම. මාව ශක්තිමත් කරා. යේනුක දකින්නැතිව ගෙවෙන පැය ගනන් මට අවුරුදු ගනන් වගේ දැනුනා. යේනුක එක්ක
ගෙවෙන පැය එක දෙක මට තත්පර වගේ දැනුනා. අවසානේ මම පිලිගත්තා මාව මගාරින මට රවන මට බනින මගේ දුර්වලකම්ම කියන වගීශාන් යේනුක ද සිල්වාට මම කැමතී කියලා. ඒක මගේ ශරීරෙට දැනෙන ශරීර අවයව කෙලින් කරන විදියේ කැමැත්තක් නෙමේ මගේ හදවතට දැනෙන හදවත නතර කරන විදියේ ආදරයක් කියලා.  ඉතිං මගෑරීම් ඉදලාම කරන බැන වැදීම් කලාතුරකින් හැගීම්  විරහිතව බලන බැල්මවල් හැම දේකම මම මොකක්දෝ ලොකු ආදරයක් දැක්කා. ඒක මගේ හදවතට විශේෂ වුනාට බාහිරින් දකින කිසිම කෙනෙක්ට එතන ඒ විදියේ දෙයක් තියෙනවාය කියලා දශමෙකින්වත් පේන්න නැති වුනා. ඔව් එ⁣තන බාහිරට පේන්න දෙයක් තිබුනේ නෑ. අඩුම ගුරුවරයෙක් ගෝලයෙක්ට සලකන විදියේ හැගීමක්වත් එතන තිබුනේ නෑ. ඒත් මගේ හදතවතට දැනුනා. යේනුකගේ හදවත. අන්තිමට මම මගේ පැත්තට වාසි වෙන විදියට යේනුකගේ හදවත තේරුම් ගත්තා.

ඉතිං ඉගි කරන්නම ඕනිද ආදරේ කරන්න? ආදරෙන් බලන්නම ඕනිද ආදරේ දැනෙන්න? ආදරණිය වචන වලින්ම කතා කරන්න ඕනිද ආදරේ කරන්න. නෑ මට මේ මොකුත් ඕනි නෑ. රවලා බලන බැල්මක පවා ආදරේ මහා හුගක් තියෙනවා කියලා හදවතට දැනෙන තරමට මට යේනුකගේ හැසීරීමෙන් ආදරේ පෙනුනා. දැනුනා. ඉතිං ඉදලාම කතා කරන දවසක් වෙනුවෙන් මම පෙරුම් පුරන්න පටන් ගත්තා. මම දිහා බලන මොහොතක් වෙනුවෙන් මම මග බලන් හිටියා. මම  වගීශාන් යේනුකද සිල්වා කියන පිරිමි ආත්මෙට හදවතින් ආදරේ කරන්න පටන් ගත්තා.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now