පිහාටු 🪶 04

1.8K 186 13
                                    

උදේ පාන්දරම යේනුක එක්ක හිටපු මට ඉස්කෝලෙට ආවත් මගේ ඔලුව හරි තැනක තියාගෙන වැඩ කරන්න බැරි වුනා. ගොඩක් වෙලාවට ග්රවුන්ඩ් එකේ යේනුක එක්ක ගෙවුන ඒ මොහොතවල් වලට ආයෙ ආයෙම මනසින් ගියපු මම අන්තිමට තියෙන සබ්ජෙක්ට් එක වුන ජ'මන් පටන් ගන්නකන්ම මනෝ ගහන එක හැර වෙන දෙයක් කරේම නැති තරම් වුනා.

"පංතියට එන්නෙත් ඉස්කෝලෙ පටන් අරන් පීරියඩ් එකෙන් බාගක් ගියාම නැත්තන් පළවෙනි පීරියඩ් එක ඉවර වුනාම. ඒ ඇවිල්ලත් කරන්නේ කොහේ හරි ලෝකෙක අතරමං වෙලා  ඉන්නෙක. ඇත්තටම ශාද්‍ය ඔයා මේ කරන වැඩේ තේරුම මොකක්ද?"

ඉන්ටවල් එකට කලින් තිබුණ ඉංග්රීසී සාහිත්‍ය පිරීයඩ් එකේ ඉශාරා මිස් කිසි හිතක් පපුවක් නැති ගානට මට බනින්න ගත්තා. එයා මම ප්රැක්ටිස් යන එකට එක හෙලා විරුද්ධයි කියන එක එයා මට බනින හැම දවසකම මට තේරුනා. ගෙවුන පීරියඩ් පහ ඇතුලෙදිම මට පංතියෙන් එළියට යන්න ඕනි වුනත් ඒ දේ කරන්න බැරි වුනා. එකක් ඉවර වෙද්දි අනිත් සබ්ජෙක්ට් එකට ඉන්න සර් හරි මිස් හරි ආවේ මට ආයෙම යේනුක දකින්න ඕන කියන හැගීම තවත් හදවතේ වැඩී කරලා. ඒ ගෙවුන හැම පිරියඩ් එකකම මම ඉගෙන ගන්නෙක පැත්තකට දාලා කල්පනා ලෝකෙට වෙලා හිටියා.

"මොන ලෝකෙද බං උබ ඉන්නේ. මේ දවස් ටිකේම උබ හෙන අමුතුයි. මම ඉස්සරලත් බලාගෙන එක පාරටම උබේ මූනට හේන වලත්ත හිනාවක් එනවා. කියපං උබ මොනවා ගැනද ⁣මනෝ ගහන්නේ..."

"සිරාවටම කියන්නද?"

"කියපං ඉතිං. අපි තුන්දෙනාම එකට මනොපාර ගහමු. හරිය⁣ට...."

"මොකක්ද හරියට කියන්නේ උබ"

"ඉශාරා මිස්ගේ කිරි පාට ඇග ගැන ගහනවා වගේ....... "

"අනේ පලයං යකෝ යන්න. මේක එහෙම උබල එක්ක එකට ගහන්න පුලුවන් එකක් නෙමේ. මේක මම තනියම ගහන්න ඕන මගේ ආත්මාර්තකාමි මනෝ පාරක්. "

"හාහා කමක් නෑ කියපංකෝ ඊට පස්සේ අපි බලමු අපිට ගහන්න පුලුවන්ද කියලා..."

"මම මේක කිව්වා කියලා උබලා මාව ආතල් එකට ගන්න
බෑ. මට හිනා වෙන්නත් බෑ හරී..."

"කියපං කියපං ඉතිං. ගෑනියක් වගේ කියවන්නැතුව.."

"මම කෙනෙක්ට ආදරේ කරනවා."

පිහාටු 🪶 ☑️Where stories live. Discover now