උදේ වරුවම ඉංග්රීසි සාහිත්‍ය පංතිය කට් කරලා දවල්ට තියෙන අයි ටී පංතියට මම සිප්වින් එකට ආවත් මට පංතියේ ඉන්නවට වඩා හිතන්න දෙවල් සෑහෙන්න තිබුනා. මේ කාලේ පුරාවටම දැකපු නැති යේනුක ඒ අතර ප්රධාන තැන ගත්තා. මලිදු අකිල දෙන්නම උදේ පංතියට ආවේ නැති එකට වගේම කෝල්ස් අන්සවර් කරේ නැති එකට මාව දැකපු තැන ඉදන් බනින්න ගත්තත් මට ඒ මොකුත් ඇහුනේ නැති වුනා. මොකද මගේ හිතේ පිරිලා තිබුනෙම යේනුකව මගෑරුන සාංකාව.
"මොන ලෝකෙකද බං උබ ඉන්නේ. ඉස්කෝලේ හිටියත් කොහෙදෝ ලෝකෙක අතරමං වෙලා ක්ලාස් එන්නෙත් නෑ ඒ මදිවට ආව වෙලාවෙත් හිනාවක්වත් නැතුව මොකක්දෝ මගුලක් කල්පනා කරනවා. මොන මගුලක්ද බං උබට වෙලා තියෙන්නේ.. ?"
"මලිදු මට කෑ ගහන්න පටන් ගත්තා. ඇත්තටම මට වෙලා තියෙන දේ මම මලිදුගෙන් කිව්වොත් ඒ අය ඒක පිලිගනීද? ඒ අය මොනවා හිතයිද?"
"නෑ බං මම කල්පනා කරේ කොල්ලෝ දෙන්නෙක් ලව් කරන එක ගැන. උබලා මොකක්ද ඒ ගැන හිතන්නේ?"
"ඒ පාර උබ මොකාටද එන්න හදන්නේ?. කොලුකාරයෝ ගැන කියවන්නේ මොකද උබ..."
"නෑ නිකන් කියපන්කෝ. කොල්ලෙක් කොල්ලෙක් එක්ක
සෙට් වෙලා ලව් කරනවනම් උබට ඒ ගැන මොකද හිතෙන්නේ?""දැන් උබ ආව වෙලාවේ ඉදන් අහස පොලව ගැට ගහන්න
වගේ කල්පනා කරන්නේ ගේ ලව් එකක් ගැනද?""ඔව් ඔව් ගේ ලව් එකක් ගැන උබලා මොකද හිතන්නේ කියපංකෝ"
"හරි අපිට හිතෙන දේට කලින් උබට හිතෙන දේ කියපංකෝ. ඊට පස්සේ අපි කියන්නම් අපිට හිතෙන දේ?"
"මට ඒකේ අවුලක් පේන්නෑ. එහෙම අවුලක් පෙන්නැති එක ගැන තමයි මම මේ කල්පනා කරන්නේ"
"මේ ශාද්‍ය මට කියපං උබ කොල්ලෙක්ට කැමතීද?"
"නෑ නෑ බං. මම මේ නිකන් මට හිතුන දේ ගැන කල්පනා කරේ. ඇයි එහෙම අවුලක් දැනෙන්නැත්තේ මගේ හිත ඇයි ඒ අසම්මතේ ප්රතික්ශේප කරන්නැත්තේ කියලා"
" මොනවද බං ඒකේ හිතන්න තියෙන්නේ. උබට තියෙන්නේ කෙලින්ම ඒක මානසික ලෙඩ්ඩු කරන වැඩක් කියලා පැත්තකට දාන්න. තවත් මොනවද ඕකේ කල්පනා කරන්න තියෙන්නේ?"
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...