Yenuka POV
ඔය ඇස් වේදනාවෙන් පුරව ගන්න එපා කියලා මම කියලා තියෙනවා නේද ශාද්‍ය. මම කොහොමද මාව පාලනේ කරගන්නේ ඔයා වේදනාවෙන් ඉද්දි. ඔයාගේ හදවත මගේ ආදරේ අයදින තැනට දාන්න මට බෑ ශාද්‍ය. මට මාව පාලනේ කරගන්න ඕනි. ඒත් ඔය ඇස් ඉස්නරහා මට පාලනයක් නෑ ශාද්‍ය. ඔය චවන ඉස්සරහා මට පාලනයක් නෑ. මම ආදරෙයි. මෙච්චරයි කියන්න බැරි තරම් ආදරෙයි. ඇයි මට බැරි ඒ දේ ඔයාගෙන් හංගලා තියා ගන්න ඇයි මට බැරි ඒ දේ පාලනේ කරගන්න. ඔයාගේ හිත රිදෙන වචන කියන ගානට මගේ හදවතර තියුනු කට්ටක් අනිනවා වගේ ශාද්‍ය. ඇත්තටම ඔයා කියන විදියට අපිට ආදරේ කරන්න පුලුවන්ද ශාද්‍ය. මේ රටේ ඒක එහෙම කරන්න බෑ . ඕනිම කෙනෙක් වෙනුවෙන් ඕනිම වෙලාවක ආදරයක් දැනෙන එක සාමාන්‍යයි ශාද්‍ය. ඒ දැනෙන ආදරේට ගැහැනු පිරිමි වයස බේදයක් නෑ. ඒත් කොහොමද මේ වගේ සමාජේ පිලිගන්නැති ආදරයක් පටන් අරන් ඔයා මම සමාජෙට මූණ දෙන්නේ. අපේ ගෙවල් වලින් කොහොමද ශාද්‍ය අපිව පිලිගන්නේ ඒ අය සමාජෙට මූණ දෙන්නේ කොහොමද ඒ අය කොහොම මේක තේරුම් ගනීද ශාද්‍ය. අපිට බෑ ඒ අය විරුද්ද වෙනවා කියල දැන දැන සම්බන්ධයක් පටන් ගන්න. අපිට බෑ. කවදාවත් එක් වීමක් නැති සම්බන්ධයක් පටන් ගන්න අපිට බෑ ශාද්‍ය. මට බෑ ඒ අසම්මත වරදට ඔයාට ඇරයුම් කරන්න. ඔයා මටත් මම ඔයාටත් ආදරේ කරන එක ඇත්ත ඒත් මට බෑ ඒ වරදට ඔයාව ඇදලා දාන්න ශාද්‍ය. මට සමාවෙන්න..... මම හිතුවේ නෑ මට දැනුන දේ ඔයාටත් ඒ විදියටම දැනෙයි කියලා. දෙන්නටම මෙහෙම දැනිලා දෙපැත්තකට වෙලා දෙන්නම ඉන්නෙක වේදනාවක් තමයි . ඒත් කොහොමද අපි අපේ වෙන්නේ. කොහොමද අපි ආදරේ කරන්නේ. මිනිස්සු අපි දිහා ැමුතු විදියට බලයි. මම ඒකට කැමති නෑ ශාද්‍ය. ඔයා පිරිමියෙක්ට කැමති කෙනෙක් නෙමේ. මම ඒක හොදටම දන්නවා. ඒත් ඔයා මට කැමතී. මට හිතා ගන්න බෑ ශාද්‍ය කොහොමද මෙහෙම වඅනේ කියලා. මේ දේ ඔයාට නොදැනෙන්නයි තිබ්බේ. එහෙනම්පමේ වේදනාවපමට විතරයි. මට පුලුවන් මේ දේ පාලනේ කරගන්න. ඒත් මේ ආදරේ නිසා ඔයා විදවනවා කියලා දැනෙද්දි මට පාලනයක් නෑ ශාද්‍ය. මේ ආදරේට ඔයාට රිද්දන්න දෙන්න බෑ.
ඒ ඇස් දිහා බලන් තව දුරටත් මාව පාලනේ කරගෙන ඉන්න බැරිම තැන මම ඒ කම්මුල සිප ගත්තා. දිවට තොල් වලට බාගෙට ශේව් කරපු ඒ රැවුල් කොට ඇනෙද්දි දැනෙන ෆීලින් එක මම විද ගත්තා. එදා පාර්ක් එකේදි හිතු මනාපෙට ඒ තොල් කම්මුල් සිප ගන්න අවස්තාව තිබ්බත් මම පාලනේ වුනේ ඒ තරම් මම එයාට ලන් වුනා කියන වැරැද්ද කරන්න බැරි නිසා. ඒත් අද මම වෙනුවෙන් මම කරපු දෙවල් නිසා වේදනාවෙන් පිරිලා තියෙන ඒ ඇස් මට තවදුරටත් රවට්ටන්න බැරි වුනා මම එයාට ආදරේ නෑ කියලා. ඉතිං මම ඒ කම්මුලට පලවෙනි වතාවට ආදරනිය හාදුවක් තිබ්බා. ශාද්‍ය තවමත් මම එයාව කිස් කරපු ඒ ජනේලේ ලග හිටගෙන හිටියා. එයාට මේ තැන එදා ඉදන්ම ආදරණිය තැනක් වුනා. එයා වචනෙන් නොකිව්වත් මම ලග ඉදන් වගේම දුර ඉදගෙනත් කියවපු ඒ ඇස් වල ඒ දේ ලියවිලා තිබුනා. මම එයාගේ පංතිය ලග එලියේ තියෙන ඩෙස්ක් එක ලග වාඩි වෙලා ඈත ඉදන් මට පිටුපාලා ඉන්න එයා දිහා බලාගෙන හිටියා. ඒ හිතේ මොනවා ඇතිද මේ වෙලාවේ. මට ඉන්න තිබුනා එයාගේ රියැක්ශන් එක බලන්න. ඒත් මම තවත් එතන හිටයනම් මට තවදුරටත් ඒ ඇස් දිහා බලන් මාව පාලනේ කරගනන බැරි වෙනවා. මම ශාද්‍ය දිහා බලාගෙන අපි අතර වුන ආදරණිය මොහොතවල් ආවර්ජනේ කරා.
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...