ඉතිං යේනුක මම ඇත්තටම දන්නේ නෑ ඔයා මට තාමත් ආදරෙයිද කියලා. ඇත්තටම කවමදාකවත් වචනෙන්වත් ආදරෙයි නොකිව්ව ඔයා මට ආදරේයිද මට ලං වුනේ ආදරේටද කියන එකත් මට දැන් සැකයි. සතුට හොයපු ජීවිතේ වේදනාවෙන්ම ගතවෙද්දි හිත සනසපු ඔයාගේ රූපෙත් දැන් දකින වාරයක් පාසා මාව පාරවනවා. ආදරේ නාමෙන් මේ තරම් ලොකු දඩුවමක් දෙන්න මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද කියලා මම අදටත් හොයනවා. ගෙවිලා ගියපු එක දවසකවත් ඔයා ආදරෙන් කතා කරපු ආදරෙන් බලපු ආදරෙන් මගේ ලගට ආව දවසක් මට මතකවත් නෑති තරම්. එක මතක් කරොත් ඒ මතකේ සෑහෙන දුරකට යනවා. ඒ නිසාම මම මතක් කරන්න බයයි. මොකද එච්චර ලොකු කාලෙකට මට ඔයාව මගෑරුනා කියන දේ හිතන්න මට බෑ. අන්තිමට ඔයා මට ලං වුන දවසේ මට ගැලවෙන්න බැරි තරමටම මාව ඔයාට ඔයා ලං කර ගත්තා. ඒ හැගීම මතකෙට එන ගානට ඒක නතර කරගන්න විදියක්වත් මම දැන් දන්නේ නැති තරම්. ආදරෙන් ලං වෙලා ගෙවුන පැය තුන හතරක මතකේ මාව ජීවත් කරවනවා මිසක මට වෙන ජීවත් වෙන්නවත් දැන් බලාපොරොත්තුවක් නෑ යේනුක. ඒ තරමටම මගේ හදවත රිදිලා අවසානයි. පේන මානෙක දුරක ඉදන් ආදරෙයි නොකියා ආදරේ පෙන්නපු ඔයා ඔහොම ඉන්නෙක මම කොහොමද දරා ගන්නේ. මේ වේදනාවන් කොච්චර වුනත් මගේ හදවතේ තාම කෙලවරක බලාපොරොත්තුක් තියෙනවා ඔයා බලයි ආයෙම මගේ ලගට ආදරෙන් එයි කියාලා. ඉතිං සුන්දර මතක වගේම ඒ අහින්සක බලාපොරොත්තුව මාව ජීවත් කරවනවා. ඇත්ත මම උදේම නැගිටලා ග්රවුන්ඩ් එකට එන්නේ ඔයාගේ ඒ හිස් හැගීමෙන් හරි බලන බැල්ම වෙනුවෙන් මම ඉස්කොලෙට එන්නේ ඔයා ලග නැතත් වට පිටේ කොතනක හරි ඔයා ඉන්නවනේ අපි එකම වා තලයක එකට හුස්ම ගන්නවනේ කියන බොලද බලාපොරොත්තුවෙන්. දන්නවද වැඩක් කවදාවත් නැතුව මම හදට ආදරේ කරන්න පටන් අරන්. හද පායපු අහස දිහා මම ඔහේ බලන් ඉන්නවා. තරු ඔක්කොම පැත්තකට කරලා එකම එක තරුවක් එක්ක හද අහසේ තනි වෙලා ඉන්නවා මම ආසාවෙන් බලන් ඉන්නවා. ඔයාගේ වෙනස්කම් වෙලා මාස දෙකක් ගෙවුනා. ඒ මාස දෙකම මම පුරපසලොස්වක දවසටත් ඊට කලින් දවසටත් වෙලාවක් ගැන නොහිතම හද දිහා බලන් ඉන්නවා.මගේ කතාව හදට කියනවා. මම ආසයි ඒ හද අනිත් තරු ඔක්කොම ඈත් කරලා එයාට ලගම තරුව එයා ලගින් තියන් ඉන්න විදියට. ඇත්තටම ඒ දෙන්නා ආදරේ කරනවා ඇති. ආදරෙන් කතා කරනවා ඇති. මට හිතෙන්නෙම එහෙම. ඉතිං මේ මාස දෙකම හදයි තරුවයි දිහා බලපු මට මොකක්ද දන්නවද අන්තිමට හිතුනේ.. මාත් හරියට ඒ තරුව වගේ කියල. මොකද ඒ දෙන්නට එකට ඒ දෙන්නා ගැන කතා කරන්න පුලුවන් පුර පසලොස්වක දවසට විතරමයි. අනිත් හැම දවසකම අර අනිත් තරු හද වටකරගෙන ඉන්නවා. එහෙම නැත්තන් තරු පායන්න කලියෙන්ම හද අහසින්
බැහැලා යනවා. ඉතිං මට එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ නේද? ඉදලාම එන දවසක ඔයා මාත් එක්ක කතා කරනවා අනිත් හැම දවසකම ඔයා මගෙන් ඈතට යනවා. හැබැයි හැම මාසෙකම හද තරුව බලන්න ආවා ඒ තරුවට පුරපසොලොස්සවක දවසක් උදා කරා. ඒත් මට මාස දෙකක් තිස්සේ ඉදන් හැමදාම අමාවක. ඔව් යේනුක කොච්චර පිරිසක් වට කරගෙන හිටියත් මට දැනෙන්නේ මම තින වෙලා කියලා. මට හරි ලොකු පාලුවක් දැනෙනවා යේනුක. මනුස්සයෙක්ට මෙහෙම දැනෙන්න හොද නෑ. ඒක දරාගන්න අමාරුයි. උඩින් හිනා වෙලා හදවතින් කෑ ගහලා අඩන්න ඒක කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඇරත් කිසිම කෙනෙක්ට හදවතේ අසම්මතයක් නිසා වේදනාවක් ඇති වුනා කියලා කියා ගන්න බැරි වෙන එක ඒ තරම් අසරණ කමක් කාටවක් දැනෙන්න හොදනෑ යේනුක.මගේ වෙනසක්ම් මගේ දකුණු අතයි වම් අතයි වගේ ඉන්න මලිදුටයි අකිලටයි නොතේරුණා නෙමේ. ඒක් මොකක්දෝ හේතුවක උන් ඒක ගැන ඇහුවේ නෑ. උන් කරේම මාගේ හිත වෙනස් කරන්න වගේ මාවත් එක්කන් එක එක පිස්සු වැඩ කරපු එක. ඒ මොනදේකටවත් මගේ හදවතේ ඇඩිල්ල නතර කරන්න බැරි වුනා යේනුක. ඒක නතර කරන්වනම් කරන්න පුලුවන් එකම එක්කෙනෙක්ට විතරයි. ඒ මගේ ලෝකෙට ආයෙම මගේ හද පායන්න ඕනි යේනුක.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...