පීච් සුවද.....
මම හිටියේ චේන්ජින් රෑම් එකේ. හුරුපුරුදු පීච් සුවද
නාස්පුඩු අක්රමනය කරද්දි මම වට පිට බැලුවා. ඒත් කවුරුත්ම නෑ. මනස්ගාත. මගේ හිත ඇතුලේ යේනුකව හොල්මන් කරනවා. ඒකයි මේ හැමදේම. මගේ හිතට මම තරවටු කරා. ශර්ට් එක බැනියම ගලවලා මම මූන හෝදන්න ටැප් එක ලගට ආවා. රත් වෙලා තිබුණ මූණට සීතල වතුර එක දිගට දාන් යද්දි මට ආයෙම ඒ වතුර මැදින් පීච් සුවද දැනෙන්න ගත්තා. ඒක හරි හිත නිවිලා යන සුවදක්. මොන මානසිකත්වෙක හිටියත් ඒ සුවද මාව නිවලා දැම්මා. ලග ලගම දැනුන ඒ සුවදත් එක්ක මම ඇස් ඇරියා. මගේ කම්මුල් රත් වෙලා ගියා. ආයෙම මගේ ඇගේ ලේ දුවනවා කියලා මට දැනෙන්න ගත්තා. ඒත් මගේ හදවත නතර වෙලා තිබුනා. අඩිය උස්සලා හැරෙන්නවත් බැරි තරමට මගේ ඇග පන නැති වුනා. මම සතියක මග බැලිල්ල අහවර කරා. පහුගිය දවස් ටිකේම නොදැකපු ඒ මගේ හදවත නතර කරන රූපේ කන්නාඩිය ඉස්සරහා හිටගෙන හිටියා. එයා ඇවිත් මාව සින්ක් එකට තද වෙන්න පිටිපස්සෙන් වැලද ගත්තා. අඩ නිරුවත් මගේ කොන්ද ඒ පලල් පපුවට තද වුනා. හදවතෙන් පුපුරලා එලියට පනින්න දගලන ආදරේ එක්ක මම මගේ ආදරවන්තයාගේ උරහිස උඩින් මගේ ඔලුව තියලා සතියක් පුරාවට හදවතට වගේම ඔලුවටත් බරක් වෙලා තිබ්බ එයාගේ අහිමි වීමේ බර නිදහස් කරා. මේ මට සතියක කාලයක් පුරාවට මගහැරුණ සැනසීම.... මම හරිලා ඒ පපුව ඇතුලේ මගේ මූන හංග ගත්තා. කිසිම කලබලයක් නැති ගානට ගැහෙන ඒ හදවතේ ගැස්මට සවන් දුන්නා. අපේ හදවත් දෙක තාල දෙකකට ගැහුනා. එයාගේ එක සාමාන්‍ය තාලෙකට නිදහසේ ගැහෙද්දි මගේ හදවත රේස් දුවන්න පටන් ගත්තා. යේනුකගේ දිග ඇගිලි මගේ කොන්ද පුරා එහේ මෙහේ රටා මැව්වා. ආදරණිම විදියට ඒ ඇගිලි දාඩියට තෙත් වුන මගේ කොන්ඩේ ඇතුලේ හැංගිමුත්තන් කරා. මේ තරම් ආදරයක් තියාගෙන සතියක් පුරාවට නොදැක කතා නොකර කොහොමද එයා හිටියේ. මට හිතාගන්නවත් බැරි වුනා."මොන ලෝකෙද හිටියේ........ මම බය වුනා. දන්නවද මේ දවස් ගෙවුනේ කොහොමද කියලා. එක පාරකට හරි මාව බලන්න එන්න තිබුණා නේද.... ඇයි මෙහෙම රිද්දන වැඩම කරන්නේ? සතියක් වුනා ඒ කෙන් පස්සේ ඔයා ඉස්කෝලෙට ඇවිල්ලා නැතුව. කිසිම විස්තරයක් දන්නැතුව අහන්න කෙනෙක් නැතුව මම කොච්චර කලබල වුනාද දන්නවද?"
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Roman d'amour"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...