පිහාටු 🪶32

1.1K 92 11
                                    

Shadya Pov

අපි දැන් පෙම්වතුන්. අසම්මතේ රස රහසින් විදින පෙම්වතුන්. මම දැන් පෙම්වතෙක්. බලාහිදිල්ල ප්රතික්ශේප වීම විදවීම අවසන් කරපු පෙම්වතෙක්. පෙම්වතියක් නැති පෙම්වතෙක්. පෙම්වතෙක්⁣ගේ පෙම්වතෙක්. සමාජේ අපිව කොහොම පිලිගනීද එදා මිලිදු කිව්ව විදියට කොල්ලෝ දෙන්නෙක් එකතු වෙලා මොනව කරන්නද? මට මලිදුගේ ප්රශ්නෙට දැන් දෙන්න ලස්සන උත්තරයක් තියෙනවා.

සමාජේ ගැරහිලි දරාගෙන කොන් කිරීම් දරාගෙන මට මගේ ආදරේ ඉන්නවානේ කියන හැගීම හිතේ තියාගෙන ආදරේ වෙනුවෙන් ඒ ආදරේ අයිති කරගැනීම වෙනුවෙන් සටන් කරන එක. ලෝකෙටම හංගලා ඇස් දෙක දිහා බලලා තොල් වල ලා හිනාවක් රදවලා ආදරේ නොකියා ආදරේ කරන එක. හම්බවෙන තත්පරේදි හරි වචන දෙක තුනක් හුවමාරු කර ගන්නෙක. කවුරුත්ම නැති තැනකදි හැමෝටම හොර රහාසේ සිප ගන්නෙක. ඉතිං කොල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා මොනවා කරන්නද. එකම දෙයයි ඒ අය කරන්නෙත් ආදරේමයි. සීමා මායිමක් ගැන හිතන් නැතිවම ආදරේ විතරමයි.

අවසානෙදි ඒ ආදරේ මගේම වුන එක ඒ තොල් මගේ තොල් ස්පර්ශ කරපු එක ඒ මුහුදක් වගේ ගැඹුරු ඇස් වල අයිතිය මටම විතරක් ලැබුන එක ගැන මගේ හිත ආඩම්බර වෙන්න ගත්තා. සතුටින් කෑ ගහන්න ගත්තා. හැමෝම කතා කරන්න මග බලන ඉස්කෝලෙම කෙල්ලන්ගේ ආදරවන්තයා වුන වගීශාන් යේනුක ද සිල්වා ශාද්‍ය පේරේරා වුන මගේ තනි අයිතිවාසිකමක් කියලා හි⁣තට දැනෙන ඒ හැගීම දරා ගන්න
මට බැරි වුනා. සතුටින් කෑ ගහන්න තරම් මගේ හදවත නොඉවසුම් වුනා.

ළමයි අතරට වෙලා තරග විනිශ්චය කරන ඒ මගේ අයිතිවාසිකම දිහා මම ඈත ඉදන් බලන් හි⁣ටියා. මේ තරම් ආදරයක්  හිතේ හිර කරගෙන ඔයා කොහොම ඉන්න ඇතිද. මාව රිද්දව රිද්දව ඈත් කරන්න හැදුවෙම ඒ ආදරේ දරාගන්න බැරි නිසාද. මගේ පපුවට හිරවැටීමක් දැනෙන්න ගත්තා. ඇගම පන නැති වීමක් එක්ක  මට ආයෙම ඒ තොල් මගේග පපුව ස්පර්ශ කරපු විදිය මතක් වුනා. ඒ තොල් පපුවට තද වෙද්දි ඒ තරම් හැගීම් ගොඩක් මගේ පපුව උඩ එකපාර අතුරද්දි මට එයා මගේ විතරමයි කියලා දැනේද්දි මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පිරිමියා කියලා මට හිතුනා.

පිහාටු 🪶 ☑️Where stories live. Discover now