පිහාටු🪶52

749 51 7
                                    

සොහොන ලග ඉදලා බැරිම තැන මම රජපීල්ල උද්‍යානෙට ඇවිත් අපි දෙන්නගේ පලවෙනි ආදර ගනුදෙනුව උන ඒ සිමෙන්ති බංකුවේ වාඩි වුනා. එයා එනවා කිව්වා... මේ ගෙවුන සති දෙක තුනට එයා මට ලං වුන විදියට මම ඒ වචන විශ්වාස කිරිල්ල උපරිමේකටම අරන් ගිහින් තිබුණා. ඉතිං සොහොන ගාවට නෑවිදින් හිටපු එයා බලාපොරොත්තුවෙන් මම රජපීල්ල උද්‍යානෙට ආවා. තාමත් ඒ උද්‍යානේ එහෙමමයි. අපිට අඩි දහයක් විතර එහායින් තිබුණ පහන් කනුවේ බල්බ් එක තාමත් නිවි නිවී පත්තු වෙනවා. එදා මෙතනදි මම යේනුකව හම්බවෙලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වුනා. ඉතිං මේ බංකුව දන්න මේ පහන් කනුව දන්න ඒ ආදර කතාවේ සුන්දරම තැන් වගේම සමහර අසුන්දර තැනුත් මේ වට පිටාවට මගෑරිලා තිබුණා. කාලෙකට කලින් මෙතනදි යේනුකට ආදරෙයි කිව්ව මම ආයෙම දවසක යේනුක මාව රිද්දපු විදිය ආවර්ජනේ කරන්න මෙතනට එන්න ඇති. ඒත් ආයෙමත් කාලෙකට පස්සේ අද මම ආවාම මට මේ නිශ්චල වස්තූන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ මම කදුලු වක්කරපු මගේ කරගන්න පෙරුම් පුරපු ඒ ආදරණිය පිරිමියා දැන් මගේ විතරක්ම වෙලා කියාලා. ඉතිං මේ වටපිටාවට විතරක්ම උරුම නිශ්චල වස්තූන්ට නෙමේ අපේ වටපිටාවේ ඉන්න චංචල දෙවල් වලට පවා හොර රහාසේ අපි අපේ ආදරේ විදගත්ත හැටි අපි දෙන්නා විතරක්ම දන්න ලස්සන ආදරේක සූව විදින මම දැන් පෙම්වතෙක් කියලා. ඔව් කාලෙකට කලින් ආයෙම ඇවිත් එදා පලවෙනි වතාවට ඒ උරහිසට වාරු වුන තැනදි මට කියන්න තියෙන්නේ

අපි දැන් පෙම්වතුන් කියලා. ප්රේමයේ උච්චතම හැගීම් පවා හුවමාරු කරගත්ත පෙම්වතුන් කියලා. ඉතිං දැන් විදින්නට හෝ විදවන්නට මට ඔහුව උවමනාමයි කියලා විතරමයි....

බංකුවේ ඇන්දට බෙල්ල තියාගත්ත මම ඈත කලුවර වෙලාගෙන තිබුණ අහස දිහා බලන් හිටියා. කලුවර එන්න එන්න වැඩි වෙනවා... තැඹිලි පාටින් හැඩ වෙලා තිබුණ අහස දම්පාටට හැරෙන්න වැඩි වෙලාවක් ගියේ නැතිම තරම් වුනා. දැන් ඒ දම්පාට අහස අදුරුම කලු පාට වෙලා ගද්දිත් මගේ ආදරණිය පෙම්වතා තාමත් උද්‍යානේ අහලකටවත් නෑවිත් හිටියා. එයා නෑ. මම පැය තුන හතරක ඉදන් මග බලනවා. ඒත් ඒක මගබැලිල්ලක් විතරක්ම වෙන්නද යන්නේ. අහස අදුරු වෙන වේගෙට වඩා වේගෙන් මගේ හදවත මහා කලුවරකින් පිරිලා ගියා. ආයෙමත් ඇයි මේ මෙහෙම කියන ප්රශ්නාර්තේ විතරක්ම මගේ ඔලුවත් හදවතත් ආක්රමණය කරලා තිබුණා. එයා නෑ. විදින්න ඕනි මගෑරුන හැමදේම විදගන්න ඉතිං මම අද එන්නම් කියලා කිව්ව එයා නෑ. මට යේනුකගේ ෆෝන් නම්බර් එකවත් තිබුණනම්.... ඒත් මට මොකක්දෝ හේතුවකට එයාගෙන් ඒක ඉල්ලන්න ඕන වුනේ නෑ.. ඒත් මට දැන් ඕනි... මොකද එයා මාව මගාරින්න ඇති කියන දේ වෙනුවට මේ පාර මට භයානක දෙවල් නොසෑහෙන ප්රමාණයක් හිතිලා තිබුණා. මම අකිලට කොල් කරා... මගේ හිතට මම යේනුකගේ නම්බර් එක යේනුකගෙන් නැතුව වෙනම කෙනෙක්ගෙන් ඉල්ල ගත්තා කියන වරදකාරි හැගීම දැනුනනත් මම ඉල්ලුවා.... හදවත රේස් එකකට සැරසෙද්දි මම යේනුකගේ නම්බර් එක ඩයල් කරා..... තතපර දහක් පහලවක් කිසිම දෙයක් නැතුව තිබුණත් ටික වෙලාවකින්

පිහාටු 🪶 ☑️Where stories live. Discover now