" ශාද්‍ය"
"ඉශාරා මිස්"
"මම ගොඩක් වෙලා ඉදන් බලාගෙන ශාද්‍ය ප්රැක්ටිස් කරන ළමයි දිහා බලාගෙන හිටියත් වෙනම ලෝකෙක ඉදන් කල්පනා කරන ගමන් ඉන්නේ. මෙච්චරටම කල්පනා කරන්න මොනවද ශාද්‍ය ඔයාට තියෙන්නේ?"
පඩියක් උඩ වාඩි වෙලා මම ග්රවුන්ඩ් එක දිහා බලාගෙනම හිටියත් ඉශාරා මිස් කිව්ව කතාව ඇත්ත. මට කල්පනා කරන්න දෙයක් තිබුණා. මගේ හදවත පිරිලා තිබුණ දෙයක් තිබුණා. අද දවල් මගේ ආදරේ තවදුරටත් ඒකපාර්ශ්වික
නෑ කියන දේ මම දැනගත්තා. ඉතිං මට ඒ ගැන කල්පනා නොකර ඉන්නද?"මොකුත් නෑ මිස් මේ අය තව කොච්චර පුහුණුවීම් කරන්න වෙයිද කියලා හිතුවා."
ක්රිකට් ප්රැක්ටිස් තිබුණ නිසා මම හවස ඉස්කෝලේ නතර වුනේ ස්පෝර්ට් කැප්ටන් විදියට මට ප්රැක්ටිස් කරන ළමයින්ව දාලා යන්න බැරි නිසා. අපේ හවුස් එකේම හිටපු ඉශාරා මිසුත් එදා හවස ගුරුවරයෙකුත් ඉන්න ඕන නිසා නතර වුනා. ඒත් එයාට එහෙම විශේෂයෙන් නතර වෙන්න කියලා කවුරුත් කිව්වේ නෑ කියලා මම දැනගෙන හිටියේ යේනුකත් අද හවස ඉස්කෝලේ නතර වුන නිසා. මට යේනුක ඉන්න තැනට යන්න ඕන වුනත් ඉශාරා මිස්ගේ කියවිල්ලත් එක්ක මට මිස්ව මගාරින්න බැරි වුනා. යේනුක එයාගේ හවුස් එකේ වොල්බෝල් ටීම් එකත් එක්ක වොලිබෝල් කෝට් එක ලග හිටියා. අදත් එයා එදා වගේම ඒ ගහට හේතුත් වෙලා ඇති. මට යන්න ඕන් වුනත් යන්නබැරි වුනා. ගිහින් කතා කරන්න හේතුවකුත් නැති වුනා. මගේ හිතට එයා එක්ක කතා
කරන්න ලැජ්ජාවක් දැනුනා. ඉතිං මම ග්රවුන්ඩ් එකට බහින පඩියක වාඩි වෙලා හවසට යන ගමන් යේනුක එක්ක
කතා කරන්න හිතන් පැරැක්ටිස් ඉවර වෙන වෙලාව එනකන් ඇගිලි ගැන්නා."ශාද්‍යට හවස යන්න හදිස්සීද?"
"ඇයි මිස්"
"ගොඩක් හවස් වුන නිසා ශාද්‍යට පුලුවන්ද මාව බෝඩිමට දාලා යන්න"
"අපරාදේ මිස්ට යන්න තිබුනේ. යේනුක සර් රුත් ඉන්න නිසා."
"යේනුක අපේ හවුස් එකේ නෙමේනේ ශාද්‍ය. ඉතිං අපේ හවුස් එකේ ළමයි වෙනුවෙන් හවුස් එකේ කෙනෙක් ඉන්න ඕනිනේ."
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...