පැය ගානක් අව්වේ ඉදල දාඩිය පෙරුණ රතු වෙච්ච මූන හෝද ගන්න මම ටැප් ලයින් එක ලගට ආවා. ඒත් මට මම අවුවේ හිටියා කියන එක වගේම මට දාඩිය දාලා තියෙන්නේ කියන එකත් අමතක වුනේ මූන හෝදන යේනුකව දැකලා. ඒ සුදු පාට මූණ අවුවට රතු වෙලා තිබුනා. එයා කොන්ඩේ වතුරෙන් තෙමා ගෙන එතන බිත්තියේ ගහලා තිබුන කණ්නාඩියෙන් බලන ගමන් අතින් හදන්න පටන් ගත්තා. මාව පහු කරගෙන මගේ ඇගේ වැදි වැදි ළමයි එහෙ මෙහෙ දුවන්න ගත්තත් මට ඒ කිසිම දෙයක් දැනුනේ නෑ. කොටින්ම මම ඉන්නේ කොතනද මොකටද ආවේ කියන එකවත් මට සිහි නැති වුනා. මම නතර වෙලා මම ආසම මට පැය දෙකකට කලින් සෑහෙන්න මගෑරුන යේනුක වගීශාන් ද සිල්වා කියන පිරිමි ආත්මේ දිහා බලාගෙන හිටියා. කවදාවත් මගේ වෙන්නැති වෙයි කියලා හිතෙව ඒත් මම හැම තත්පරේකම ප්රාර්ථනා කරන ඒ මූණ දිහා මම බලාගෙන හිටියා. මට එයාව මගේ කරගන්න ඕනි කියන ආසාව කැමැත්ත එයා දිහා බලන් ඉන්න තත්පරයක් ගානේ වැඩිවුනා. වතුර බිංදු වැටෙන මූණ තෙමුණ කොන්ඩේ එක්ක එයාට අමුතුම ලස්සනක් ආරූඪ වෙලා තිබුණා. මම එයා දිහා බලාගෙනම හිටියා.. ඒ මූනේ ඇත්තටම කිසිම හැගිමක් තිබුනෙ නැ. ඒත් එයා මම දිහා බලන් හිටියා නලල දිග වතුර බිංදු රූටලා වැටුනා. මට ඒ වතුර බිංදු එක්ක ඉරිසියා හිතුනා. මට නැති අයිතියක් ඒ වතුර බිංදු වලට තියෙනවා කියලා මට ඉරිසියා හිතුනා. අපි අපි දිහා බලන් හිටියා මුලු ලෝකෙම දුවනවා මමයි යේනුකයි නතර වෙලා ඉන්නවා වගේ හැගීමක් මට දැනුනා. ඒත් මට බැ එයාටවත් මට දැනෙන දේ කියන්න බැ මම බය වුනා එයා දැන ගනි කියලා මගේ හැගීම් මගේ හදවත එයා කියවයි කියලා මම බය වුනා.... මට දැනුනේ පැය ගානක් අපි අපි දිහා බලන් හිටියා වගේ ඒත් ඒක තප්පර ගානක් වෙලා තිබුනා. එයාගේ ඒ තත්පර ගානක බැල්මට මම එයයි මායි විතරක් නතර වුන අනිත් හැමෝම දුවන ලෝකෙක පැය ගානකට අතරමං වුනත් මම හීනෙන් වගේ ගියා එයා හිටපු තැනටම ගිහින් ටැප් එක ඇරලා මූනට වතුර දා ගත්තා. ඇස් වහන් වතුර දා ගන්න මොහොතක් පාසා මම හිතුවා එයා ඒ බැල්මෙන්ම මම දිහා බලන් ඇති කියලා මට එහා පැත්තේ එයා ඇති කියලා හිතුවා ඒත් නෑ මම ඇස් ඇරලා බලද්දි යේනුක මට එහා පැත්තේ හිටියේ නැ මම හැරිලා අය පහු බැලුවා. ඕව් එයා යනවා ඈතින් මට වඩා ගොඩක් ඈතින් එයා යනවා. කිසිම දෙයක් නොවුන ගානට එයා යනවා. මම ආයෙත් බලන් හිටියා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...