පිහාටු 🪶44

849 73 7
                                    

Shadya pov

දකින වාරයක් ගානට සතුටක් ගෙනාව, හිත මහා ලොකු ආදරේකින් පුරවපු යේනුකව දැන් දකින මොහොතක් පසා මගේ හිතට වේදනාවක් දැනෙන්න ගත්තා. කිසිම වැඩක් හරියට වෙන්නේ නෑ වගේ හැගීමක් දැනෙන්න ගත්තා.  ඈත් වෙන්න හදපු වෙලාවේ ඈත් වෙලා යන්න දුන්නනම් මේ මොකුත්ම නෑනේ කියන චෝදනාත්මක සිතුවිල්ලෙන් මගේ හදවත පිරෙන්න ගත්තා. ඔව් මම විදවනවා... ජීවිතේ පලවෙනි වතාවට ආදරේ කියලා හදවතට දැනුන මහා ලොකු හැගීම් ගොන්න නිසා මම විදවනවා. ලං වෙන්නත් බැරි ඈත් කරන්නත් බැරි තැනක හිරවෙලා මම විදිවනවා. යේනුක මාව අගන්තුක විදියටම පැත්තකට කරලා එයාගේ පුරුදු හැසීරීමෙන්ම මේ දවස් ඔක්කොම ගෙව්වා. වෙනදට බනින්න හරි ග්රවුන්ඩ් එකේදි මට කෑ ගහන යේනුක මම ප්රැක්ටිස් කරත් එකයි නැතත් එකයි කියන තැනට දාලා මාව ගනන් නොගෙන හිටියා. වේදනාව වැඩිම වෙලාවට ගල් පඩියක් උඩ ඉදගෙන අනිත් ළමයින්ව ප්රැක්ටිස් කරවන ඒ නපුරු පිරිමි ආත්මේ  දිහා මම බලන් හිටියා. ඒ තුරුලේ සැනසේද්දි කොච්චරනම් සැනසීමක් තිබුණද? ඒ ඇස් වල කවුරුත් නැති තැනදි මොන තරම් ලොකු ආදරයක් පිරිලා තිබුණද? මේ හැමදේම දැන් සති දෙකක විතර කාලෙක ඉදන් මට ආයෙමත් අහිමි වෙලා. තද නින්දකට වැටුන වෙලාවක දැකපු හීනයක් වගේ ආදරණියම දවස් දෙක හදවතින් අයින් කර ගන්න බැරුව හිර වෙලා තිබුණා. මට ඒ හීනයක් විතරක්ම වුන මතකේ  ඇතුලට යන්න ඕනි ඒ දැනුන හැගීම ආයෙම විදගන්න ඕනි. ඒ දවස් දෙකට දැනුන හැගීමේ සුන්දරත්වේ මොනයම්ම හෝ හේතුවකින් නැති වුනොත් ආයේ කවදානම් ඒ හැගීම විදගන්නද කියන මොකක්දෝ යන්නත් බැරි එන්නත් බැරි අතරමැදි මතකෙක මම හිර වෙලා හිටියා. දකින වාරයක් ගානේ නතර වුන හදවත යේනුකගේ සුවද දෙනෙද්දි යේනුකව ඇස් මානෙට හම්බවෙද්දි රිදුම් දෙන්න වුනා. ලගට ගිහින් තුරුල් කර ගන්න කියලා හදවත කෑ ගහන්න වුනා. කොහොම තුරුල් කරගන්නද? කොහොම ලගට යන්නද? එහෙම යන්න හදවත ඉල්ලපු හැම වෙලවකම

"ශාද්‍ය එපා"

කියන අනතුරු ඇගවීම ඒ ඇස් වල ලියවිලා තිබුණා. මගේ පුරුදු හැසීරීම පුරුදු ජීවිතේ මේ මාස දහයකට ආසන්න කාලෙදි යේනුක මට නැතිම කරලා දාලා තිබුණා. සෙල්ලක්කාරකම පෑල දොරින්ම පැනලා ගිහින් තිබුනේ මේ හදවත යේනුකට ආදරේ කරන්න පටන් ගත්ත දවසේමයි. ඒ මාස දහයකට ආසන්න කාලේ ඇතුලතදි යේනුක වෙනුවෙන්ම ගැහුනු හදවත ගැහැණු ශරිරයක් දකින්නවත් අකමැති හැගීම් හීන ගුහාවක් වෙලා තිබුණා. හදවතට විතරක් නෙමේ ශරීරෙටම පණ ගැහෙන්න ඕනි එකම හැගීම යේනුක විතරක්ම වෙද්දි මම දුර්වල වුනා. යාලුවෝ එක්ක ගැ⁣වසෙන්න කාලේ යොදන්න අකමැතිම වුනා. සෙනසුරාදට පංති යන එක සීමා වුනා. ටුවන් එකේ ගැවසෙන එක රස්තියාදු ගහන එක මේ හැමදේම මම නතර කරා. හම්බෙන පොඩි වෙලාවෙදිත් ඇද හොයාගෙන ගෙදර දුවන්න පුරුදු වුන මම භෞතිකව ලගට වෙලා හැගීම් හුවමාරු කර ගන්න බැරි වෙද්දි මානසිකව යේනුකව විදින්න ඇබ්බැහි වුනා. ලගට වෙලා කතා කරන තුරුල් වෙලා හදවත් ගැහෙන තාලේ විදින තොල් ස්පර්ශයකින් හැගීම් ගොන්නක් අවුස්සන මතක එක්ක මම ඇදේ ඉදන් ලස්සන මනෝ ලෝකෙක සැරිසරන්න පුරුදු වෙලා හිටියා. ඒ ලෝකේ ඇතුලේ හිටපු යේනුක ලස්සනට හිනා වුනා ආදරණියම වචන විතරක් කතා කරා හරි සැහැල්ලුවෙන් අපි ආදරේ කරා... දුන්න හාදුවකින් මගේ ඇගම නිවලා දැම්මා... ඉතිං භෞතිකව දකින වේදනාත්මක මොහොතවල් වලට වඩා මම මානසිකව දකින සුන්දුරම මොහොතවල් විදින්න ඇබ්බැහි වුනා. ⁣භෞතික ලෝකෙදි කලාතුරකින් යේනුක මම දිහා බලලා  ඇස් පියලා තොල් අතර රදවන ලා හි⁣නාවෙදි

පිහාටු 🪶 ☑️Where stories live. Discover now