"ගුඩ් මෝනිං යේනුක ස්ස්සර්"
පලවෙනි වතාවට මම එයාට සර් කියන ගෞරව නාමයෙන් කතා කරා. කිසිම වෙනසක් නෑ එයා හිටපු විදියටම ඉදන් මට ගුඩ්මෝනිං කිව්වා. වෙනදා වගේ සර් කියන්න හදද්ද ඒ දේ
මගාරින පාටක්වත් එයාගේ තිබුනේ නෑ. ඇත්තටම එයා මෙතන ඉදන් බලන් හිටියේ මම දිහාමද මම එයාට එහාපැත්තට වෙන්න හිටගෙන ඒ තුන්වෙනි තට්ටුවේ තියෙන ජනේල් කවුලු දිහා බැලුවා. මම හිටපු තැනම ළමයෙක් හිටගෙන හිටියා. එයා කොහෙද බලන් ඉන්නේ කියලාවත් කියන්න බැරි තරම් ඒක සාමාන්‍ය ගානක දුරක් වුනා. මම ආයෙමත් යේනුක දිහා බැලුවා. එයා වෙන කොහෙදෝ බලන් හිටියා. ඇත්තටම එයාට ගානක්වත් නැති ගානට එයා බලන් හිටියා. මම එයාගේ එහා පැත්තේ ඉන්නවද මොනවද කරන්නේ මම බලන් ඉන්නවද කියලවත් ගානක් එයාට තිබුනේ නෑ. එයා ඔහේ පැත්තක් බලන් හිටියා. එයා මට මුලින් කතා කල යුතුයි කියන ආඩම්බරකාර සිතුවිල්ල මට මෙතනට ආව මොහොතේ තිබුනත් ආඩම්බරකමට පයින් ගහලා මම කතා කරා. කොහෙදෝ ලෝකෙක අතරමං වෙලා හිටපු යේනුකට මම කතා කරා.එයා මම දිහා බලන්නැතිවම මගේ ප්රශ්න වලට උත්තර දුන්නා. එයාගේ මේ හැසිරීම වැරදි. ගුරුවරයෙක්ට ළමයෙක් ගැන තියෙන පැහැදිමක් හැගීමක් ඒ හිතේ තිබුනනම් එයා මගේ දිහා බලන් මට කතා කරනවා. ඒත් මේක සම්පූර්න වෙනස් හැසීරීමක් වුනා. ඒ දිග ඇස් මම දිහා බලන්නවත් වෙහෙසුනේ නැතුවම එයා එයාගෙම ලෝකෙක අතරමං වෙලා හිටියා."සර්......"
"කියන්න"
"මට සර්ට කියන්න ඕනි වුනේ එදා මලිදු කිව්ව කතාවේ කිසිම ඇත්තක් නෑ කියලා...."
"ආදරේ කියන දේ ඔය වයසට එන සාමාන්‍ය දෙයක්. හෝමෝන වෙනස් කම් නිසා ඔපසිට් ජෙන්ඩර්ස් වලට කැමැත්තක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයයි. හැබැයි තමන් තමන්ගේ ලිමිට් එක දැන ගන්න ඕනි විතරක් නෙමේ භාහිර සමාජේ ගැනත් හිතන්න ඕනි. එච්චරයි එතනින් එහාට මොකුත් හිතන්න එපා.."
සැහැල්ලුයි. කිසිම විශේෂයක්
"ඔයාට එහෙම කරන්න බෑ ඔයා ආදරේ කරන්න ඕනි මට"
කියන විදියේ ඉගියක්වත් ඒ වචන ඇතුලේ තිබුනේ නෑ. අඩුම මේ වයසට ඔය දෙවල් කරන්න එපා ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න නම් ඒ දේ විතරක් කරන්න වගේ තදින් කියන බැන වැදීමක්වත් කරේ නැතුවම එයා හරි සහැල්ලුවෙන් මට උත්තර දුන්නා. එදා මට ජ'මන් වලට ලකුනු 35ක් ඇවිත් මම පංතියේ විසි පස් වෙනියා වෙද්දි මම මිට වඩා උනන්දුවෙන්න ඕනි කියලා උනන්දු කිරීමක් එදා ඒ ඇස් වල තිබුනේ නෑ. වෙනදා මගේ ලගට එන එයා ලගට අද පලවෙනි වතාවට මම ඇවිත් මේ විදියට එයාට කතා කරද්දි ඒ ඇස් වලින් මම දිහා බැලුවෙවත් නෑ. එකම එක දවසක පැය බාගයක් තරම් දිග වෙලාවකට අපි අතර කතාවක් එදා ඇති වුනත් මට ඒක විශේෂ සිදුවීමක් අවස්තාවක් වුනත් යේනුකට ඒක එහෙම නෑ. මට අද යේනුකගේ වචන ඒක තේරුම් කරා. ඉතිං මම මේ මාස ගානටම හිතුවත් යේනුක මට කැමති කියලා ඇත්තටම යේනුක එහෙමද? මේ හැසිරීම මට විතරක්මද? ඔව් මම වෙන කිසිම කෙනෙක්ට යේනුක මෙහෙම සලකනවා දැකලා නෑ. ඉතිං මේ හැසිරීම මට විතරමයි. මේ සැලකිලි මට විතරමයි. මේ හැසීරීම මේ විදියේ මට විතරක් වුන විශේෂ සැලකිල්ල මාව යේනුකට ලං කරා. හැගීමක් නැති ගානට බලන එයාගේ තත්පර ගානක බැල්ම මාව එයාට ලං කරා. මගේ හිත කියන්න ගත්තා එයා මට ආදරෙයි කියලා. කවදාවත් නැති විදියට යේනුක දකින මොහොතක් පාසා මගේ හෘද ස්පන්දනය නතර වුනා. මම ගොලු වුනා මම යේනුකගේන් මම වෙනුවෙන් කලාතුරකින් ලැබෙන එක බැල්මක් නිසා සමාජෙන් කොන් කරපු අසම්මතේකට ඇබ්බැහි වුනා. ඒක මම සමස්ත පිරිමි පාර්ශ්වේට කැමති කියන විදියේ කැමැත්තකවත් මම ගැහැනුන්ට කැමති නෑ කියන විදියේ කැමැත්තක්වත් නෙමේ. මම යේනුක කියන පිරිමියට විතරක්ම කැමති කියන විදියේ කැමැත්තකට යේනුකගේ හැසීරීම් මාව පෙලබුවා. ඒත් පලවෙනි වතාවට මගේ ජීවිතේට සම්බන්ධ දෙයක් ගැන යේනුකත් එක්ක කරපු සංවාදේ අන්තිම ප්රතිපලේ විදියට තත්පර ගානකින් යේනුක මට කැමතී එයා මට වෙන කාටවත් නැති විදියේ ගමනක් යන්න කතා කරනවා කියන උමතු සිතුවිල්ලෙන් පිරිලා තිබුන මගේ හිත කැඩිලා ගියා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romansa"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...