පිහාටු 🪶58 අවසාන පරිච්ඡේදය

2.6K 135 120
                                    

"හෙලෝ......"

"ශාද්‍ය......."

"කොහොමද බං....."

"යකෝ කොහොමද කියලා අහන්නේ මොන ලෝකෙද උබ හිටියේ උබව හෙව්ව නැති තැනක් නෑ යකෝ බලපන් පහුගිය අවුරුදු එක හමාර පුරාම උබ අපිට දුන්න ගින්දරක්......"

"එක්සෑම් එක කොහොමද බං. රිසාල්ට් ආවා නේද?"

"උබ දැන් තකහනියක් ගත්තේ ඒ කෙහෙල්මල් විභාගේ
ගැන අහන්නද?"

"ඔව් අම්මගේ හීනේ ඉශ්ට කරන්න මට බැරි වුනාට උබලා දෙන්නා ගැන හිතලා ඒ ගැන අහලා සතුටු වෙන්න මම කෝල් කරේ"

"උබට වෙන මොකුත්ම කියන්න නැද්ද අපිට?"

"මම වෙන මොනවද කියන්න ඕනි....."

"ඉන්නේ කොහෙද කියපං..... මම එන්නම් උබව බලන්න....."

"එහෙම ඕනි නෑ බං."

"ඕනි නැති මගුලක් නෙමේ කියපං උබ ඉන්නේ කොහෙද කියලා? මට ඇවිත් යන්න.  "

"හරි එහෙනම් උබ වරෙන් මලිදුවා එක්ක.... අද හවසට රජපීල්ල පාර්ක් එකට.. පාර්ක් එකේ තියෙන ලොකු මැයි මාර ගහ යටට... එතන තියෙනවා සිමෙන්ති බංකුවක් එතන හිටපන්.... මම එන්නම්"

"ඒ කියන්නේ උබ එනවා නේද?"

"ඔව් බං මම එනවා......"

"වරෙන් උබ වෙනුවෙන් මායි මලිදුයි එහෙනම් එතන බලන් ඉන්නවා... ඔක්කොට කලින් කියපං දැන් උබට කොහොමද?"

"මම හොදින් බං.... හිටියට වඩා ගොඩක් හොදින්......"

"ඒ කියන්නේ ආයෙම අපේ පරණ ශාද්‍ය ඉන්නවද? අපි එක්ක වල බැහැපු ශාද්‍ය ඉන්නවද? පිස්සුවෙන් වගේ ඇත්ලටික් කරපු එකා ආයෙම ඉන්නවා නේද? දකින දකින කෙල්ලට ආතල් දුන්න එකා ආයෙම ඉන්නවා නේද? කියපන් මට උබ ආයෙම ඉන්නවා නේද?"

මම එහෙමම කෝල් එක කට් ක⁣රා.... ඇත්තටම ඒ පරණ ශාද්‍ය දැන් ඉන්නවද?

.
.
.
.
.
.
.
.
.
.
.

කිව්ව විදියටම මම රජපීල්ල උද්‍යානෙට යන්න ගෙදරින් පිටත් වුනා. 

"ශාද්‍ය....... බං...."

මගදි ආව මලිදුගේ මැසේජ් එක නිසාම මම බස් එකෙන් බැහැලා උද්‍යානේ පැත්තට යනවා  වෙනුවට වෙලගෙදර ස්ටේඩියම් එක පැත්තට යන්න හැරුනා....

පිහාටු 🪶 ☑️Where stories live. Discover now