ටිකෙන් ටික කලුවර වෙලා ගන්න රජපිල්ල පාර්ක් එකේ පාරට හයි කරලා තියෙන නිවි නිවි වෙලාවකට පත්තු වෙන පහන් කනුවක් දිහා මම ඔහේ බලාගෙන කල්පනා කරා. මට දැනුන හැගීම හංගන්න මම දක්ශ නොවුන එකට මම පසු තැවුනා. ශාද්ය මම එයාව ප්රතික්ශේප කරා කියාල නගන චෝදනාව මම ආදරෙන් බාර ගත්තා.
බංකුවේ ඇන්දට හේත්තු වෙලා අහස දිහා බලන් ඉන්න ශාද්යගේ අත මම ඉන්න පැත්තෙන් බංකුව අල්ලන් හිටියා. මම මගේ අත ගෑවෙන නොගෑවෙන තරමට එයාගේ අත ලගින් තියා ගත්තා. මගේ සුලැගිල්ල නහර වලින් පිරුණු ඒ අතේ සුලෑගිල්ලේ එක මොහොතකට ස්පර්ශ වුනා. ඒ ස්පර්ශයෙන් තිගැස්සුන ශාද්ය එයාගේ අත එතනින් අයින් කරා. එයා ගැස්සුනා. හරියටම කිව්වොත් මම තව ටිකක් එයාට ලං වුනොත් එයාගේ හෘද ස්පන්ධනය ඇහෙන තරමට එයා චංචල වුනා. ඒත් එයා සීරුවට ඉදගෙන මම දිහා එක එල්ලෙම බලන් හිටියා. ඇස් පිහාටු නොගහා හිනාවක් නොපෙන්වා බලාගෙන හිටියා. ආදරණියම නොවුනත් ඒ බැල්මේ මට ආදරණිය බවක් පිරිලා තිබුනා. මම බලාගෙනම හිටියා වෙන කොහෙවත් නෙමේ එයාගේ දුබුරුපාටට හුරු තොල් දිහා. කලුවර වෙලාගෙන තිබුණ රජපිල්ල උද්යානේ නිවි නිවි පත්තු වෙන පහන් කනුවේ එලියත් අදුරත් මැදින් මට පේන ඒ තොල් දිහා මම බලාගෙනම හිටියා. හතෙන් පස්සේ පාලුවට යන පාර්ක් එකේ අපි දෙන්නෙක් මේ විදියට වාඩි වෙලා ඉන්නවා කියන්න කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ වගේම ගොම්මන් කලුවර වෙලාගෙන තිබුන ඒ අවට කිසිම මිනිස් පරාණයක් සංචාරය කරේ නෑ. ඉතිං මම ලං වුනා මාස ගානක ස්පර්ශයක් නැති වචනයකින් ආදරේ නොකිව්ව තත්පරේකටවත් මගේ ආදරේ නොපෙන්නුව මගේ ඇස් දිහා බලාගෙනම ආදරේ හෙව්ව ඒ ඇස් වලට මම ටිකෙන් ටික
ලං වුනා. අඩලා වේදනාවෙන් වේලිලා ගියපු ඒ තොල් වල රස කොහොම වෙයිද? මට මීට මොහොතකට කලින් ඕනි වුන දේ ආයෙම ඕනි වුනා. මට ඒ තොල් වල රස විදින්න ඕනි වුනා. වෙනදට ආදරේ පිරිලා තියෙන ඒ ඇස් ආයෙමත් ආදරෙන් පුරවන්න ඕනි වුනා. මම තව තවත් එයාට ලං වුනා. කිසිම චලනයක් නැති ගානට අඩුම ඇස් පිල්ලමක්වත් නොගහා එයා බලන් හිටියා. මගේ මූනට ඒ සීතල හුස්ම වැටෙන මොහොතෙදි මම හරි සිහියට ආවා. එයා හයියෙන්ම හුස්ම ගන්නවා. ඒවා ගොඩක් සීතලට මගේ මූන ස්පර්ශ කරා. මම ශාද්ය ලගින් ඈත් වුනා. ආයෙමත් බංකුවේ ඇන්දට හේත්තු වුනා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...