පිහාටු 🪶56

936 66 14
                                    

Still flashback

"ගුඩ් මෝනිං ශාද්‍ය...."

"ගුඩ් මෝර්නිං ඩොක්ටර්....."

"වාඩි වෙන්න ශාද්‍ය...."

"තැන්කිව් ඩොක්ටර්......"

"කොහොමද ශාද්‍ය ඉතිං....."

"දැන්නම් ගොඩක් දුරට හොදයි ඩොක්ටර්.... ඔලුව රිදෙන ගතිය ටිකක් තියෙනවා මම හිතන්නේ ඒකත් ටික දවසකින් අඩු වෙලා යයි....."

"හොදයිනේ ..... ඊයේ රෑ හොදට නින්ද ගියාද?"
"ඔව් ඩොක්ටර්....."

"හීන පෙනුනද?"
"ඩොක්ටර්......"

"ශාද්‍ය...හැබැයි ඊයෙත් හීනෙන් අඩලා තියෙනවා ඔයා......"

"වුන දෙවල් එක්ක නින්දෙදිත් ඇඩෙන එක පුදුමයක් නෙමේ ඩොක්ටර්. ඇත්තටම ඔයාලා කියද්දි මම හීනෙන් අඩනවා කියලා මම පුදුම වෙන්නේ නෑ. ඇහැරන් ඉද්දි පිට කරන්න බැරි ඒ වේදනාවේ සමහර තැන් හිනෙදි මගේ හදවත පිට කරනවා ඇති....."

" ශාද්‍යට හොස්පිට්ල් එකට එන්න කලින් වුන දෙවල් මතකද? එදා සිකුරාදා උදේ...... වුන දෙවල්?"

"මතකයි......."

"ඇයි ශාද්‍ය ඒ ගැන සිහිය ආවට පස්සේ ඔයාගේ යාලුවෙක් එක්කවත් ආයේ කතා කරේ නැත්තේ.....?"

"මට ඒ දේ එදා වගේම මේ මොහොතෙදිවත් පිලිගන්න බෑ ඩොක්ටර්.... මට ඒ දේ විශ්වාස කරන්න බෑ.. ඒ දේ එදා ඇහුවත් එක්කම මට මතක මගේ වටපිටාව අදුරු වුනා කියලා විතරයි. ආයේ මම ඇහැරෙද්දි මම හිටියේ හොස්පිට්ල් එකේ... ඒත් මට හොස්පිට්ල් එක ඇතුලෙදි මුල් දවස් දෙක තුනේදි වුන දෙවල්  හරියට මතක නෑ ඩොක්ටර්. අකිල කිව්ව දෙවල් මතකයි ඒත් ඇත්තටම මොනවද වුනේ කියන්න මට මතක නෑ.... මම මතක් කරන්න හැදුවත් මගේ ඔලුව රිදෙනවා ඩොක්ටර් මට වේදනාවක් දැනෙනවා..... අනික මට විශ්වාස කරන්න බැරි ඒ දේ ගැන කතා කරා කියලා තේරුමක් තියෙනවද ඩොක්ටර්"

"මේ මගේ රූම් එක.. ශාද්‍යට සැපපහසු විදියට මෙතන ඉන්න පුලුවන් වගේම ශාද්‍යට මාත් එක්ක ඕනිම දෙයක් අයි මීන් එනිතින් මට කියන්න පුලුවන්.. මම අද ආවේ ශාද්‍යව අහන් ඉන්න... මෙතන වටපිටාවට මොකුත්ම ඇහෙන්නෙත් නෑ වගේම ශාද්‍යගේ කතා හැමදෙයක්ම මෙතනදි ආරක්ශිතයි. මම ලගදි ආරක්ශිතයි... ඒ නිසා බය වෙන්නැතුව ශාද්‍ය ගැන මට කියන්න.... ඒ හැමදේටම කලින් මම ශාද්‍යට කියන්නම්කෝ ශාද්‍යට මතක නැති ටික..... ශාද්‍යට ඉස්කෝලෙදි යාලුවෝ එක්ක වුන කතා බහකට පස්සේ ඇති වුන කම්පනයක් නිසා සිහිය නැති වුනා. ඒ  අය සිහිය ගන්න උත්සහ කරත් සිහිය ආවේ නැති නිසා තමයි ශාද්‍ය හොස්පිට්ල් ආවේ.. එතනින් පස්සේ ඒ සිදුවීම නිසා ශාද්‍යට සිහිය ආවත් ශාද්‍යගේ මනස හරි ෆෝකස් එක්ක නැති වුනා. ඒ නිසයි ඔයා නිදාගෙන ඇහැරෙන හැම වෙලවකම කෑ ගහන්න ගත්තේ......"

පිහාටු 🪶 ☑️Where stories live. Discover now