පිහාටු 🪶 09

1.6K 150 7
                                    

මට එයා එක්ක තරගයක් තිබුනේ නැ එයාටත් මම එක්ක තරගයක් නෑ. මේ තරම් හැගීම් ගොඩකින් මම හිත පුරවන් ඉන්නවා කියන්න එයා දන්නෙවත් නැතුව ඇති. ඉතිං මෙතනදි අපි දෙන්නා තරග කරන්න ඕනි වෙන වෙනම... ඒත් අපි කවදම හරි දවසක එකට තරග කරාද ? අඩුම කො⁣ල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වුනාම කියන විදියට

"මම ඔයාට වඩා ආදරේයි"

"නෑ ඔයා කොහොමද එහෙම කියන්නේ ඔයාට වඩා මම ආදරෙයි"

වගේ බොලද විදියට ආදරේ වෙනුවෙන් රණ්ඩු කරාද? අපි ආදරේ කරනවද? අපි අතරේ තියෙන්නේ මොකක්ද? අපි අතර මොකුත්ම නැ මගේ හිතෙයි තියෙන්නේ මගේ ලගයි තියෙන්නේ.

එයා වෙන අයට චියර් කරන විදිය වෙන අය එක්ක ඉන්න විදිය හැමදේම මට බලන් ඉන්න වෙනවා මට හිනා වෙන්නැති ඒ තොල් වෙන කෙනෙක්ට හිනා වෙනවා මට බලන් ඉන්න වෙනවා මම දිහා බලන්නැති ඒ ඇස් වෙන අය දිහා බලන විදිය මට බලන් ඉන්න වෙනවා මට චියර් කරන්නැති එයා වෙන අයට චියර් කරනවා මට බලන්න වෙනවා ඉතිං මේ මාස ගානට මට එයා වෙන අය වෙනුවෙන් ඉන්නවා බලන්න වෙනවා. මම මගේ හිතත් එක්ක තර්ක කර කර මගේ හිතට මම විසින්ම වලංගු දාන ගමන් පංතියට ආවා.

"උබ මොනවද කල්පනා කරන්නේ?"

"අහ් මොකුත් නෑ ඇයි.....?"

"නැ උබ මාත් එක්ක කතා කරන එකත් නතර කරලා මනෝලෝකෙක ඉදන්නේ ආවේ පංතියට එනකන්ම"

"මොකුත් නෑ බං."

"එහෙනම් කමක් නෑ ඒ වුනාට උබ අර කෙල්ල ගැන හිතන්න පටන් ගත්ත ද⁣වසේ ඉදන් උබ සෑහෙන ලොකුවට කල්පනා කරනවා ඈ උබට ඇත්තටම ඒ කෙල්ල ඕනි නම් කියපං කවුද කියලා අපි ට්‍රයි එකක් දිලා බලමු"

"මම වගේ එකෙක්ට එයා කැමති වෙන්නැ බං..."

"යකෝ උබට අකමැති වෙන්න තියෙන හේතුව මොක්කද කියපං... "

"එයාට හේතුවක් ඇති බං . මම හේතුවක් නැතුවම එයාට ආදරේ කරද්දි එයාට හේතුවක් ඇති මට ආදරේ නොකර ඉන්න. විතරක් නෙමේ තත්පරේකටවත් මම දිහා නොබලන්නම.."

"මොකක් ඒ කියන්නේ උබ ඇහුවද ඒකි බෑ කිව්වාද? දැන් ප්රැක්ටිස් ගියාම ඒකි බලන්නෙවත් නැද්ද බං. මොකීද යකෝ උබට බැ කිව්ව එකී?"

පිහාටු 🪶 ☑️Where stories live. Discover now