පසුවදන

348 28 45
                                    

දන්නවද විහාර්‍යා කතාවක් තියෙනවා කාලේ හැමදේම විසදයි කියලා. ඒත් කවදාවත් කාලය කිසිම දේකට උත්තරයක් ගෙන්නෑ. කාලය කිසිම දෙයක් විසදන්නේ නෑ. කාලය විසදන එකම එක දෙයයි තියෙන්නේ ඒ අපිට ඒ හැමදේම විද දරාගෙන අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න උදව් කරන එක විතරයි. ඉතිං මාත් ඒ විදයට කාලයාගේ අවැමෙන් මගේ ජීවිතේ ඉස්සරහට අරන් යන එකයි කරන්නේ....

අදටත් ඔයා කිව්වේ නෑ ඒ කතාව මට. ඒක කොහොමද වුනේ මේ තරම් ඔයාට ආදරේ එපා වුනේ මේ තරමටම ඔයාට ලංකාව එපා වුනේ ඇයි කියලා ඔයා අදටත් කිව්වේ නෑ.

ඒක කියන්න තරම් වාව් හිතෙන මාර කතාවක් නෙමේ විහාර්‍යා. ඒක නිකන්ම නිකන් මම රැවටුන මහා බොලද කතාවක්.

මෙච්චරකටම මම අහන නිසාවත් කියන්න බැරිද ඒ වාව් කියන්න තරම් දෙයක් නැති කතාව මාරම මාර කතාවක් කියන හැගීම නැති කතාව මොකක්ද කියලා. සමහර විට ඔයා හිතුවට ඒක මාර කතාවක් නෙමේ කියලා මට ඒක මම මේ ලෝකේ අහපු මාරම කතාව වෙන්න පුලුවන්...

මාව දැක්කා පලවෙනි දවසේ ඔයාට මොනවද හිතුනේ....

ජීවිතේම එපා වුන ආදරෙන් පැරදුන සත්‍යප්රේම භුංගරාජයෙක් වගේ....

තාමත් මාව දැක්කාම එහෙම පේනවද

නෑ ඒ මම ඔයාව මීට අවුරුදු පහකට උඩදි
දැකපු විදිය. දැන් ඔයා ගොඩක් දුරට සාමන්‍ය තත්වෙකින් ඉන්නවා.

එහෙනම් එච්චරයි. මම එහෙම පේන තරමට දුර්වල වුන කතාවේ ඇති දෙයක් නෑ විහාර්‍යා. ඒක ඒ තරමටම විදවන්න ඕනි කතාවකුත් නෙමේ. ආපස්සට හැරිලා බලද්දි ඒක
නිකන්ම හැගීම් හුවමාරු කරගත්ත සම්බන්ධයක් විතරමයි.. එයා මගෙන් එක්කතරා විදියක ආතල් එකක් ගත්ත කතාවක් විතරමයි ඒක

හැම ආදර කතාවකටම හැපී එන්ඩින් එකක් ලැබෙන්නෑ.... සමහර ආදර කතා වල අවසානේ දුක්ඛිතයි. වේදනාබරයි. වගේම මේ ජීවිත කාලේ එච්චර දිග නෑ නැතිවුන ආදරයක්
ගැන හිත හිත දුක් වෙන්න. විදවන්න. කඩාවැටෙන්න. දන්නවද මේ ජීවිතේ තියෙන්නේ විදින්න විදවන්න නෙමේ...

වෙලාවකට ඔයාත් පුංචි වගේ විහාර්‍යා මම ඒකමයි ඔයාට කැමති. ඔයාට විතරක්ම කැමති.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now